Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
10
"මිනිස්සු කිව්වා අපිට පිස්සු කියලත්. ඇයි අපිට සාමාන්‍ය විදියට ඉන්න බැරි කියලත් ඇහුවා.." - කෙළවරක් නැතිව ලෝකය පුරා කරක් ගහන පුංචි පවුලක කතාව - Photos

- "මිනිස්සු කිව්වා අපිට පිස්සු කියලත්. ඇයි අපිට සාමාන්‍ය විදියට ඉන්න බැරි කියලත් ඇහුවා.." - කෙළවරක් නැතිව ලෝකය පුරා කරක් ගහන පුංචි පවුලක කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,060 Views
ඒත් අපි ඇයි හැම තිස්සෙම සාමාන්‍ය ක්‍රමය අනුගමනය කරන්න හදන්නෙ..
ඉන්දියාවේදී අපට බොහෝ කාලයක් විදුලි බලය නැතිව ඉන්න සිදුවුණා..
මට මාවම විශ්වාස කරන්නත් බැරි තරම් හීනයක්දැයි කියාත් හිතෙනවා...
 
නටාෂා බිරාන් සහ ඇගේ සැමියා යායීර් අපූරුවට කරගෙන යා හැකිව තිබුණු ඉහළ පෙළේ රැකියා දෙක අතහැරියේ හය මසක් වයසැති තම අලුත උපන් බිළිදාද කැටුව ඊශ්‍රායලය වටා රවුමක් ඇවිද යන්නටය.
 
බොහෝ දෙනා විශේෂයෙන්ම ඔවුන්ගේ හිතවතුන් කල්පනා කළේ මෙය විකාර අදහසක් බවය. රැකියාවලින් අස්වී මහ පාරේ ඇවිදින්නට යෑම සැබැවින්ම අමුතු අදහසක්ම විය. එහෙත් එක්තරා සීමාවාසික ව්‍යාපෘතියක අධ්‍යක්‍ෂවරියකව සිටි නටාෂා කල්පනා කළේ ඊට වඩා වෙනස් ලෙසය.

"මාඕස් ඉපදුණු දවස්වලමයි අපට ඔය අදහස ආවේ. අපි කල්පනා කළේ හැමෝම කරන විදියට අපි වැඩ කරන්න ඕනෑ නැහැ කියලයි. විශේෂයෙන්ම උදේ නවයයි හවස පහයි රාමුවට කොටුවෙන්න අපි කැමැති වුණේ නැහැ. ආපදා රැකියාවට යන්න පටන් ගත්තම මාඕස් ඔය කොහේ හරි ඩේ කෙයා එකකට හරි නර්සරියකට හරි දාලා යන්න වෙනවා කියලා හිතෙද්දී අපට දැනුණෙ කනගාටුවක්. මං කොහොමටවත් කැමැති වුණේ නැහැ මාඕස් ඒ වගේ රාමුවකට කොටු කරලා හදන්න. දවසම වෙන්වෙලා ඉඳලා හවසට විතරක් එයාගෙ මුහුණ දකින්න අපි කැමැති වුණේ නැහැ. අපට වුවමනා වුණා ඊට වඩා වෙනස් ක්‍රමයකින් ජීවිතය දකින්න..."
 
අධිකරණ අමාත්‍යාංශයේ නීතිඥයකු ලෙස සේවය කළ යායීර් ද කතා දෙකක් නැතිවම තම රැකියාව අත්හළේ ගෙන යා හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් පොදි ගසාගෙන මේ කෙළවරක් නොදන්නා සංචාරයට බැස්සේය.
 
එතෙක් අත ඉතිරි කරගෙන තිබුණු යම් මිල මුදල් පිළිබඳ විශ්වාසය තැබූ ඔවුන් ඇරැඹුවේ මහා සංචාරයකි. පාරේ ජීවිතයකි.
 
