Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
09
"ආච්චි මාව බදාගන්නකොට මට බයක් දැණුනා. මට ඒ දෙන්නවම අප්පිරියයි. දැන් ආච්චි පේනකොටත් කේන්තියි.." - මවුකුසේ ඉද්දී ගබ්සා කරන්න හැදූ ආච්චි අම්මාගෙන් වසර 8කට පසු පළිගත් පුංචි මිණිපිරිය

- "ආච්චි මාව බදාගන්නකොට මට බයක් දැණුනා. මට ඒ දෙන්නවම අප්පිරියයි. දැන් ආච්චි පේනකොටත් කේන්තියි.." - මවුකුසේ ඉද්දී ගබ්සා කරන්න හැදූ ආච්චි අම්මාගෙන් වසර 8කට පසු පළිගත් පුංචි මිණිපිරියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,701 Views
ආච්චියි එයාගේ මල්ලියි මාව නැති කරන්න හදනවා. මාව මරන්න හදනවා..
මම හරි අමාරුවෙන් බේරිලා ඉන්නෙ. මගෙ අම්මා මට ආදරෙයි..
ඒ දෙන්නා මට කිසිම වරදක් කරලා නෑ, ආච්චිටයි, සීයටයි මං කැමැති නෑ. මට එපා...
 
දරුවකුගේ මානසික පෞරුෂය වර්ධනය වන්නේ ඉපදීමටත් පෙර සිටය. විටෙක දරුවන් පෙර භවයක සිට රැගෙන එන දක්ෂතා හා හැකියාවලින් සමන්විත වන අවස්ථා තිබේ. මවු කුස තුළ සිටින කාලපරාසයකදී දරුවකුට පිටතින් සිදුවන දේ පිළිබඳ යම් යම් හැඟීම් හෝ කල්පනාවන් පහළ විය හැකිය.
 
ඒ ශක්තීන් හොඳ හෝ නරක වශයෙන් පසු කාලයකදී ඉස්මතු වන අවස්ථා තිබේ.

සමාජය තුළ දී මිනිසුන්ගේ විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ අසාමාන්‍ය හැසිරීම් ඔබ දැක ඇත. කැරපොත්තකුට, හූනකුට පමණක් නොව සමහර විට සමනලයකු, කුරුල්ලකු වැනි සුන්දර සතකුට පවා විශේෂ බිය දක්වන ළමයි සිටිති.
 
යම් යම් දේ සම්බන්ධයෙන් හෝ චරිත සම්බන්ධයෙන් විශේෂ ළැදියාවක් මෙන්ම නොරුස්නා ගති පැවැතුම් දක්වන ළමයින් ඔබ දැක තිබෙන්නට පුළුවන. මෙසේ වන්නේ ඇයි?
 
විද්‍යාව විසින් මිනිස් සිත ගැන ගවේෂණය කර සොයා ගත් දෑ පුදුම සහගතය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා කොතෙක් පරීක්ෂණ සිදුකළ ද මතු නොවන එහෙත් ශරීරයට ඉතා තදින් බලපෑම් කරන රෝගී තත්ත්වයන් තිබේ.
 
ඒ පිළිබඳව සොයා බැලීමේදී පැහැදිලි වන්නේ මේ අසාමාන්‍යතාවලට හේතුව භෞතික ශරීරයේ දුර්වලතා හෝ අක්‍රමිකතා නොව මනස බවයි. මනෝ කායික රෝග වන්නේ මෙවැනි තත්ත්වයන්ය.
 
මෙවැනි තත්ත්වයන්ට මානසික ප්‍රතිකාර කරන එවැනි සුවිශේෂී රෝගී තත්ත්වයන් උදෙසා උපදේශනය සහ මෝහන ස්වප්න සේවය මඟින් සහනය ගෙනෙන යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයකු ගැන පළවන ලිපි මාලාවේ තවත් කොටසකි මේ.
 
ඔහු මනෝ චිකිත්සක මේජර් සුසන්ත ද සිල්වාය. හෙතෙම තිස් වසරක කුරිරු යුද සමයෙන් පසු යුද හමුදා නිලධාරීන්ට ඇති වූ යම් යම් ආතතීන් හා මනෝ ගැටලුවලට ප්‍රතිකාර කරමින් දීර්ඝ පළපුරුද්දක්ද ලැබූවෙකි. මේ ඔහු සිය ප්‍රතිකාර අත්දැකීම් අනුසාරයෙන් හෙළිදරව් කරන එක්තරා දරුවකුගේ පුදුමාකාර මානසික ව්‍යාධියක් පිළිබඳ කතාවකි.
 
මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ සුනීතා කුමාරිහාමි විශ්‍රාමික ගුරුවරියක්. වංශවත් පෙළපතක ඇයට යම් ආඩම්බරකාර මෙන්ම දැඩි ගති පැවැතුම් තිබුණා. මනා රූමත් බවකින් යුත් ඇගේ එකම දියණිය මනෝරි විවාහකයි.
 
උසස් රැකියාවක නියුතුයි. ඇගේ ස්වාමිපුරුෂයා තොරතුරු තාක්ෂණ අංශයේ උසස් රැකියාවකට විදේශගතවයි සිටියේ. ඔවුන්ට වයස අවුරුදු 8-9ක පමණ සුරතල් හුරුබුහුටි දියණියක් ද සිටියා.
 
මෙම සිදුවීම වුණේ 2018 වසරේ අප්‍රේල් පාසල් නිවාඩු සමයේ. සුනීතා කුමාරිහාමිගේ හෙවත් මේ මිත්තණියගේ දීර්ඝ කාලයක් විදේශගතව සිටි වෛද්‍යවරයකු වන එකම මල්ලී ලංකාවට ආවා. ඒ නිමිත්තෙන් නුගේගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ ප්‍රිය සාදයකට කුමාරිහාමි පවුලටත් ආරාධනා ලැබුණා. තමන්ගේ බාල සොහොයුරා දිගු කලකින් දකින්නට කුමාරිහාමිත් දුව මනෝරි හා පුංචි දියණියත් නුවර සිට මේ ගමන ආවේ ලොකු සතුටකින්. කුඩා දියණිය උපන්නාට පසු මේ සීයාව දැකලාම තිබුණේ නැහැ. ඒ නිසාම ඇය අලුත් සීයා ගැන මඟ දිගට තොරතුරු අසමින් හරිම සතුටින් තමයි නුවර සිට නුගේගොඩ දක්වා ගමන ආවේ.
 
දිගු කලකින් මේ පවුල් දෙක හමු වූ සවස් යාමය ඉතාම ප්‍රීතිමත් උණුසුම් දවසකට මුල පිරුණා. එකිනෙකා වැලඳගෙන පිළිඅරන් සතුටු සාමීචියේ යෙදෙන්නට පටන් ගත්තා. ඒත් මෙතෙක් වේලා සතුටින් සිටි අර පුංචි මිනිපිරිය තුළ නම් දකින්නට තිබුණේ හදිසි වෙනස්වීමක්. ඇය සිටියේ මුලුගැන්වී බියෙන් වගේ. අලුත් සීයාටත් මෙතෙක් කල් තමන් සමඟ සිටි මිත්තණියටත් ඇති බැඳීම, කැමැත්ත විරෝධයකට පෙරළිලා.
 
අර දෙදෙනා ඇය ළඟට එන විටත් ආදරය කරන විටත් ඇය හඬන්නට ගත්තා. මේ දෙදෙනා ගැන කිසියම් කියන්නට බැරි තරහකින්, වෛරයකින් පසුවන බවක් පෙනුණා. නැවත ඉක්මනින්ම නුවර යා යුතු බව කියමින් ඇය විලාප දෙන්නට වුණා. සැරපරුෂ වූ ආච්චි අම්මා ඇයට ළංවී දැඩි අවවාදයක් දෙන්නට උත්සාහ කරන විට පුංචි මිනිපිරිය ඇයගේ මුහුණ දෙස තරහින් කෙළින්ම බලා සිටියා. කිසිවකුටත් හිතා ගන්නට බැරි ලෙස ඇය ආච්චිඅම්මාට වැරෙන් කම්මුල් පහරක් ගැසුවා. එම පහරින් ඇය අසල ඇති පුටුවක් මත ඉන්දුණා. ගෙදර වීදුරු භාණ්ඩ කිහිපයක්ද මේ පෙරළියෙන් පොඩි වී ගියා.
 
