Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
වසර ගණනාවක් පෝස්ටර් , දැන්වීම් වලින් වැසී හැඩි වූ නගර අපේම රටේ තරුණයින් අතින් හැඩ වෙන්නේ මෙහෙමයි - Video

- වසර ගණනාවක් පෝස්ටර් , දැන්වීම් වලින් වැසී හැඩි වූ නගර අපේම රටේ තරුණයින් අතින් හැඩ වෙන්නේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,825 Views
රට සුන්දර කිරීමේ වගකීම ඉටු කරන තරුණ තරුණියන් සොයා හිරු ගිය ගමන...

වසර ගණනාවක් විවිධ පෝස්ටර් සහ දැන්වීම් වලින් වැසී හැඩි වූ නගර දැන් අපේම රටේ තරුණයින් අතින් හැඩ ගැන්වීම ආරම්භ වී තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එක් වූ තරුණ තරුණියන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රට සුන්දර කිරීමේ වගකීම ඉටු කරන හැටි හිරු ප්‍රවෘත්ති අපි සොයා බැලුවා.

රටේ විවිධ ස්ථාන නොයෙක් සිතුවමින් හැඩවෙන හැටි ඔබ සාමාජ මාධ්‍ය ඔස්සේත් යනෙන ගමන් බිමන් අතරතුර සියැසිනුත් දැක ඇති බවට සැක නැහැ.
 

දේශපාලනඥයින් ඇතුලු විවිධ පිරිස් පොස්ටර් අලවා වසර ගණනාවක් පුරා අපවිත්‍ර කළ රට පුරා තාප්ප, පාලම් වැනි ස්ථාන රූ රටාවෙන් හැඩ ගැන්වීමේ වගකීම උර මතට ගෙන ඇත්තේ මෙරට තාරුණ්‍යයි.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මේ නන්නාදුනන තරුණ කැල එකමුතු කරන්නේ නව මාධ්‍ය සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා චේතනාන්විතව බැහැර කරමිනුයි.

භේද නෙතකන තරුණයින්ගේ මේ එකමුතුව සුන්දර රටක් පිළිබඳ මතු බලාපොරොත්තු ඇතිකරවන සුළුයි.

කොළඹ හා අවට නගර වලට සීමා නෙවූ මේ රැල්ල රට පුරාම නැගෙමින් තිබීම එහි ඇති සාධනීය තත්ත්වයයි.

ඒ රැල්ලට හසු වූ තරුණ පරම්පරාවේ නෙක රූ රටාවෙන් රට පුරා මැවෙන්නේ අපූර්ව චමත්කාරයක්.

එහි බලපෑම කොතෙක් ද යත් රටේ ජනාධිපතිවරයාට පවා මෙම නිර්මාණශීලී තරුණ පරම්පරාව තමන්ට අභිමානයක් බවට සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තැබුවා.

තරුණ පරපුරේ සුබවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායක්ත්වය මේ සාක්ෂි සපයන්නේ රටේ අනාගතය වුව වෙනස් කරන්නට තමන්ට ඇති ශක්‍යතාවය පිළිබඳවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top