නවසීලන්තයේ වයිට් අයිලන්ඞ් හි වකාරි ගිනිකන්ද පුපුරායාමත් සමඟ තවමත් එම දූපතෙහි පවතින උණුසුම හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දින කිහිපයක් ගත වන තුරු සංචාරකයින්ට එහි පැමිණීමට නොහැකි වනු ඇති බවයි. පෙරේදා දින මෙම ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 8 දෙනෙකු අතුරුදන් වී, 25 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.