Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
09
"මගේ දික්කසාද නඩුව වසර පහකට ආසන්න කාලයක් තිස්සේ තවම ඇදි ඇදී යනවා.." - නදී චන්ද්‍රසේකර - Photos

- "මගේ දික්කසාද නඩුව වසර පහකට ආසන්න කාලයක් තිස්සේ තවම ඇදි ඇදී යනවා.." - නදී චන්ද්‍රසේකර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

374 Views
"හඳවත්වලින් බැඳුණු අයට අස්සන් කරන්න  ඕනෙත් නැහැ..."

"ඔළුවෙ බරක් තියාගෙන කිසිම දෙයක් කරන්න බැහැ.."

වසර කීපයකට පෙරදී රූපවාහිනියේ සම්මානනීය රංග ශිල්පිනියක වූ නදී චන්ද්‍රසේකර ගැන පසුගිය වසර පහකට ආසන්න කාලයේදී රංගනය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ. ඒ වගේම ඇයව සම්බන්ධ කර ගැනීමට අවකාශයක් සලස්වලා තිබුණෙත් නැහැ. දිගු නිහඬියාවට පසුව නදී චන්ද්‍රසේකර  ඇය ගැන තොරතුරු කියන්නේ මේ විදිහටයි.

නදී දිගු නිහැඬියාවකින් පසුව?
සත්තකින්ම ඔව්. දිගු නිහඬියාවකට පසු තමයි. අලූත් සමයක්, රටත් වෙනස් වෙලා පරිසරයත් අලූත් වෙමින් පවතින සමයක්. දැන්නම් පුදුම සැහැල්ලූවක් සතුටක් දැනෙන්නෙ.

පසුගිය කාලයේ ගත කළේ සැහැල්ලූ මනසකින් නෙවෙයිද?
නැහැනෙ, මම විසින්ම අධ්‍යක්‍ෂණය කළ  නාට්‍ය කොටස් 31 ක් විකාශය වෙද්දී අතරමග නතර කළා. ඒකට අදටත් නඩු කියනවා. ඒ වගේම මගේ පුද්ගලික ජීවිතයේ දික්කසාද නඩුවක් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ තවම ඇදි ඇදී යනවා. මේ වගේ තත්ත්වයක් නිසා හරියට අසරණ වෙලා හිටියෙ. හැබැයි දැන් නම් අලූත් හුස්මක් වැටෙන්නෙ.

අන්තිමට නදී රඟපෑවෙ?
මම අධ්‍යක්ෂණය කළ නාට්‍යයේ තමයි. එහි ‘අනුපමා’ ලෙස රඟපෑවා.

පසුගිය කාලයේදී රඟපෑමට ආරාධනා ලැබුණෙ නැද්ද?
නිහඬව හිටපු නිසාත් මාව සම්බන්ධ කර ගන්න විදියක් තිබුණෙ නැති නිසාත් අවස්ථා මග හැරෙන්න ඇති. පුද්ගලික ජීවිතේ නඩු හබ එක්ත රඟපෑමේ යහපත් මානසිකත්වයක් තිබුණෙත් නැහැ.

පසුගිය කාලයේ මොනවද කළේ එතකොට?
විශේෂ දෙයක් නැහැ. අම්මයි, අප්පච්චියි බලාගෙන ගෙදරට වෙලා හිටියා. ඒ අතරේ තව අලූත් පිටපතක් ලිව්වා. මේ නඩු හබ ඉවර වුණාම තවත් අලූත් නිර්මාණයක් බිහි වේවි.

ටෙලිනාට්‍ය ඇරඹුවේ නැද්ද?
වින්දනාත්මක නාට්‍යයක් ඒ තරමට කියලා විකාශය වුණේ නෑනෙ.

ප්‍රශ්න ආවාම හිත එකලස් කර ගත්තෙ කොහොමද?
ධර්මය තමයි පිහිට වුණේ. බුදු දහමට මම බොහොම ළැදියි. මේ සියලූ දේ සිද්ධ වුණේ ධර්මතාවයට අනුවයි. එදිනෙදා ජීවිතයේ මේ සියලූ දේ වෙන්නෙ හේතු ඵල දහම අනුවයි. පෙර කළ කර්ම අකුසල එක්ක එන දේවල්. සංසාරිකව එන ඒ දේවල්වලට බුද්ධිමත්ව මුහුණ දෙන්න  ඕනෑ. ඒක තමයි හොඳම දේ.

