Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
විහාරස්ථානවල පිංකැට කඩා මුදල් සොරකම් කළ පුද්ගලයෙකු පොලිසියට මාට්ටු වෙයි - Video

- විහාරස්ථානවල පිංකැට කඩා මුදල් සොරකම් කළ පුද්ගලයෙකු පොලිසියට මාට්ටු වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,391 Views
දිවයිනේ විවිධ විහාරස්ථානවල රාත්‍රී කාලයේදී ලැගුම්ගෙන එම විහාරස්ථානවල පිංකැට කඩා මුදල් උපයන පුද්ගලයකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පසුගිය දිනෙක පාදුක්ක බෝපේ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයට පැමිණි පුද්ගලයෙකු තමන්ට තාවකාලිකව එදින රාත්‍රිය ගත කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එම විහාරස්ථානයේ නවාතැන් ගත් පුද්ගලයා එදින රාත්‍රියේ විහාරස්ථානයේ තිබූ පිං කැටය කඩා එහි මුදල් රැගෙන පලගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටි අතර, අවුරුදු 30 ක පමණ තරුණයකු විසින් කාසි විශාල ප්‍රමාණයක් වෙළඳසැලකින් මාරු කරමින් සිටින බවට තොරතුරක් ලැබී තිබෙනවා.
 
ඒ අනුව පොලිසිය එම වෙළඳසැලට පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම පුද්ගලයා සතුව ඉස්කුරුප්පු නියනක් , මිටියක් හා අඬුවක් තිබී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මේ ආකාරයෙන් පිං කැට කඩා මුදල් උපයා ගන්නා බවයි.
 
මෙම පුද්ගලයා අධික ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පාදුක්ක පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළා.
 
සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top