නේපාලයේ - කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද සමත් වුණා.
ඒ වයස අවුරුදු 17 ත්, 23 ත් අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් තරඟ වදිමින්. එමෙන්ම, කරාතේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට හංසිකා හේෂානි හෙට්ටිආරච්චි සමත්ව තිඛෙනවා.
මේ අතර, මීටර් 100 පිරිමි ඉසව්ව සහ කාන්තා ඉසව්ව අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතයි.