Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"මගෙ රත්තරං කෙල්ල මේ රටේ රැජිනක් කරනවා. දුවේ බය නැතුව ඉන්න..." - බිරිඳත් දරුවනුත් තනිකරදා, මාරක අනතුරකින් අවසන් ගමන් ගිය ප්‍රදීප්, ගමක්ම හඬවයි

- "මගෙ රත්තරං කෙල්ල මේ රටේ රැජිනක් කරනවා. දුවේ බය නැතුව ඉන්න..." - බිරිඳත් දරුවනුත් තනිකරදා, මාරක අනතුරකින් අවසන් ගමන් ගිය ප්‍රදීප්, ගමක්ම හඬවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,605 Views
සැමියා නැති බව නොදත් බිරිඳ තවමත් රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ..
"මම ලෙඩෙක්. මම බලාගන්න මට බේත් ගෙනත් දුන්න රත්තරං පුතා නැතිවෙලා.."
ප්‍රදීප් පිං අතේ වැඩ ගොඩාක් කළා, දැන් ඔහු මිය ගියා. ඒත් දරුවන්ට පිහිටක් නෑ..
 
අම්බලන්ගොඩ ඌරවත්ත සිදුවූ නොහික්මුනු රියදුරාගේ කතා පුවතේ කඳුල තවම අවසන් වී නැත.
 
ඔහුට අවශ්‍ය වූයේ අම්බලන්ගොඩින් කෑලි කිහිපයක් ලබා ගැනීමය. ඉදිරිපස කොළඹ බස් රථයට ඉස්සර කරන්නට ගියේ ඒ සඳහාය.

එහෙත් මේ වනවිට වටිනා ජීවිත හතරක් දැයට අහිමිවී හමාරය. එහි තවත් ඛේදවාචකයක් මෙසේ සඳහන් කරන්නෙමු.
 
මෙම රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ ‍ත්‍රීවීල් රථයේ රියදුරු මෙම පවුලේ මියගිය මාපියන්ගේ බෑණාය. ඔහුගේ බිරිඳ ද මේ වනවිට මෙම අනතුරින් බරපතල තුවාල ලබා රෝහලේ අසාධ්‍ය තත්වයේය.
 
ආදරණීය දරු දෙදෙනා තනිකර ඔහුද පසුගිය 05 වන දින මිය ගියේය. එහි ඛේදවාචකය අපි මෙසේ ලියන්නෙමු.
 
වයස අවුරුදු 42 ප්‍රදීප්ගේ බිරිඳ මේවන විට මෙම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ඇඳ මත වැතිර සිටී. තම ස්වාමි පුරුෂයා, සහෝදරියන්, දෙමාපියන් මිය ගිය පුවත ඇය මේ දක්වා නොදනී. එය කිසිවකු ඇයට පවසන්නේ ද නැත. එහෙත් ඔහු ද මේ වන විට අවසන් ගමන් ගොස් හමාරය.
 
මෙම පුවත සැලවූ මොහොතේ අප එම නිවසට ගොඩවදින විට වයස අවුරුදු තුනක් වූ ඕෂදී ලෙහන්සා මිදුලේ සෙල්ලම් කරමින් සිටියේ මහත් වූ සතුටුනි. ඒ නිවසේ නෑදෑ පිරිවර පැමිණ සිටි බැවිනි. ඔවුහු නිවසේ ටෙන්ට් පුටු ආදිය සකසමින් සිටියේය.
 
මේ කිසිත් නො නොදන්නා කුඩා දරුවා තාත්තා චොක්ලට් එකක් අරගෙන එන බව පැවසුවාය. ඔහුගේ වැඩිමහල් පුත් දෙනෙත් තාත්තා නැතිව නිවසේ සිටීමට නොහැකි බව පවසා ලොකු අම්මාගේ නිවසට ගොසිනි.
 
ජූලි 13 දින පොඩි දුවගේ උපන්දිනයදා ප්‍රදීප් මෙසේ කීවේය.
 
"මගෙ රත්තරං කෙල්ල මේ රටේ රැජිනක් කරනවා. දුවේ බය නැතුව ඉන්න..." එසේ කී රදීප් අද පෙට්ටියේ පැමිණෙන බව ඒ ළදරුවා නොදනී.
 
ඔහුගේ මව වන ජේ. පී. ආර්. සිල්වා යන අය මේ කිසිවක් දරාගත නොහැකිව පුටුවකට බරවී සිටී. හදවත් රෝගී කාන්තාවක් වන ඇය මේ දරුවන් බලා ගැනීමට ඉතිරි වී ඇති එකම කාන්තාවය.
 
කෙසේ වුවද එම නිවසට පැමිණි පිරිස ටරදීප් ගේ මව නගන විලාපය අසල ඇති විහාරස්ථානයට පවා ඇසෙන තරම්ය.
 
"මම ලෙඩෙක්. මම බලාගන්න මට බේත් ගෙනත් දුන්න රත්තරං පුතා නැතිවෙලා. දෙවියනි, මට දැන් කවුරුවත් නෑ..." ඇය විලාප නගන විට සැවොම නිහඬව බලා සිටියේ නිරුත්තරවය.
 
මේ වන විට අපට සම්බන්ධ වූ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී නිමල් ඒ. ද එස්. කණගරත්න මහතා මෙසේ පැවසීය.
 
"මේ මියගිය ප්‍රදීප් පිං අතේ වැඩ ගොඩාක් කලා. පන්සලේ උත්සව දන්සැල් ආදිය සියල්ලේ පෙරමුණ අරගෙන කටයුතු කලා. දැන් ඔහු මිය ගියා. ඒත් දරුවන්ට පිහිටක් නෑ. ඒ අයට කවුරුන් හෝ දානපතියකු පිහිට විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. වයස අවුරුදු 09 ක් වන දෙනෙත් දරුවා ඉගෙනීමට දක්ෂයි. සංගීතයටත් හරිම දක්ෂයි. එයාට පිහිටට දානපතියකු උදව් කලොත් දීප්තිමත් අනාගතයක් තියෙනවා.."
 
කෙසේ වුවද නොහික්මුණු රියදුරන් කරන අපරාධ ඉදිරියේදී අපි නැවත නැවතත් රටට පෙන්වා දෙන්නෙමු.
 
ධර්මදාස සිරිවර්ධන
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top