Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
"මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි මැරිච්ච පූසෙක් වඩාගෙන. ඒකා ජීවත්වෙන එකෙක් නෙමේ.." - ගින්නකට හසුවී පණ පිටින් පිළිස්සෙමින් සිටි බළල් පැටවෙකුට ජීවය දුන්, හිත හොඳ මිනිසුන්ගේ මනුස්සකම - Photos

- "මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි මැරිච්ච පූසෙක් වඩාගෙන. ඒකා ජීවත්වෙන එකෙක් නෙමේ.." - ගින්නකට හසුවී පණ පිටින් පිළිස්සෙමින් සිටි බළල් පැටවෙකුට ජීවය දුන්, හිත හොඳ මිනිසුන්ගේ මනුස්සකම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,653 Views
"අනේ එයා පව්.. මේ කඩේට එන අය තමා කෑම බීම දෙන්නෙ එයා මැරිලද.."
"පූසට සිහිය ආවා. එයාගෙ දකුණු අත අයින් කරා පුලුවන් හැමදේම කරමු.."
"යකෝ අවුරුදු තුනකට උඹේ ඇස් පොට්ට උනාද ඒ පූසා තමා.."
 
මීට වසර ගණනකට පෙර වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පිළිස්සුණු බළල් පැටවෙකුට යළි ජීවය දුන් තරුණයෙකුගේ සටහනක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.
 
එම ගින්නට මැදිව සිටි මෙම බළල් පැටවාගේ දකුණු පාදය අහිමි වී ගියත්, අද වන විටත් එම පැටවා සුවයෙන් පසුවන බවයි එහි සටහන්ව තිබුණේ.
 
එම සංවේදී සටහන හා ඡායාරූප පහතින් බලන්න..

එක් සත්‍යම කතාවකි...........

හරියටම 2016 දෙසැම්බර් 16 එක් වෙලඳ සංකීර්ණයක ගින්නක් ඇතිවෙනවා. හැමෝගෙම ඇස් යොමුවෙන්නෙ හිරවෙලා හිටිය මිනිස්සු බේරාගන්නයි, තුවාලකරුවන් හැකි ඉක්මනින් එතනින් ඉවත් කරන්නයි. හැබැයි හැමෝටම එක්කෙනෙක්ව ඇස නොගෙටෙනවා. ඒ මෙයාවයි. එවෙලෙත් පණපිටින් පිළිස්සෙමින් ඉන්න එයාගේ දකුණු අත සම්පූර්ණයෙන් ම පිච්චී සුදු ඇටකෝට්ට පමණයි එවෙලෙ තියෙන්නෙ. ඒත් තවමත් එයාගෙ පපුව ඇවිලෙනවා. ඇස් යන්තමින් ඇරිලා. අන්තිම පණ ගැහෙනවා.
 
එදෙසට අඩිය තියෙනවත් සමග ගිනි නිවන භටයින්ගෙ උඩින් වැටුන වතුර පහර දෙව්ලොවින් මල් වැටෙනවා සේ එයාට දැනෙන්න ඇත. යන්තමින් ඇස් ගහල ඉඟි කරපු එයාව දෝතට ගන්නවා.අතරින් පතර මේ කටහඬවල් සවනට වැටෙනවා.ගැහැණු කටහඬක්...
 
"අනේ එයා පව්.. එයාට ගෙයක් දොරක් නෑ. මේ කඩේට එන අය තමා කෑම බීම දෙන්නෙ එයා මැරිලද..."
 
(තව කටහඬක්)
 
"මෙච්චර විනාසයක් වෙලා තියෙද්දි මැරිච්ච පූසෙක් වඩාගෙන. ඒකා ජීවත්වෙන එකෙක් නෙමේ. අයිනකට දැමිම නම් ඉවරයිනේ. තුවාල වෙච්ච මිනිස්සු ගැනවත් කැක්කුමක් නැති එකෙක්."
 
කණකට නෑසුනා සේ මම එතනින් පිටත්වී එයාව සත්ව රෝහලට ඇතුලත් කරනවා. විනාඩි 2 ජීවිතේ අවසන් වෙන්න තිබ්බ එයාගෙ ජිවිතේ නැවත අරුණලු උදාවෙනවා.
 
එයාව නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකර මම ඉවත්වී යනවා.
 
පහුවදා උදෑසන 10 ට ඩොක්ටර්ගෙන් කෝල්එකක්. විශ්වාසයත්. අවිශ්වාසයත් අතර කෝල් එක ආන්ස්වර් කරනවා.
 
"මේ මිස්ට පූසාට සිහිය ආවා. එයාව සුවපත් කරන්න පුලුවන් වෙයි කියල අපි හිතනවා. එයාගෙ දකුණු අත අයින් කරා පුලුවන් හැමදේම කරමු."
 
සුබ ආරංචිය ට ඩොක්ටර්ට පිං දී දුරකතනය තියන්න යනවාත් සමගම.
 
"මිස්ට තවදෙයක් අද ගෑණුළමයෙක් ආවා එයාගෙ පූසා නැතිවුනා. නැතිවුන පූසා වෙනුවෙන් මෙයාව බලාගන්න කැමතිලු .එයාට මිස්ට එක්ක කතාකරන්න ඕනලු"
 
"අහන්නත් සන්තෝෂයි ඩොක්ටර්. මටත් එයාව බලාගන්න විදියක් නැතුව හිටියෙ මට දැන් එයා එක්ක කතාකරන්න වෙලාවක් නෑ මම දැන් වැඩක එයාට පූසාව දෙන්න ඩොක්ටර්. "
 
එතනින් පස්සෙ කල්යත්ම ඒ හැඳුනුම්කම හොඳම යහළුකමකට පෙරළුණි. විටින් විට බෙහෙත් වර්ග පවා අසා දැනගත්තෙමි...
 
ඊයෙ දින.....
 
"මචන් වට්ස්ඇප් පොටෝ එකක් එවල ඇති බලහන්"
 
ඒ යට පූසාගෙ පොටෝ එකයි.
 
"අඩේ ලස්සන පූසෙක් අර ගින්නට අහුවෙච්ච එකා මතක්වුනා බන්."
 
"යකෝ අවුරුදු තුනකට උඹේ ඇස් පොට්ට උනාද ඒ පූසා තමා ඒ කෙල්ල අද වෙට් එකට ආවා."
 
කටට ආ වචන ගොළු උනා. අදටත් ඒ පූසාට අලුත් ජීවයක් දුන්න සුරදූතිය කවුරුන්දැයි මා නොදනි. සතුටු කඳුළු සමග නත්තල් මාසේ ඇසූ සුබ ආරංචිය මම මෙසේ සනිටුහන් කරමි.
 
- කාවින්ද චරිත්- Kavinda Charith


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top