Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
කැළඹූණු කාළගුණයෙන් 30,000කට පීඩා - ගංවතුරට කොටු වූ වැලිකන්දේ ගොවීන් පිරිසක් මුදා ගනී - ධීවරයින්ටත් කාළගුණය අනතුරු අඟවයි - Video

- කැළඹූණු කාළගුණයෙන් 30,000කට පීඩා - ගංවතුරට කොටු වූ වැලිකන්දේ ගොවීන් පිරිසක් මුදා ගනී - ධීවරයින්ටත් කාළගුණය අනතුරු අඟවයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,262 Views
කන්තලේ පේරාරු ප්‍රදේශයේ නිවාස 100ක් පමණ ජලයෙන් යටවෙලා..
බදුල්ල මාර්ගයේ වැලිමඩ බැලුම්ගල, පස් කන්දක් කඩා වැටිලා..
නාච්චදූව වැවේ වාන් දොරටු 6ම මේ වනවිට විවෘතයි..
 
දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
මේ අතර දිස්ත්‍රික්ක 16 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

පොළොන්නරුව වැලිකන්ද මාදුරුඹය කුඩා ඔය ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුදුගලයන් 7 දෙනෙකු පොලසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව මුදාගෙන තිබෙනවා.
 
පොලීසිය සදහන් කලේ උදෑසන ගොවිතැන් කටයුතු සදහා පැමිණි අවස්ථාවේදී මාදුරුඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් නිසා ඔවුන් කොටුවී සිටි බවයි.
 
කෙසේ වෙතත් පැය 8ක මෙහෙුමකින් පසු ඔවුන් 7 දෙනා මුදාගැනීමට හැකිව තිබෙනවා.
 
අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති ජනතාව මුදා ගැනීම සදහා නාවික හමුදාව සහන සැලසීමේ කටයුතු සදහා ඉදිරිපත්ව සිටිනවා.

දිවයිනම ආවරණය වන පරිදි සහන කණ්ඩායම් සුදානම් කිරීමටත්, විපත් සිදුව ඇති ස්ථාන වෙත සහන කණ්ඩායම් අනුයුක්ත කරීමටත් නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
 
මධ්‍යම පළාතට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දියතලාව බණ්ඩාරවෙල දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ලේ සිට ධාවනය වන දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය සීමා කොට තිබෙනවා.
 
බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගයේ තන්තිරිය ප්‍රදේශයේදී යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
 
ඇදහැළෙන අධික වැසි හේතුවෙන් හාලිඇල මොරේතොට ඔයේ ජල මට්ටම ප්‍රචණ්ඩව ගලා යන අයුරු දිස් වුණා.
 
නුවරඑළිය - බදුල්ල මාර්ගයේ වැලිමඩ බැලුම්ගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
 
ඒ හේතුවෙන් ඒ 5 මාර්ගයේ එක් මංතීරුවක් එම ස්ථානයෙන් සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
 
පස් කඳු කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
 
නැගෙනහිර පළාතට ඇඳ හැළුණු අධික වැසි සමග කන්තලේ පේරාරු ප්‍රදේශයේ නිවාස 100ක් පමණ ජලයෙන් යටව පවතිනවා.
 
කන්තලේ අග්බෝපුර පේරමඩුව වැව පිටාර ගැලීම නිසා අග්බෝගම වැව් බැම්ම කැඩී යාමේ ඇති අවදානම හේතුවෙන් වැව් බැම්ම කඩා ඉවත් කිරීමට ගොවි ජන සේවා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කළා.
 
ඉන් ගලා යන ජලය දිවුල්ගස් වැවට එක්වී එය පිටාර ගැලීම හේතුවන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 400ක් පමණ ජලයෙන් යටව තිබෙනවා.
 
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කින්යා සහ තඹලගමුව කුඹුරු අක්කර 5000ක් පමණ ජලයෙන් යටව තිබෙනවා.
 
කින්නියා සහ තඹලගමුව ප්‍රදේශයවල මුහුදේ පවතින රළුබව හේතුවෙන් ධිවර ජනතාව ධිවර කටයුතුවලින් බැහැරව සිටියා.
 
මඩකලපුව නගරයට ඇදහැළෙන අධික වැසි සමඟ මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනව.
 
උතුරු මැද පළාතට ඇදහැළෙ අධික වැසි සමඟ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබෙනවා.
 
නාච්චදූව වැවේ වාන් දොරටු 6ම මේ වනවිට විවෘත කර තිබෙනවා.
 
ඉන් ජලය මුදා හැරෙන්නේ මල්වතුඔයටයි. මේ නිසා මල්වතුඔය පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස ජලාශය භාර ඉංජිනේරුවරයා ඉල්ලා සිටිනවා.
 
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30න් 16ක්ම විවෘත කර ඇති අතර තිසා වැවද වාන් දමමින් පවතිනවා.
 
මල්වතුඔය පිටාර ගැලීම නිසා අනුරාධපුර නගරයේ පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.
 
අනුරාධපුර පුජා නගරයේ අරිප්පු පාර පොලිස් මාර්ග බාධකය අසල ගසක් කඩා වැටීම නිසා රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
මැදිරිගිරිය පල්ලියගොඩැල්ල හරහා සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය පඹුරාණ ප්‍රදේශයෙන් ජලයෙන් යටව පවතිනවා.
 
කලා වැවේ වාන් දොරටු 2ක් අඩි 15 බැගින් විවෘත කර තිබෙනවා.
 
එමගින් තත්ත්පරයට ඝන අඩි 12900ක ජල ධාරිතාවක් කලාඔයට නිකුත් කෙරෙනවා. මේ හේතුවෙන් කලා වැව අවුකන මාර්ගයේ අවුකන වලව්වේගම සහ හිරිපිටියාගම ප්‍රෙදේශ ජලයෙන් යටව පවතිනවා.
 
අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ තත්ත්පරයට ඝණ අඩි 1250 කවේගයෙන් ජලය පිටව යන බව ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසුවා.
 
ගලෙන්බිදුණුවැව, කරඹැගමවැව වාන් දැමීම හේතුවෙන් ගලෙන්බිදුණු වැව කැකිරාව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
ගටලාව වැව වාන් දැමීම නිසා ගලෙන්බිදුණුවැව දුටුවැව මාර්ගයද යටව තිබෙනවා.
 
මරදන්කල්ල වැව වාන්දැමීම නිසා ගම්මනයේ නිවාස රැසක් ජලයෙන් යටව පවතිනවා.
 
ගිරාදුරුකොට්ටේ උල්හිටිය රත්කිද ජලායේ වාන්දොරටු 7ම විවෘතව පවතිනවා. මේ හේතුවෙන් උල්හිටිය රත්කිද හොබරියාව අගලඔය ප්‍ර දේශවල මාර්ග සහ වගා බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.
 
පවතින අධික වර්ෂාවත් සමඟ ඊයේ පස්වරුවේ අගල් 6ක් පමණ වාන් දැමූ කණ්ඩලම වැව අද පස්වරුව වන විට අඩි 1 හමාරක් දක්වා වර්ධනය වී ඇති බව මහවැලි නිලධරීන් පවසනවා.
 
පවතින අවධානමද නොතකා ප්‍රදේශයේ ජනතාව කටයුතු කරන ආකාරයද අපට දැකගත හැකි වුණා.
 
අම්පාර ලාහුගල ප්‍රදේශයේ හැඩඔය සහ මහවැව පිටාර ගැලීමෙන් කුඹුරු අක්කර 1000කට අධික ප්‍රමාණයෙන් යට තිබෙනවා.
 
අම්පාර කොඩුවටුවාන ජලාශයටද වාන් දමමින් පවතින අතර ඉඟිනියාගල සේනානයක සමුද්‍ර යේ ජල මට්ටමද අඩි 78දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
 
මේ අතර දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top