ව්‍යාජ වීසා බලපත්‍ර ඉදිරිපත් කරමින් ඉරාන දේශසීමා හරහා යුරෝපීය රටක් වන ඇල්බේනියාවට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමානයේ මස්කට් නුවර සිට ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යාම සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගැනිමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදියි.
යාපනයේ පදිංචි මෙම තරුණයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.