Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
කුරිරු ඝාතකයෙක් වූ සිය සැමියාට බිරිඳ උගන්වපු අමතක නොවන පාඩම - Photos

- කුරිරු ඝාතකයෙක් වූ සිය සැමියාට බිරිඳ උගන්වපු අමතක නොවන පාඩම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,514 Views
උපන්දින සාදයට පසුදින වැලරි ලේ විලක් මැද වැටී ඉඳලා..
සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් වූ ඝාතනය ගැන විමර්ශන ඇරඹූණු හැටි..
මිනීමරුවාගේ අන්තර්ජාල සෙවුම්වලින් බිරිඳ සොයාගත් දේ..
 
'වැලරී ග්‍රේව්ස්' ස්කොට්ලන්තයේ ජිවත් වූ කාන්තාවක්. එහෙත් පසුකාලීනව ඇය එංගලන්තයට පැමිණියා. ඒ සිය වයෝවෘද්ධ මව බලා කියා ගැනීම සඳහා යි. ඇගේ මව 87 හැවිරිදියි. වැලරිගේ හොඳම මිතුරිය වූ 'කැරෝලීස්' සිය සැමියා වූ මැල්කම් සමඟ පදිංචිව සිටියේ එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ සුවිසල් නිවසකයි.
 
මේ නිසා වැලරි නිතර එංගලන්තයට ගියා. සසෙක්ස් හි පදිංචි ඇගේ මිතුරිය හා සැමියා කෙටි නිවාඩුවක් ගත කිරීමට කොස්ටාරිකාවට යාම නිසා සිය වයෝවෘද්ධ මව ද සමඟ මිතුරියගේ සුවිසල් නිවසේ පදිංචි වීමට වැලරිට ඉඩ ලැබුණා. ඒ ඉකුත් 2013 වසරේදී යි.

එම වසරේ නත්තල සැමරූවේ ද ඇය සිය මිතුරියකගේ නිවසේ යි. නත්තල පසුවී දින කිහිපයක් ගත වීමත් සමඟ ඇගේ උපන්දිනය ද එම නිවසේදීම පැවැත්වුණා. ඒ සඳහා වැලරිගේ සොහොයුරිය වන ජැනට් හා ඇගේ පෙම්වතා නිගල් ඒකර්ස් ද සහභාගි වුණා. සාදය අවසානයේ ඔවුනොවුන් නින්දට ගියා.
 
වැලරිගේ සොහොයුරිය සහ පෙම්වතාත් වැලරිගේ මවත් ඉහළ මාලයේ කාමරයක නිදන්නට වුණා.
 
පසුදාට පහන් වුණා. උදෑසනින්ම ජැනට් තේ සැදීම සඳහා පහත මාලයට ගියා. එවිට ඇයට දැක ගත හැකි වූයේ ලේ විලක් මැද මැරී වැටී සිටින ඇගේ සොහොයුරිය වැලරියි. ඇය ඒ වන විටත් මිය ගොස් සිටින බව ජැනට්ට වැටහුණා. වැලරිගේ හිසෙන් ගලා ගිය රුධිරයෙන් ඇය නිදා සිටි ඇඳ නැහැවී තිබුණා.
 
ජැනට් වහා මේ බව පොලීසියට දැනුම් දුන්නා. පොලිස් නිලධාරින් ඒ සැණින් වැලරිගේ නිවස වෙත ආවා. විමර්ශන ඇරඹූ නිලධාරින්ට වැලරි මැරී සිටි ස්ථානයට අඩි හයසීයක් පමණ දුරින් තිබූ 'මිටියක්' සොයා ගත හැකි වුණා. එම මිටියෙන් පහර දී වැලරි ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කළා.
 
වැලරිගේ ඝාතකයා සොයා ගැනීම සඳහා පොලිසිය දීර්ඝ විමර්ශනයක නියැලුණා. අසල්වැසියන් 500කගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ ද සටහන් කරගනු ලැබුවා. සොයා ගත් "මිටිය" සියුම් ලෙස පරීක්ෂාවට ලක් කළ නිලධාරින් එහි තිබූ 'රුධිර කොටස්' වැලරිගේ රුධිරය සමඟ සසඳා බැලීමට DNA පරීක්ෂණයකට යොමු කරනු ලැබුවා. එහෙත් වැලරිගේ ඝාතකයා ගැන කිසිම තොරතුරක් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ.
 
වැලරි ඝාතනය කළේ කවුද? ඒ ඇයි?
 
මේ සියල්ලට හේතු කාරණා සෙවීම පොලීසියේ අරමුණ වුණා. වැලරිගේ ඝාතනය සසෙක්ස් ප්‍රාන්තය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.
 
ඇගේ ඝාතනය ගැන මාධ්‍ය මඟින්ද ලොකු ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා.
 
'ග්ලෝරියා' 27 හැවිරිදි කාන්තාවක්. ඇය විවාහ වී සිටියේ රුමේරියානු ජාතිකයෙකු වූ 'ක්‍රිස්ටියන් සැවෝ' සමඟයි. ඔහු නිවස්වල සුළු රැකියා කරමින් මුදල් සොයාගත් අයෙක්.
 
