Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
"ඒක දැකලා මටත් හෙලිකොප්ටරයක් හදන්න හිතුණා.." - පලා - පලතුරු විකුණල ඉගෙනගෙන හෙලිකොප්ටරයක් හදපු රත්නපුරේ දිලංකගේ සංවේදී කතාව

- "ඒක දැකලා මටත් හෙලිකොප්ටරයක් හදන්න හිතුණා.." - පලා - පලතුරු විකුණල ඉගෙනගෙන හෙලිකොප්ටරයක් හදපු රත්නපුරේ දිලංකගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,961 Views
" මේ වැඩේ මෙච්චර දුරට කරගෙන ආවේ බොහොම අමාරුවෙන්..."

"මේ ගුවන්යානේ හදන්න පටන් ගත්තේ හරියටම සති දෙකකට තුනකට උඩදී.."

රටේ ලෝකේ හුඟක් දෙනෙක් දන්නා විධියට මුල්ම ගුවන්යානය ලෝකෙට හඳුන්වා දුන්නේ රයිට් සහෝදරයෝලු. ඒ කියන්නේ නවසිය ගණන් පටන් ගන්න කොටම වාගේ ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ විල්බට් රයිටුයි, ඕවිල් රයිටුයි කියන අයියා මලෝ දෙන්නයි.

ඒත් ලංකාවේ අපි කියවලා තියෙන ඉතිහාසෙ හැටියට එයට අවුරුදු සිය දහස් ගණනකට උඩදී ලංකාවේ හිටපු රාවණා දඬුමොනරෙ ගිය කතා ගැන අහලා තියෙන විධියට ඒ නම්බුව ඇමෙරිකාවට දීලා නිකම් ඉන්න අපිට බැහැ.

රාවණා දඬුමොනරෙන් ගියේ එයාගේ ගිරි රාජධානිවලට. සීගිරිය, ලකේගල, සමන්ගිර වගේ රාජධානි පහක් ගැන ඉතිහාසයේ කියැවෙනවා. ඒවට ගියේ දඬුමොනරෙන් කියලයි කියන්නේ. ඒත් හුඟක් අය කතා කරන්නේ “සීතාව අරගෙන ගිය ගමන් බිමන්” ගැන විතරයි.

අද අපි කතාව පටන් ගත්තෙ රාවණ පරපුරේ තවත් කොල්ලෙක් ගැන කියන්නයි. ඔහු රාවණාගේ ප්‍රධානතම ගිරි රාජධානිය විධියට සැලකෙන සමන්ගිර පාමුල, ඒ කියන්නේ සිරිපා  අඩවියේ පාමුල, කුරුවිට, හිග්ගස්හේනෙ අප්පෙකුයි පුතෙකුයි නිර්මාණය කරන දඬුමොනරයකට සමාන යකඩ මොනරයක් ගැන කතාවක්.

මේ ගැන මට මුලින්ම දැනගන්න ලැබුණේ බුද්ධික ගුණවර්ධන සොහොයුරා මුහුණු පොතට දාලා තිබුණු පින්තූර පෙළකින්. ඒකෙන් කියැවුණේ පසුගියදා කුරුවිට මහජන ක්‍රීඩාංගණයේදී අත්හදා බලන්න ගිය නව නිපැයුමක් ගැනයි. ඒක ඉදිරිපත් කරලා තිබුණේ කුරුවිට මහ විද්‍යාලයේ 13 වසරේ සිසුවෙක්. ගුවන් යානයක අනුරුවක් නෙවෙයි ගුවන්ගත කරන්න පුළුවන් ගුවන් යානයක්ම තමා. ඒ එක්කම තිබුණ වීඩියෝ කිහිපයකුත් විමසිල්ලෙන් බලද්දී නිර්මාණයේ සුවිශේෂී බව වැඩි වැඩියෙන් දැනුණා.

ඒ නිසාම කල් නොදමම මේ සතියේ ආරම්භයේදීම කුරුවිට මහ විදුහලට ගියේ ඒ පුංචි නිර්මාණකාරයාගේ දක්ෂකම තව තවත් ඉස්මතු කර දෙන්න මටත් යමක් කරන්න ආපු සිතුවිල්ලත් එක්කමයි. දරුවා ගැන විස්තර අහගන්න මුලින්ම ගියේ විදුහල්පති කාර්යාලයට. ඒත් විදුහල්පතිතුමා බැහැරකට ගිහින්. හිටපු ගුරුතුමාට මම ආව කාරණය කිව්වත් එතුමාට මුලින්ම මාව හඳුනා ගැනීම ගැටලුවක් වුණා. අතේ තිබුණ හැඳුනුම්පතට අමතරව “මව්බිමේ” හැඳුනුම්පතත් ඉල්ලුවා.

මට දැනුණා එතුමාට දරුවාගේ දක්ෂතාව ගැන කියනවාට වඩා දැනිලා තිබුණේ එයාගේ රාජකාරිය බව. මම එයාට තුන් හිතින්ම ස්තුති කරලා කාර්යාලයෙන් එළියට එද්දී ඒ ඉස්කෝලෙම දරුවෙක් මගේ පස්සෙන් දුවගෙන ආවා.