දැරියගේ ඇස්වලින් ගිනි පිටවෙනවා වගේ. ඇය දැඩි කෝපයකින් බියෙන් වගේම අසරණ බවකින් සිටින බව පෙනුණා. අලුත් සීයා “ඇයි දුව මොකද වුණේ” යි අසමින් ඇය අල්ලනවාත් සමඟම ඇය සීයාගේ අත තදින් විකුවා. “මට ගෙදර යන්න ඕනේ” යැයි මහ හඩින් අඬන්නට ගත්තා. කාටත් මේක හරිම ප්‍රහේලිකාවක්. මනෝරි තම දියණිය තුරුලු කරගෙන ඔඩොක්කුවට ගත්තේ කිසිවක් සිතාගත නොහැකි වේදනාවෙන්.
 
දියණිය අම්මාගේ පපුවට හිස ඔබාගෙන හඬන්නට පටන් ගත්තේ කවුරුත් කම්පාවට පත් කරමින්. මේක දැරියගේ හදිසි අසාමාන්‍ය වෙනස්වීමක්. ඇය දැඩිව කියන්නේ නැවත නුවර යා යුතු බවමයි. අන්තිමේ ආච්චි අම්මාව නුගේගොඩ නතර කර රියැදුරුවත් කතා කරගෙන මනෝරි තම දියණිය සමඟ නුවර එන්නට රාත්‍රියේම තීරණය කළේ ලැජ්ජාවත් වෙන කළ හැකි දෙයකුත් නොතිබූ නිසයි.
 
සතියකින් පමණ ආච්චි අම්මා ද නැවත නුවර ගෙදර ආවා. අම්මා සමඟ මෙතෙක් සතුටින් සිටි පුංචි දියණිය නැවතත් නොසන්සුන් වුණා. කලින් මිත්තණිය කෙරෙහි තිබුණු ගෞරවය, බැඳීම කිසිවක් නෑ. ඇය කියන හොඳ නරක කිසිවක් ඇය රුස්සන්නේ නැහැ. ඇය දෙස බලන්නේ කෝපයෙන් වෛරයෙන් වගේ. ගෙදර මෙහෙකාරියට, රියැදුරුට දක්වන ළෙන්ගතුකම, දයාව මිත්තණිය කෙරෙහි නැහැ. දැරියගේ මේ වෙනස්වීම අසාමාන්‍ය තත්ත්වය කාටත් ප්‍රශ්නයක්. පවුලේ වෛද්‍යවරයා වෙත යොමු කළා. සැලැකිය යුතු අසනීප තත්ත්වයක් නැහැ. මිත්තණිය ගෙදර නැති වෙලාවට ඇය හොඳින් සතුටින් ඉන්නවා. කිසියම් බන්ධනයක් ද, අදෘශ්‍යමාන බලපෑමක් ද කාටත් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසාම සෙත් ශාන්ති කර යන්ත්‍රයක් ද දැම්මා. වෙනසක් නැහැ.
 
කිසියම් සම්බන්ධතාවක් මත මනෝ චිකිත්සක මේජර් සුසන්ත වෙත දැරිය යොමුවුණේ මෙවැනි තත්ත්වයක් තුළයි. මේ දැරිය කිසිදු පැකිළීමකින් තොරව සුසන්ත සමඟ කතා කළා. ඇය කෙළිලොල් සුහද දැරියක්. පවුලේ අය සමඟත් දැරිය සමඟ වෙනමත් කතා කිරීමෙන් මේ තත්ත්වයේ පසුබිම ගැන යම් අවබෝධයක් ලබා ගන්නට මනෝ චිකිත්සකවරයා උත්සාහ කළා. ඇය මෙසේ කියනවා.
 
“අංකල් මං එදා හරි ආසාවෙන් ගියේ සීයලාගේ ගෙදර. මං කවදාවත් ඒ සීයා දැකලා තිබුණෙ නැහැ. එයා ආච්චිවත් මාවත් බදාගෙන මා දිහා බලන කොට මට මහ අමුත්තක් දැනුණා. බයක් ඇති වුණා. මට ඒ දෙන්නවම අප්පිරියයි. දැන් ආච්චි පේනකොටත් කේන්තියි. මට ඒ දෙන්න කිසි වරදක් කරලා නැහැ. මං මගේ අම්මට හරි ආදරෙයි. ආයම්මා නැන්සි, ඩ්‍රයිවර් මාමා ඒ දෙන්නටත් ආදරෙයි. ඒත් ආච්චිටයි, සීයටයි නම් මං කැමැති නෑ. මට එපා...”
 