දිනක් 'ක්ලෝසියා' දුටුවේ ඇගේ සැමියා අන්තර්ජාලයේ සැරිසරමින් කිසියම් දෙයක් නරඹන අයුරුයි. ඇය සැමියාට හොරෙන් ඒ දෙස මහත් ඕනෑකමකින් බලා සිටියා. පසුව ඇය සැමියාගේ ජංගම දුරකථනයද පිරික්සා බැලුවා. එවිට ඇයට දකින්නට ලැබුණේ කාන්තාවන් ඝාතනය කිරීමේ සහ ඒ සඳහා යොදාගන්නා මිටියක රූප රාමු රැසක් ඔහුගේ දුරකථනයේ ඇති අයුරුයි. මෙම රූප පෙළ දුටු ඇගේ මතකයට නැඟුණේ ඉකුත් දිනක වැලරි නම් කාන්තාවක් මිටියකින් ගසා මරා දැමූ සිද්ධියේ මාධ්‍ය වාර්තායි. ඒ සමඟම ඇයට සැමියා ගැන සැකයක් ඇතිවුණා.
 
පසුව ඇය මේ සම්බන්ධයෙන් සැමියාගෙන් ප්‍රශ්න කළා.
 
"මේ තියෙන්නේ ඔයාගේ මිටිය නේද?" සැමියා ඊට කිසි පිළිතුරක් දුන්නේ නැහැ.
 
"උඹ උඹගේ වැඩක් බලාගනින්.." බැරිම තැන සැමියා ඇයට තර්ජනය කළා.
 
දින කිහිපයකට පසු ඇය මේ සියලු විස්තර සටහන් කොට එංගලන්ත පොලීසියට ඊමේල් පණිවුඩයක් යැව්වා.
 
වැලරිගේ ඝාතකයා සොයාගත නොහැකිව සිටි සසෙක්ස් පොලිසියට ක්ලෝසියාගේ ඊමේල් පණිවිඩය මහත් වටිනාකමක් ගෙන දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ක්‍රිස්ටියන් සැවෝගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණියා. ඒ DNA ලේ සාම්පලද සමඟයි. එම සාම්පල සැවෝගේ ලේ සාම්පල සමඟ සසඳා බැලීමෙන් අනතුරුව පොලිසිය සැවෝ අත්අඩංගුවට ගනු ලැබුවා.
 
අධිකරණ ඉදිරියට පමුණුවනු ලැබීමෙන් පසු සැකකාර 'සැවෝ' වැලරි ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත්තා.
 
පසුව වැලරිගේ ඝාතනයේ සුල මුල හෙළි වුණා. නිවෙස් වල සුළු රැකියා කරමින්, සුළු ආදායමක් ලැබූ සැවෝ වැලරි පදිංචි නිවසට ඇතුළු වූයේ එම නිවසේ අයිතිකරුවන් කොස්ටාරිකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගිය බව දැනගෙනයි.
 
ඒ බව දැන ඔහු නිවසට ඇතුළු වූයේ නිවසේ තිබූ වටිනා දේ සොරා ගැනීමටයි.
 
නිවසේ කිසිවකු නොමැති බව ඔහු සිතුවා. හිතේ හැටියට සොරකම් කිරීම සඳහා වැලරිගේ කාමරයට ද ඔහු ඇතුළු වුණා.
 
ඒ හඬින් නිදා සිටි වැලරි අවදි වුණා. මින් කලබල වූ සැවෝ තම අත තිබූ මිටියෙන් පහර පිට පහර දී ඇය මරා දැමුවා.
 
ඔහු මේ සියල්ල අධිකරණය හමුවේ සඳහන් කලා. ඒ අනුව නඩුව විභාග කළ විනිසුරුවරයා සැවෝ වැරදිකරු කරමින්, ඔහුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
 
ඒ අතර වැලරි ඝාතනය තම සැමියා විසින් සිදුකර ඇති බවට සැක කරමින් පොලිසියට ඒ බව දැන්වීමෙන් සිදු කළ සමාජ සත්කාරයටත් මිනීමරුවෙකු අත්අඩංගුවට ගැනීමට සහය දීම වෙනුවෙනුත් පවුම් 10,000ක මුදලක් ක්ලෝසියාට ප්‍රදානය කිරීමට අධිකරණය තීරණය කළා.
 
රෝහණ ආර්යරත්න


ඝාතනය වූ වැලරි (පහත ඡායාරූප බලන්න.)


 
ඝාතකයා වූ 'සැවෝ' අධිකරණයේදී (මොහුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.)


 
ඝාතනයට උපයෝගී කරගත් මිටිය (පහත ඡායාරූපය.)


 
'සැවෝ' පොලීසියට අල්ලා දුන් ඔහුගේ රූමත් බිරිඳ ක්ලෝසියා (පහතින් බලන්න.)
මැය ඔහුගේ පෙර බිරිඳ ලෙසත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.


 
සසෙක්ස් ප්‍රාන්තයම කම්පනයට පත් කළ පුවත පුවත්පත්වල පළව තිබූ ආකාරය පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top