පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට පත්කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පොලිසියේ උසස් නිළධාරින් කිහිපදෙනෙකු හෙට කැඳවා තිබෙනවා.
කොලඹ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.එච්.මහින්ද කරුණාරත්න, මෝදර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි.සි.ජනක කුමාර, කොටහේන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක එ.එච්.එම්. සිරිසේන අබේසිංහ, වාරියපොල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ලහිරු ප්‍රදීප් උදයංග සහ පරසන්ගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් එ.එල්.නලින් බණ්ඩාර යන නිලධාරින්ටයි මෙලෙස කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ.
පරසන්ගස්වැව පොලිස් ස්ථානයේ සේවක කරන කොස්තාපල්වරයා පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිසියේ සේවය කර ඇති අතර ඒ අනුව ඔහුට මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර, ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පාස්කු දින ප්‍රහාරය සොයා බැලිම සදහා පත්කල ජනාධිපති කොමිසන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා.
පාස්කු ප්‍රහාරයට ලැබුණු බුද්ධි තොරතුරු පැහැදිලි නොවන බවට ඇතැම් වගකිවයුත්තන් පැවසුවද එම තොරතුරු පැහැදිලි බුද්ධි තොරතුරු බවත් ඒ ඔස්සේ ප්‍රහාරය වලක්වා ගැනීමට රජයට හැකියාව තිබු බවත් ඔහු එහිදි ප්‍රකාශ කර තිබුණා.