මනෝ චිකිත්සකවරයා දැරියගේ ළමා කාලයේ සිතේ පැලපදියම් වුණු යම් යම් දේවල් ගැන ගවේෂණය කරමින් ප්‍රශ්න කිරීම් කළා. ඒත් මේ අසාමාන්‍ය තත්ත්වය ඇතිවීමට කිසිම හේතු සාධකයක් සොයා ගන්නට බැරිවුණා. මනෝ චිකිත්සක මේජර් සුසන්ත ඒ තත්ත්වය මෙසේ පැහැදිලි කළා.
 
“මේ වගේ වෙලාවකදී තියෙන සාර්ථකම ක්‍රමවේදය මෝහන ප්‍රතිකාර ක්‍රමයේ එන ප්‍රතිගමන චිකිත්සක ක්‍රමවේදය. (regression herapy) දැරිය මනසින් සන්සුන්ව මෝහන නිද්‍රාවකට (hypnotic sleep) පත් කරලා ක්‍රමයෙන් පසුපසට යෑම. දැරියගේ කුඩා කාලයට, ළදරු වියට ක්‍රමයෙන් ගියා. ප්‍රතිගමන චිකිත්සක ක්‍රමවේදය යටතේ දැරියගේ මනස ඇය කලලයක් වී සිටින අවස්ථාවේ ඇයගේ විඥානය ගවේෂණය කිරීම ආරම්භ වුණේ ඉන් පසුව. දැන් දැරිය මේ මෝහන නිද්‍රාවේදී ඉතාම සංවේදී කාරණාවක් හෙළි කරනවා.
 
“ආච්චියි එයාගේ මල්ලියි මාව නැති කරන්න හදනවා. මාව මරන්න හදනවා. මම හරි අමාරුවෙන් බේරිලා ඉන්නෙ. මගෙ අම්මා මට ආදරෙයි. ඒත් ආච්චියි, පොඩි සීයයි මාව මරන්නම ඕන කියලා කියනවා...”
 
මේ කුඩා දැරිය මෙහෙම කියද්දී ඒ අම්මාගේ දෑස්වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. ආච්චි අම්මා ගල් ගැහුණා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. දැන් මේක මේ පවුල් සංස්ථාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්. හොඳ වෙලාවට මේ කතාව අහන්න මේ තාත්තා ලංකාවෙ නැහැ. අවසානයේ දියණියගේ අම්මා මනෝරි හා මිත්තණිය කරුණු හෙළි කළා.
 
මනෝරි කුඩා කාලයේ ඉඳන් ඇගේ මව වන කුමාරිහාමිගේ දැඩි පාලනය යටතේ තමයි ජීවත් වෙලා තියෙන්නෙ. එයා කොහොමත් ආඩම්බරකාර නපුරු කාන්තාවක්. පාසල් ජීවිතයේදී ලැබුණු අවස්ථාවකින් මනෝරි තරුණයකු සමඟ පෙම් සබඳතාවක් අරඹලා. එය හොඳින් ගෙවී ගිය ආදරයක්. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ලෝකයේ සිහින මවලා තියෙන්නෙ අවංකවමයි. අම්මාගේ දැඩි පීඩනය යටතේ ආදරය සොයා ගිය මනෝරි සියලු දේ මේ තරුණයාට පුදලා. ඔවුන් සැලැසුම් කර ඇත්තේ කොහේ හෝ අෑත පළාතකට ගොස් ජීවත් වීමටයි. ඒත් නපුරු අම්මා කුමාරිහාමි දැඩි පියවර මඟින් මේ ආදරය වෙන් කළා.
 
