Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
"ඒ වගේ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් ඒ ගැන නම් හිතලා බලන්න ඕනා..." - නිලුෂි පවන්යා

- "ඒ වගේ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් ඒ ගැන නම් හිතලා බලන්න ඕනා..." - නිලුෂි පවන්යාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,476 Views
නිරූපිකාවක් ලෙස කටයුතු කළ නිලුෂි පවන්යා වර්තමානයේ බොහෝ පිරිසක් අතර නමක් දිනාගෙන ඇත්තේ රංගන ශිල්පිනියක් ලෙසයි. මේ දිනවල හිරු රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යය තුළද දකින්නට ලැබෙන ඇය ඉදිරියේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි. මේ ඇය ගැනයි.

නිලුෂි ක්‍රිකට්වලට කැමතිද?
ඔව්, ක්‍රිකට්වලට කැමතියි. ඉස්සර මහේල, සංගක්කාර, ඩිල්ෂාන්, ක්‍රීඩා කරන කාළේ ක්‍රිකට් තරඟ නැරඹුවා. නමුත්, දැන්නම් ක්‍රිකට් තරග නරඹන්නේ හරි අඩුවෙන්.

කැමති ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවාද?
මම කුමාර් සංගක්කාරට කැමතියි. සංගක්කාර ක්‍රීඩා කරනවා බලන්න මම හරි ආසයි. ඒ වගේම මම ඔහුගේ පෞරුශත්වයටත් කැමතියි. අනෙකුත් ක්‍රීඩකයන් අතර ගත්තොත් ඔහුගේ පෞරුශත්වය නිතරම වගේ කැපී පෙනවා.

සංගක්කාර ශ්‍රී ලාංකිකයෙක් නේ. විදෙස් ක්‍රීඩකයෙකුට එහෙම කැමැත්තක් නැද්ද?
විදෙස් ක්‍රීඩකයෝ ගැන නම් මට ලොකු දැනීමක් නැහැ. නමුත්, ඉන්දීය නායක විරාත් කෝලිගේ නම නිතරම අහනවා දකිනවා. ඒ හින්දා මම ඔහුට කැමතියි. ඒ වගේම ඔහු ක්‍රීඩා කරපු තරග බොහෝමයක් මම නරඹලා තියෙනවා. ඔහු පිතිකරණයේ යෙදන විදිහ අපුරුයි.

නරඹපු හොඳම ක්‍රිකට් තරගය මතකද?
එකක් කියලා නැහැ. සංගක්කාර, මහේල ක්‍රීඩා කරපු 2011, 2015 එක්දින ලෝක කුසලාන තරග මතකයි. 2015 වසරේදී සංගක්කාර වාර්තා කළ පිට පිට ශතක කිහිපය මගේ මතකයේ තියෙනවා.

ක්‍රිකට් මුණගැහිලා කතාබහ කරලා තියෙනවාද?
ඔව්, සංගක්කාර, මහේල දෙන්නා මා සහභාගි වුණ වැඩසටහන් කිහිපයකදීම මුණ ගැහිලා තියෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?
ඒ ගැන නම් හිතලා බලන්න ඕනා. යෝජනාවක් කරපු ගමන්ම ඉතින් භාර ගන්නේ නැහැ. ඒ ගැන ටිකක් හිතන්න ඕනා.

ලංකාවේ ක්‍රිකට් පිළිබඳව ඔබගේ අදහස?
මහේල, සංගා, මුරලි, ඩිල්ශාන් ක්‍රීඩා කරපු කාළේ මම ගොඩක් ක්‍රිකට් තරග නරඹලා තියෙනවා. ලංකාවේ නම ලෝකයේ බැබලුණා නම් ඒ ක්‍රිකට්වලින් කියලා මට කියන්න පුළුවන්. වරක් මම ඉන්දියාවේ ගියා. එහිදි බොහෝ දෙනෙකු අපිව අඳුන ගත්තේ ක්‍රිකට් නිසා. මහේල, මුරලි, සංගා කියන නම්වලට ඉන්දියාවේ තියෙන්නේ ඉහළ තැනක. වර්තමාන කණ්ඩායම ගත්තොත් ජාත්‍යන්තරයේ ඉහළ තැනක් දිනාගන්න අසමත් වෙලා තියෙනවා. මම අඩුපාඩු කිහිපයක් දකිනවා. දක්ෂයෝ ගොඩක් හිටියට ඔවුන්ගේ දක්ෂතා නිසි ලෙස තෝරා ගන්න බලධාරින්ට අමතක වෙලා තියෙනවා. පාසල් මට්ටමින් ඉඳලා නිසි ක්‍රමවේදයකට ක්‍රීඩකයින් තෝර ගත යුතුයි කියලයි මම හිතන්නේ. එහෙම වුණොත් අපිට පුළුවන් වේවි අපේ රටේ නම ආයෙත් ලෝකය පුරා බබළවන්න.

බුද්ධික සේනාධීර
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top