Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
අයහපත් කාලගුණයෙන් දෙලක්ෂ 35,000කට පීඩා - දිස්ත්‍රික්ක 8කට තවදුරටත් වැසි - වැසි නොතකා හමුදාවෙන් මුදවාගැනීමේ මෙහෙයුම් - Video

- අයහපත් කාලගුණයෙන් දෙලක්ෂ 35,000කට පීඩා - දිස්ත්‍රික්ක 8කට තවදුරටත් වැසි - වැසි නොතකා හමුදාවෙන් මුදවාගැනීමේ මෙහෙයුම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,576 Views
කිලිනොච්චිය, මුලතිව්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියේදී වැඩිවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර,  ඇඳ හැලෙන අධික වැසි නොතකා යුද හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල පීඩාවට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රිකයට වන අතර පවුල් 1519කට අයත් පුද්ගලයින් 51,434ක් පීඩාවට පත්ව තිබෙනවා.

ඉන් පවුල් 736කට අයත් 2313ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් දෙවන වැඩිම පිරිස වාර්තාවන්නේ මුලතිව් දිස්ත්‍රිකයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 9297කට අයත් 30,020ක පිරිසකට කඩිනම් සහන සැලසීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රිකයේ වැව් පිටාර ගැලීම හේතුවෙන් ප්‍රෙද්ශයේ මාර්ග රැසක්ද කැඩී ගොස් ඇති අතර යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඒවා පිළිසකර කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.

අම්පාර සහ කිලිකොච්චි දිස්ත්‍රික්කවල ජනතාවටද පවතින අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර අම්පාර දිස්ත්‍රිකයේ 25,027 දෙනෙකු සහ කිළිනොච්චිය දිස්ත්‍රිකයේ 23,334 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

කිළිනොච්චි දිස්ත්‍රිකයේ විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කිරීමත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යටවූ අතර ඊයේ රාත්‍රීයේ සිටම විපතට පත් ජනතාව මුදා ගැනීම සදහා යුධ හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

බේරා ගත් පවුල් 1877කට අයත් පුද්ගලයින් 6090 දෙනෙකු යුද හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

අද උදෑසන වන විටත් ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබූ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන්ද ඉන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටියා.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර මල්වතුඔය ල පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර පූජා නගර සීමාවේ කුඹුරු ඉඩම් අක්කර 250ක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර අද උදෑසන 6.25ට පමණ ත්‍රීරෝද රථයක් ගන්නෝරුව ඉන්ධන පිරවුම් හල අසල නවත්වා තිබියදී දිරා වැටුණු අඹ ගසක් ත්‍රී රෝද රථය මතට කඩා
වැටීමෙන් අනතුරක් සිදු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට යමින් සිටි දැරියක් ත්‍රී රෝද රථයේ රැදී සිටි අතර ඇය සහ ඇගේ පියා දිවි බේරාගත් ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top