"මිනිස්සු කිව්වා අපිට පිස්සු කියලත්. ඇයි අපිට සාමාන්‍ය විදියට ඉන්න බැරි කියලත් ඇහුවා. ඒත් අපි ඇයි හැම තිස්සෙම සාමාන්‍ය ක්‍රමය අනුගමනය කරන්න හදන්නෙ. අපි උත්සාහයක් කළා. මාඕස්ගෙ නර්සරිය වුණේ මහ පාර. මං හිතන්නෙ නැහැ හැමෝටම මේ විදියට කරන්න පුළුවන් කියා. ඒත් අපට පුළුවන් වුණා..."
 
මුලින්ම ඔවුන්ගේ වාසස්ථානය වූයේ සමින් කරන ලද වටකුරු කූඩාරමකි. ඉනික්බිති ඔවුන් ජීවත් වීම පිණිස තෝරා ගත්තේ මෙබඳුම සංචාරක ජීවන රටාවක් තෝරාගත් පුද්ගල සමූහයක්. (alternative community) රැඳී සිටි වාසභූමියකි. ඔවුහු එහි වසර තුනක් පමණ ගත කළෝය.
 
ඔවුන්ගේ දියණිය ශේෂෙම් මෙලොවට බිහි වූයේ මේ වකවානුව තුළදීය. මේ වාසභූමිය අතහැර තවත් කොහේ හෝ යා යුතු යැයි ඔවුහු තීරණයකට පැමිණියෝය. ඒ කොහිදැයි කියා තවමත් තීරණය කර නොතිබියදී ඒ කනගාටුදායක පණිවුඩය ඔවුන් සොයා ආවේය. නාතාෂාගේ පියා මියගොස් තිබිණි.
 
ඒ අනුව ඔවුන්ගේ අනපේක්‍ෂිත එංගලන්ත සවාරිය ඇරැඹිණි. එතැනින් ඇරැඹුණු ගමන මැන්චෙස්ටර්, වේල්සය හා ලන්ඩනය හරහා ජර්මනිය හා ස්විට්සර්ලන්තය දක්වා දිගට ඇදී ගියේය. මේ මහ පාරේ මහා සංචාරය එතැනින් නතර වූයේ නොවේ. තායිලන්තය, ශ්‍රී ලංකාව, මාලදිවයින මෙන්ම දකුණු ඉන්දියාවද මේ කෙළවරක් නැති සංචාර ලැයිස්තුවට එක්විය. එහෙත් යම් රටාවකට ඔවුහු මේ ජීවිතය ගෙවා දැම්මෝය.
 
අපි සාමාන්‍යයෙන් අවදි වුණේ එකම හුරු පුරුදු වෙලාවකටයි. ඉන් පස්සේ කැෆේ එකකට හරි රෙස්ටුරන්ට් එකකට හරි යනවා කිරි එකක් හදා ගන්න. දවසේ ඉතිරි ටිකත් අපි ගෙවා දැම්මේ පිළිවෙළක් ඇතිවයි. ඒත් අපි රාමුවක කොටුවෙලා ඉන්නවා කියන පීඩනය දැනෙන විදියට ඒ දේ කළේ නැහැ.
 
ඔවුන් දෙදෙනා දහවල් කාලය නිකරුණේ ගෙවා දැම්මා නොවේ. පරිවර්තන කටයුතු, සංස්කරණ කටයුතු, ඉංගී්‍රසි හා හීබෘෘ බසින් ලේඛන හා ලියැවිලි කටයුතු අන්තර්ජාලය හරහා කරමින් මුදලක් උපයන්නට යායීර් සමත් විය. නටාෂා හැන්දෑ කාලයේ අන්තර්ජාලය හරහා විවිධ ව්‍යාපෘති සමඟ කටයුතු කළාය.
 
"අපට නම්‍යශීලී හා නිර්මාණශීලී විදියට අපේ ජීවිත හැඩගස්වා ගන්න පුළුවන් වුණා. ඕනෑම තැනක් අපේ තාවකාලික කාර්යාලය බවට පත්කර ගන්නට අපට හැකිවුණා. බොහෝ ස්ථානවල wifi තිබුණා. 4G හරි hotspot හරි පාවිච්චි කරමින් අපි අපේ කටයුතු කළා. අඩු පහසුකම් කොයි වෙලාවකවත් අපව නවත්වන්න හේතුවක් වුණේ නැහැ. ඉන්දියාවේදී අපට බොහෝ කාලයක් විදුලි බලය නැතිව ඉන්න සිදුවුණා..."
 
