Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"දරුවෝ පුංචි කාලේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණ නිසා, මම තව දරුවෝ හදන එක ගැන හිතුවේ නෑ.." - ජානක වික්‍රමසිංහ - Photos

- "දරුවෝ පුංචි කාලේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණ නිසා, මම තව දරුවෝ හදන එක ගැන හිතුවේ නෑ.." - ජානක වික්‍රමසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,615 Views
"ඒ දුව මට පළමුවරට තාත්තා කියලා කතා කරනකොට මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා..."

"මගේ පුතා අද ඉංජිනේරුවෙක්, දුව වෛද්‍යවරියක්..."

ඔහුගේ හඬින් ගීතවත් වූ අර්ථාන්විත ගීත බොහෝ දෙනෙකුගේ මතකයේ ඇති බවට සැකයක් නැත. ගායකයකු, ගීත රචකයකු මෙන්ම ගායක ගායිකා සංගමයේ සභාපතිත්වය දරමින් අනුපමේය සේවයක් කරන ඔහු නමින් ජානක වික්‍රමසිංහය. සෙනෙහෙබර දරු දෙදෙනකුගේ පියකු වන ඔහු ගැනයි මේ.

පියකු ලෙසින් හිස ඔටුනු පැළඳු දිනය මතකයේ තිබෙනවා ද?

ඔව්. අපි විවාහ වුණේ 1989 වසරේදී. පුතා ඉපදුණේ 1990 වසරේදී. බොහෝම ආදරණීය මතකයක්. දරුවකුගේ සම්ප්‍රාප්තිය දෙමාපියන්ට කොච්චර සතුටුදායක ද කියන දේ පුතාගේ උපතත් එක්ක අපිට දැනෙන්න පටන්ගත්තා. මුලින්ම පුතෙක් ලැබෙයි කියා බලාපොරොත්තුවක් නොවුණත්, පුතා ලැබුණාට පස්සේ හිතට ලොකු ශක්තියක් දැනුණා. පරම්පරාවක් ගෙනියන්න, සනුහරයක් ඇති කරන්න කෙනෙක් මටත් ඉන්නවා කියලා හිතුනා. දුව ලැබෙන්නේ 1993 වසරේදී. පුතා හිටපු පවුලට දියණියකගේ පැමිණීම ආලෝකයක් බඳුවුණා. ඇත්තටම කියනවා නම් හරිම පිරුණු බවක් ඇතිවුණා. දරුවෝ පුංචි කාලේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණ නිසා, මම තව දරුවෝ හදන එක ගැන හිතුවේ නෑ. ඒත් මට අද හිතෙනවා ඇයි මම තව දරුවෝ හැදුවේ නැත්තේ කියලා. දරුවෝ කියන්නේ සම්පතක්. ඇත්තටම මම දරුවන්ට ගොඩක් ආදරෙයි. මගේ දරු දෙදෙනාට වගේම, මේ ලෝකේ ඉන්න සෑම දරුවකුටම. මගේ ලේ ඝනකම නිසා මගේ දරුවන්ට වැඩි ආදරයක් තියෙනවා. නමුත් හැම දරුවෙක්ම දරුවෝ කියලා අපිට හිතන්න පුළුවන් නම්, ඇත්තටම මේ ලෝකය ගොඩක් ලස්සන වෙනවා.

පිය සෙනෙහස කියන දේ ඔබට දැනෙන්නේ කොහොම ද?

ලෝකයේ බොහෝ කවි, ගීත, උපමා නිර්මාණය වෙලා තියෙන්නේ අම්මාට. තාත්තා වෙනුවෙන් බිහිවෙලා තියෙන නිර්මාණ හරිම අඩුයි. ඇත්තටම කියනවා නම් මේ ලෙකේ තියෙන කිසිම දෙයකට අම්මාවයි, තාත්තාවයි උපමා කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. මට හිතෙන්නේ පිය සෙනෙහස කියන්නේ මේ ලෝකයේ කවදාවත් මැනලා ඉවර කරන්න බැරි, ඇස්තමේන්තු කරලා ගණනය කරන්න බැරි දෙයක්.

දරුවන්ව අද ඔබට දැනෙන්නේ කොහොම ද?

යහපත් දරුවකු සමාජගත කරනවා කියන්නේ දෙමාපියන්ට මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම පින්කමක්. මගේ පුතා අද ඉංජිනේරුවෙක්. දුව වෛද්‍යවරියක්. තාත්තා කෙනෙක් විදිහට අද මා අනේකවාරයක් දරුවන් දිහා බලලා සතුටු වෙනවා. ඒ වගේම මගේ හිතට නිතර දැනෙනවා මම ලොකු පින්කමක් කළා කියලා.

මේ උපමාවෙන් කොච්චර දෙයක් කියවෙනවා ද?

දරුවෝ අපිට වඩා ඉදිරියට යනවා දකින තරම් සතුටක් දෙමාපියන්ට තවත් නැහැ. අද මගේ දුව වෛද්‍යවරියක් වගේම, විශාරද උපාධි දෙකක් හිමි සංගීතය ශාස්ත්‍රීය මට්ටමින් හදාරන කෙනෙක්. ඇයයි මායි දිනක් රූපවාහිනී වැඩසටහනක ගීත ගායනයට ඉදිරිපත් වුණාම ඇගේ දක්ෂතාවය දැකලා පියකු ලෙසට මගේ දෑසින් සතුටට කඳුළු නැගුණු අවස්ථා අනන්තයි.

ඇය වෙනුවෙන් මා විසින්ම රචනා කරලා මමම ගායනා කරන මේ ගීතයට මම ගොඩක් ආසයි.

වැහි බිඳු නොවේද දොළ වුණේ

පොහොට්ටුව නොවේද පිපි මල වුණේ

පොඩි පැළේ නොවේද මහ ගස වුණේ

පුතේ නුඹ කවදාද මට වඩා උස වුණේ...”

අද වනවිට ඔබේ පවුලට තවත් පවුලක් එකතු වී තිබෙනවා?

ඔව්. මගේ පුතා විවාහ වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දියණිය සමඟ. ඒ දුව මට පළමුවරට තාත්තා කියලා කතා කරනකොට මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. ඇත්තටම ඒ දරුවා පවුලට එකතු වුණාම මට දැනුණේ අපේ පවුලට තවත් දුවෙක් ලැබුණා කියන උතුම් සතුට. අපි මේ ලෝකයේ ඉන්න සෑම දරුවකුටම ආදරය කරනවා කියන්නේ, මානව ගුණධර්මවලින් පිරිච්ච මිනිස්සු විදිහට ඒක හරිම වටින දෙයක්.”

ඔබේ ප්‍රාර්ථනය දරුවන් වෙනුවෙන්?

ලොවක් නිර්මාණය වන්නේ මවගේ කිරිවලිනුයි, හිරුගේ රැස්වලිනුයි බව මහා දාර්ශනිකයන් පවා ප්‍රකාශ කර තිබෙන දෙයක්. එහි විවාදයක් නැහැ. ඒ උතුම් බිහිවීමට පණ දෙන්නේ පියෙක්. උතුම් දරුවකු සමාජගත කිරීමේ වගකීම දෙව්ර රැඳෙන්නේ පියකුට. ඒ උතුම් පින්කමක් කළා කියලා ලොකු සතුටක් මගේ හිතට අද දැනෙනවා.

"ලංකාදීප"
අසුන්තා එදිරිසූරිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top