මේ තනිවීම හමුවේ ක්ෂේත්‍රයේ සිටින යාළුවන්ගෙන් ළඟින්ම හිිටියේ කවුද?
පියුමි බොතේජු මා එක්ක ගොඩක් ළඟින් හිටියා. එයා මගේ නාට්‍යයටත් ගොඩක් උදව් කළා. දාන ගෙයක්, උපන් දිනයක් එහෙම තිබුණොත් ඒවාට පවා මට ආරාධනා කළා. ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් අතරින් මම ප්‍රශ්නයකට මුහුණ දුන්නාම මුලින්ම මට කතා කරලා මගෙ හිත සැනසුවේ ශ්‍රියානි අමරසේන මහත්මියයි. අමරසිරි අංකල් එහෙමත් කතා කළා.

ප්‍රේක්ෂකයින් හමු වුණාම?
එයාලගෙන් ඉතින් නෝක්කාඩු තමයි. ඇයි දැන් ඉස්සර වගේ රඟපාන්නෙ නැත්තෙ කියලා අහනවා. අසනි වැසි නාට්‍යයේ රඟපාලා අවුරුදු පහළොවක් දහයක් වෙලත් තවමත් කතා කරන්නෙ මිනිස්සු ඒ ගැනයි. ඇත්තටම මිනිසුන්ගෙ හදවත්වලට යන්න නාට්‍යය සීයක රඟපාන්න  ඕනෑ නැහැ. එක හොඳ චරිතයක් රඟපෑවත් ඒක සදාකාලිකව මතකයේ රැඳෙනවා.

ආයෙත් රඟපෑම බාර අරගෙනද?
තවම බැහැ, මේ නඩු හබ ඉවර වෙන්නම  ඕනෑ. ඔළුවෙ බරක් තියාගෙන කිසිම දෙයක් කරන්න බැහැ. මම සමාජයට කියන්නෙ ගැහැණියකට අසාධාරණයක් නොවිය යුතුයි. සමාජයේ යම්කිසි විදිහකට පිරිසක් දන්නා හඳුනන අපි වැනි අයට මේ විදියට අසාධාරණකම් වෙනවා නම්, කිසිවක් කර කියා ගන්න බැරි කාන්තාවන් මොන තරම් නම් අසරණ තත්ත්වයට පත්වෙනවා ඇතිද?

‘නදී’ ආදරය කියලා කියන්නෙ?
ගෞරවයට. ගෞරවයෙන් තොර ආදරයක් හෝ ආදරයෙන් තොර ගෞරවයක් ඇතිවන්නෙ නැහැ.

විවාහය’ කියන්නෙ?
ලිඛිතව කොළයක අත්සන් කරලා බාර දීමකට එහා ගිය මානසික බැඳීමක් විය යුතුයි. නමුත් එය කොළ කෑල්ලක බැඳීමක් විතරයි. හඳවත්වලින් බැඳුණු අයට අස්සන් කරන්න  ඕනෙත් නැහැ. ඉස්සර කාලේ ඒ විදියට පවුල්වෙලා දරුවෝ හත් අට දෙනා හදාගත්ත අයත් ඉන්නවා. හදවත්වලින් බැඳුනු අය අද හමුවන්නෙ කලාතුරකින්.

නදී කොහොම මොන වගේ චරිතයක්ද?
බොහෝ විට බොහෝ දේට ප්‍රතිචාර දක්වනවා අඩුයි. සියලූ දේ ධර්මයට ගළපලා හිත හදාගන්න කෙනෙක්.

ජීවිතයේ මෙතෙක් කළ කී දේ දිහා බලද්දී සියයට සීයක්ම ඔබ නිවැරදියි කියලා හිතනවද?
ඒ වෙලාවට සාපේක්‍ෂව මම අරගෙන තියෙන්නෙ නිවැරදිම තීරණය. මේ දක්වා ගත්ත සෑම තීරණයක්ම එහෙම හිතලනෙ අරන් තියෙන්නෙ. ඒ නිසා ආපස්සට හැරෙන්න බැහැ. ඊට මුහුණ දෙන්නම වෙනවා.

මෙතෙක් ඔබ රඟපෑ චරිත අතරින් මේ ඔබගේ ජීවිතයට සමීප චරිතය මොකක්ද කියලා ඇහුවොත්?
මේ සිද්ධ වෙච්ච දේවල් එක්ක බලද්දී නම් පොතක් ලියලා වෙනම කතාවක් නිර්මාණය කරන්න පුළුවනි. ගැහැණියක අසරණ වන විදිය කෙතරම්ද? මම උපරිමයෙන් අසරණ වුණා. ඊට මුහුණ දුන්නෙ ධර්මයට ළැදි වූ නිසාමයි.

නදී ජීවිතය කියන්නෙ?
ධර්මතාවයක්

සඳුන් ගමගේ
ලංකාදීප




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top