ඒ වගේම අපි හිමාලය පාමුලත් හිටියා. ඒ පුංචි ගම්මානෙක. නගරෙ ඉඳලා පැය ගාණක් වාහනේක ගිහින් අන්තිම විනාඩි තිහ පයින් යන්න අපට සිදුවුණා. එහෙදී අපට පුළුවන් වුණා hotspot ප්‍රයෝජනයට අරගෙන වැඩ කරන්න.
 
බොහෝදෙනාගේ පැනය වූයේ දරුවන් පාසල් යවන්නේ කෙසේද යන්නයි.
 
ඔවුන් පයින් ඇවිද යන ගමන් ඉගෙන ගත්තෙ භූගෝලය. මුහුදේ යන අතරේ සාගර ජීවීන් ගැන. සංස්කෘතිය හා ආගම් ගැන ඉගෙන ගත්තෙ අත්විඳීමෙනුයි. ඒ වගේම භාෂාව සෙසු අය සමඟ කතාබහෙන්. ඒ විතරක් ද අල්පේච්ඡතාව (mini malism), සරල බව, සහජීවනය මේ සියල්ල ඔවුන් ඉගෙන ගන්නවා. ජීවිතය තමයි ඔවුන්ගේ පාසල. ලෝකය ඔවුන්ගේ පාසල. මේ ලෝකය තමයි ඔවුන්ගේ අපූරු ගුරුවරයා.
 
ඒ නටාෂා බිරාන් 2019 සැප්තැම්බරයේ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ (trustingtheway) එක් කළ පෝස්ටුවයි. මාඕස්ට දැන් වයස අවුරුදු පහකි. ගේෂෙම් දෙහැවිරිදිය. දෙන්නාගේ පාසල ඉන්නා ඕනෑම තැනක් (Home school)ය. මාඕස් අන්තර්ජාලයේ හා මවුපියන්ගේ උදව්වෙන් ඉංගිරිසිය හා හීබෘෘ බස අල්ලාගෙන යයි. මාවුපියන් පවසන්නේ තමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් දැනගත් දෙයට වඩා වැඩි දැනුමක් ලෝකය පිළිබඳ මාඕස් සතු බවය. වරක් ඉන්දියාවේ සිටියදී දිවාලි උත්සවයකට සහභාගි වන්නට මාඕස්ට හැකිවිය. දැන් ඔහු හින්දු ආගමේ සුලමුල ගැන සොයන්නට පටන්ගෙනය. කඩදාසි කැබැල්ලක හෝ වැලි පොළොවක අකුරු ලියන්නට පුරුදු වන අයියා දිහා ගේෂෙම් බලා සිටින්නීය. පැන්සලක් නැති මොහොතක මාඕස්ගේ පැන්සල වන්නේ කෝටු කැබැල්ලකි. වැලි පොළොව ඔහුගේ කඩදාසියයයි.
 
මේ දිනවල ඔවුන්ගේ කාලය ගතවන්නේ දකුණු ඉන්දියාවේය.
 
"සමහර වෙලාවට මට මාවම විශ්වාස කරන්නත් බැරි තරම් හීනයක්දැයි කියාත් හිතෙනවා. ඒත් ඒක තමයි යථාර්ථය.." නටාෂා පවසන්නීය.
 
"වාසනාව කියා දෙයක් නැහැ. අපි ජීවිතේට ගලා යන්න ඉඩ හැරියා වැඩෙහි යෙදෙන ගමන්. අපි නිර්භීත පියවරක් ගත්තා. ටිකක් ඔළුව එළියට දාලා බලන්න ලෝකය කොච්චර විශාලද කියලා. ඒ තමයි වෙනස. ඒක තමයි ඇත්ත තත්ත්වය, යථාර්ථය. අපි අද එය විඳිනවා..."
 
පාලිත ජයකොඩි
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top