සිත කලකිරුණු තරුණයා විදේශගත වුණා. ඒත් අවසානයේ බලනකොට මනෝරි ගැබිනියක් වෙලා අර තරුණයා අතින්. දැන් මෙයට ක්ෂණික පිළියම් යෙදිය යුතුයි. කුමාරිහාමි තම ‍ෙදාස්තර මල්ලී සමඟ එකතු වෙලා මේ දරු ගැබ විනාශ කරන්න උත්සාහ කළා. අර සාදය තිබුණු නුගේගොඩ ගෙදරදී තමයි මේ ගබ්සාව කරන්න උත්සාහ කළේ. ඒත් දරුවාගේ වාසනාවට එය කරන්න බැරි වුණා. එය මනෝරිගේ ජීවිතයට තර්ජනයක්. දැන් විකල්පයක් සෙවිය යුතුයි. ඒ අතර තමයි ඉතා රූමත් මනෝරිට ඔවුන් මෙතෙක් කල් සොයමින් සිටි විවාහ යෝජනාවක් පල දැරුවේ. මනෝරි හිටියේ තම පෙම්වතා ගැන ලොකු ආදරයකින්. ඒත් දැන් ඔහු නැහැ. කම්පාවෙන් හෝ මේ විවාහයට කැමැති විය යුතුයි. කෙසේ නමුත් විවාහය ඉක්මනින් සිදුවුණා. මාතර ප්‍රදේශයේ තරුණයකු වූ ඔහු මේ මහනුවර රූමත් යුවතිය හොඳින් රැක බලා ගත්තා. දැඩිව ආදරය කළා. විනාශ කරන්නට බැරිවුණු සිඟිති දියණිය නිරෝගීව මේ ලෝකෙට බිහි වුණා. පිටරට උසස් රැකියාවක නියුතු මනෝරිගෙ සැමියා විදේශ ගත වෙන්නටත් ලංකාවට එන්නටත් වුණා. දැරිය ක්‍රමයෙන් ලොකු මහත් වුණා. ඔවුන්ගේ ජීවිත සතුටින් ගෙවී ගියා. ඒ අතරෙදි තමයි මේ ප්‍රශ්නය ආවේ...
 
“මේ කතාව ඔවුන්ගේ පවුල් ජීවිතයේ ලොකු රහසක්. මේ දැරියට ඇති වී තිබුණේ ඇය කුස තුළ සිටියදී සිදුවූ සිදුවීමක් ඇගේ මනසේ තැන්පත්ව තිබීම. එයට පාදක වුණේ අර සාදය. එදා ගබ්සාවට සූදානම් කළ නිවෙසේමයි මෙදා සාදය පැවැත්වුණේ. දැරියට ඇගේ යටි සිත තුළ විඥානය මඟින් මහත් අපහසුතාවක් ඇතිවෙන්න එයත් හේතුවක් වුණා. ඒ මදිවාට අර සීයා හා ආච්චි දෙදෙනා මෙතැනදී හමුවෙලා. දැරියට කිසියම් බියකරු චෛතසිකයක් පහළ වුණා..”
 
“අප මේ සියලු කාරණාවලින් හෙම්බත්ව සිටි අහිංසක දැරිය ක්‍රමයෙන් සන්සුන් කරමින් අදාළ සිදුවීමේ බර ඉවත් කළා. මිත්තණිය දැන් ඇයට දක්වන සෙනෙහස වර්ණනා කරමින් අවශ්‍ය මනෝ ප්‍රතිකාරයන් සැසිවාර කිහිපයකදී ලබා දුන්නා. ඉතිහාසයේ කළ වැරැද්ද මැනැවින් තේරුම් ගත් මිත්තණියට ඇගේ සුපුරුදු ගති ලක්ෂණ ඉවත් කරගෙන වෙනස් වන්නට දැඩිව අවවාද කළා..”
 
“දැරිය සෙමෙන් වුවත් ක්‍රම ක්‍රමයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් වුණා. ඇය ටිකෙන් ටික මිත්තණිය සමඟ මිතුරු වුණා. අම්මා මනෝරි වෙනදාටත් වඩා පුදුමාකාර සෙනෙහසක් දියණියට දුන්නා. එයට සුවිශේෂී හේතුවකුත් තිබෙනවා. ඇගේ අහිමි ප්‍රථම ප්‍රේමයේ දියණියයි මේ. එය සිහිවන මොහොතක් පාසා ඇය නැවත නැවතත් මේ දියණියගේ අම්මා වෙනවා. එය රහසක්. ඒත් අතිශය සංවේදී කාරණාවක්. දියණියගේ තාත්තා මේ ළඟදී ලංකාවට ආවා. දැන් මේ පවුල විශේෂයෙන්ම අර පුංචි දියණිය සතුටින් සොම්නසින් ඉන්නවා...”
 
තිස්ස කොරතොට
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top