Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
"පාස්කු ප්‍රහාරයේ විමර්ශණ පක්ෂග්‍රාහී බවට සැකයක් තියනවා.." - කාදිනල් හිමියන් ජනපති කොමිසම හමුවේ කියයි - රහසිගත ප්‍රකාශයකුත් දෙයි - Video

- "පාස්කු ප්‍රහාරයේ විමර්ශණ පක්ෂග්‍රාහී බවට සැකයක් තියනවා.." - කාදිනල් හිමියන් ජනපති කොමිසම හමුවේ කියයි - රහසිගත ප්‍රකාශයකුත් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
අපි දන්න දේවල් කිව්වා, ඒ අනුව කටයුතු සිදු වේවී...
වගකීම ඉෂ්ඨ කරන්න අපි ඒ අයට සහය වෙමු..
අපිට නම් කියන්න බෑ කිසි කෙනෙකුගේ..
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පක්ෂග්‍රාහීව සිදුකරන බවට තම ජනතාවට සැකයක් පවතින බවට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.
 
අදාළ කොමිෂන් සභාව කාදිනල් හිමිපාණන්ගෙන් පැය දෙකකට ආසන්න කාලයක් රහස්‍ය සාක්ෂි විමසීමක්ද අද සිදු කළා.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළේ, ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්.
 
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති කොමිසමෙන් කළ විශේෂ ලිඛිත ඉල්ලීමකට අනුව කොමිසම අද උන්වහන්සේගෙන් සාක්ෂි විමසීම සිදුකළා.
 
සිය ලිඛිත ඉල්ලීම මගින් කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටියේ රහසිගතව සාක්ෂි ලබාදීමට අවසර ලබාදෙන ලෙසයි.
 
කෙසේ වෙතත් කොමිසම යලි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලා ඇත්තේ උන්වහන්සේ ලබාදෙන සාක්ෂිවලින් කොටසක් ප්‍රසිද්ධියේ ලබාදීමටත්, කොටසක් රහසිගතව ලබාදීමටත් කාරුණික වන ලෙසයි.
 
කාදිනල් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ චමත් ප්‍රනාන්දු ඇතුළු නීතිඥ කණ්ඩායමක් පංච පුද්ගල කොමිසම හමුවේ පෙනී සිටියා.
 
මීට අමතරව කාදිනල් හිමිපාණන් සමඟ කොළඹ පදවියේ සහයක රදගුරු හිමිපාණන් දෙපළ මෙන්ම තවත් පියතුමන්ලා රැසක් එක්ව සිටියා.
 
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සාක්ෂි විමසීම සිදුකළේ, අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියයි.
 
ඇය කාදිනල් හිමිපාණන්ගෙන් විමසා සිටියේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට ඉල්ලීමක් කළේ මන්ද යන්නයි.
 
ඊට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදුවූයේ තමන්ගේ ජනතාවට බැවින් කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට තීරණය කළ බවයි.
 
පාස්කු ඉරුදින කිතුණු ජනතාව පවුල් වශයෙන් විශේෂ භොජන සංග්‍රහයන්ට එක්වන්නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අනතුරුව විමසා සිටියා.
 
කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, සිංහල අවුරුදු දිනය වෙනුවට කිතුණු ජනතාව බොහෝවිට පාස්කු ඉරුදින උත්සවාකාරයෙන් සමරන අතර එහිදී භෝජන සංග්‍රයන්ට එක්වන බවයි.
 
එම භෝජන සංග්‍රහයන් ප්‍රධාන පෙළේ හෝටල්වල පැවැත්වෙන්නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ පැනයට කාදිනල් හිමිපාණන්ගේ පිළිතුර වූයේ එවැනි සම්ප්‍රදායක් නොමැති අතර අමෙරිකාවෙන් පැමිණි සංස්කෘතියකට අනුව ඇතැම් හෝටල් පාස්කු භෝජන සංග්‍රහයන් පිළිබඳ ප්‍රවර්ධන දැන්වීම් පළකර තිබූ බවයි.
 
2019 අප්‍රේල් මස 21 වැනි දින කතෝලික පල්ලියකට එල්ලවුණු ප්‍රහාරයක් ගැන දැනගන්නට ලැබුණේදැයි අයේෂා ජිනසේන මහත්මිය විමසා සිටියා.
 
කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, කොච්චිකඩේ දේවස්ථාන පාලක පියතුමන් දුරකථන ඇමතුමක් මගින් තමන් දැනුවත් කළ බවයි.
 
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විමසා සිටියේ කවුරුන් හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් දැනුවත් වීමක් කළේද යන්නයි.
පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් සඳහන් කළේ, තමන් කිසිසේත්ම දැනුවත් නොවූ බවත්, දැන සිටියේනම් දේවස්ථාන වසා දමා හෝ එම සිද්ධිය වළක්වා ගැනීමට කළ හැකි ඕනෑම දෙයක් සිදු කරන බවයි.
 
තමන්ට අන් සියළු දේට වැඩියෙන් වටින්නේ තමනගේ ජනතාව බව කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
 
තමන් යටතේ සිටින පියතුමන්ලා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේදැයි විමසූ පැනයට කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, රජයෙන් හෝ ආරක්ෂක අංශවලින් කිසිඳු පූර්ව දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
 
සෙත්සරණ කතෝලික සමාජසේවා ආයතනය විසින් ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැළසුවේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියා.
 
කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, මරණයක් වූවේනම් රුපියල් මිලියනයක් ලබා දෙන බවට රජයෙන් ප්‍රකාශ කළද එම මුදල ප්‍රමාණවත් නොවූ නිසා වෙනම අරමුදලක් පිහිටුවා සහන සැළසීමට කටයුතු කළ බවයි.
 
ප්‍රහාරයෙන් අනතුරුව රජයෙන් සිදුවියයුතුව තිබුණේ කුමක්දැයි අයේෂා ජිනසේන මහත්මිය අනතුරුව කාදිනල් හිමිපාණන්ගෙන් විමසීමක් කළා.
 
රුපියල් මිලියන්යක් වන්දි ලබාදීමට රජය තීරණය කළේ, පීඩාවට පත්වූවන් පිළිබඳ කිසිඳු ආකාරයක අධ්‍යයනයකින් තොරව බවත්, රජය සහන සැළසීම පිළිබඳ ලබා දුන්නේ මූලික පොරොන්දුවක් පමණක් වන අතර ඉන් අනතුරුව කිසිඳු සොයාබැලීමක් සිදු නොකළ බව උන්වහන්සේ සඳහන් කළා.
 
ආගමික සහජීවනය ඇති කිරීම සඳහා කුමන නිර්දේශ ඉදිරිපත් කරන්නේදැයි විමසූ පැනයට කාදිනල් හිමපානන් සඳහන් කළේ, සියළු ආගම්වල කටයුතු සඳහා එකම අමාත්‍යාංශයක් ඇති කිරීම සුදුසු බවයි.
 
අනතුරුව ආගමික හා ජාතික වශයෙන් බිහිවී ඇති දේශපාලන පක්ෂ පිළිබඳ අයේෂා ජිනසේන මහත්මිය විමසීමක් කළා.
 
කාදිනල් හිමියන් ඊට පිළිතුරු දුන්නේ ආගමික හෝ ජාති වශයෙන් පක්ෂ නිර්මාණය කිරිම සුදුසු නෙවෙන අතර එලෙස නිර්මාණය වී ඇති පක්ෂ රජයේ නීතියක් මගින් තහනම් කළ යුතු බවයි.
 
පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකෙරෙන විමර්ශන පිළිබඳ කාදිනල් හිමියන් සෑහිමකට පත්වන්නේදැයි අත්රේක සොලිසිටර් ජනරාල්වරිය උන්වහන්සේගෙන් විමසීමක් කළා.
 
කාදිනල් හිමියන් සඳහන් කළේ, සෑහිමකට පත් විය නොහැකි බවයි.
 
එම විමර්ශන පක්ෂාග්‍රාහීව සිදුවන බවට තම ජනතාවට සැකයක් පවතින බවද කාදිනල් හිමියන් වැඩිදරටත් සඳහන් කළා.
 
අංශ දෙකක් ඔස්සේ අදාළ විමර්ශන සිදුවිය යුතු බව ජනාධිපති කොමිසම හමුවේ කරුණු දක්වමින් සඳහන් කළ කාදිනල් හිමියන්, ප්‍රහාරයට සෘජුව වගකිවයුතු පිරිස හඳුනාගෙන දඬුවම් ලබාදීම සහ ප්‍රහාරය පිළිබඳ දැන දැනත් එය නොදන්වා සිටි පිරිස හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දීම එම අංශ දෙක බවයි.
 
ඉදිරියට මෙවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අත්රේක සොලිසිටර් ජනරාලිවරිය කාදිනල් හිමිපාණන්ගෙන් විමසීමක් කළා.
 
උන් වහන්සේ සඳහන් කළේ, බුද්ධි අංශ ශක්තිමත් කිරීම වැදගත් වන අතර ්‍රසමාජ සාමය ආරක්ෂා කිරීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවීම අනිවාර්ය බවයි.
 
එමෙන්ම සෑම රටකම බුද්ධි අංශ පැවැතිය යුතු අතර ඒවා දෙිශපාලනික බලපෑම්වලින් තොර වියයුතු බවත් උන් වහන්නේ සඳහන් කළා.
 
කවද ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් ආරක්ෂක කවුන්සිලය දිගිනි දිගටම රැස්විය යුතු අතර එම කවුන්සිලය තුළ දේශපාලන නායකයින්ට අවශ්‍ය දේ සිදු නොකළ යුතු බවත්, දේශපාලන නායකයින් අවශ්‍යනම් කවුන්සිගලය රැස් කිරීමටත්, තමන්ට අවශ්‍ය අය පමණක් කවුන්සිලයට කැඳවීමටත් නායකයින්ට හැකියාවක් නොමැති බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
 
කාදිනල් හිමියන් තවදුරටත් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකා රජය සිව්වරක් දැනුවත් කළ බව ඉන්දියානු මහකොමසාරිස්වරයා තමන් සමඟ පැවසූ අවස්ථාවේ තමන් පුදුමයට පත්වූ බව සඳහන් කළ කාදිනල් හිමියන් පැවසුවේ වළක්වැගත හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකි වීම බරපතල අතපසුවීමක් බවයි.
 
ඒ අනුව පැහැදිළි ලෙසම නායකත්වයේ දුර්වලවීමක් පෙන්නුම් කරන බවද කාදිනල් හිමියන් කොමිසම හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
 
ඉන් අනතුරුව කාදින්ල හිමියන්ගෙන් ප්‍රසිද්ධියේ සාක්ෂි විමසීටෙම් කටයුතු අවසන් වූ අතර රහස්‍ය සාක්ෂි විමසීම පැය 2කට ආසන්න කාලයක් පැවතියා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top