“අංකල්, අංකල් ටිකක් ඉන්න. දිලංක අයියා ඉන්නෙ හිග්ගස්හේනෙ. එයා ප්ලේන් එක හැදුවෙත් ගෙදරදී. අංකල්ට විස්තර දැනගන්න පුළුවන් ගෙදරදී”

ඒ පුතා කියපු මඟ විස්තර අහගෙන මම කෙළින්ම ගියේ හිග්ගස්හේනෙ තරුෂි මෝටර්ස් හොයාගෙන.

වැඩි මහන්සියක් නැතිවම තැන හොයාගන්න විතරක් නෙවෙයි, මට මුලින්ම හමුවුණු අසල්වැසියා දිලංක පුතාගේ දක්ෂකම ගැන හරිම ආඩම්බරයෙන් මාව දිලංකගේ තාත්තාගේ වැඩපළටම එක්කරගෙන ගියා.

දිලංකගේ තාත්තා මෝටර් රථ කාර්මිකයෙක්. එයත් නිකම්ම නිකම් ගැරේජ් බාස් කෙනෙක් නෙවෙයි. අලුත් අලුත් විදියේ නිර්මාණ කරන කෙනෙක් බව මට දැනුණේ වැඩපළට ගියහමයි.

වැඩපළේ  තැනක ගාල් කරලා තිබුණු දඬුමොනරය දැක්කම මට ඇතිවුණේ ලොකු සතුටක්.

“ඉතින් සර් පුතා තවම ඉස්කෝලෙ. මම ගිහින් පුතාව එක්කරගෙන එන්නම්. ටිකක් ඉන්න” කියලා ගාමිණී සුරුස්ගාලා වාහනේකට නැග්ගේ මජං සූට් එක පිටින්මයි.

විනාඩි කිහිපයක් ඇතුළත ගාමිණී ආපහු ආවේ දිලංකයි දිලංකගේ අම්මයි, පුංචි, නංගිත් එක්කමයි.

දිලංක පුතාගේ දක්ෂකම ගැන අගය කරන ගමන්ම විස්තර කතාව පටන් ගත්තා.

අම්මා ඉනෝකා දිල්හානි තමා කතාවේ උෟන පූරණ කළේ.

“පුතා පවුලේ වැඩිමලා. එයාට නංගියි, මල්ලියි දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නෙ නංගි. එයාට අවුරුදු අටයි. මල්ලිට ‍ෙදාළහයි. පුතාට දහඅටයි. එයා දැන් උසස් පෙළ කරනවා. තාක්ෂණවේදය තමයි කරන්නේ. තාත්තාගේ ගැරේජ් එක තමයි මේ. අපිට ඉන්න හිටින්න හරියට ගෙයක් නැහැ. කුලියට තමා ඉන්නේ. ඒ හින්දා පුංචි කාලේ ඉඳලම පුතත් නිතරම තාත්තාගේ වැඩපළේ වැඩිපුර ඉන්නවා. ඒ නිසා පුතාටත් මේ වගේ වැඩ ගැන උනන්දුව වැඩියි.

අම්මා පිටු ගාණක කතාව හුස්මට දෙකට කියාගෙන ගියා. පුතා දිලංක කතාව පටන්ගත්තේ ඊට පස්සෙයි.

“දිලංක පුතාගේ නිර්මාණය ගැන ආරංචි වෙලයි මම ආවෙ. මොකද්ද පුතාට මේ ගැන කියන්න තියෙන්නේ?” මම මුල පිරුවෙ දිලංකගෙ නිහඬ බව තවත් දිග්ගස්සන්න නොදියි.
දිලංක හිනා වුණා. ආයෙත් කතා කළේ අම්මා ඉනෝකා.

“පුතා මේ ගුවන්යානේ හදන්න පටන් ගත්තේ හරියටම සති දෙකකට තුනකට උඩදී. එයා හද හදා හිටියේ පුංචි කාර් එකක්. ඒ වැඩේ මඟ නතර කරලා තමා මේකට අත තිබ්බේ.”

“හද හදා හිටිය කිව්වේ කාර් එක හදලා ඉවර නැද්ද?”

“නැහැ, නැහැ, ඒකෙ සමහර කොටස් අරගෙන තමා මේක හදන්න පටන් ගත්තේ” එහෙම කිව්වේ දිලංකගේ තාත්තා ගාමිණී.

“පසුගිය දවසක හදිස්සියෙම කුරුවිට පිට්ටනියට හෙලිකොප්ටරයක් පාත්කරලා තියෙනවා. අයහපත් කාලගුණය නිසා කොහොම හරි සෑහෙන වෙලාවක් ඒක එතැන තිබිලා. දෙතුන් විඩක්ම ඉහළ යන්න ගිහින් ආයෙම ආපහු බස්සලත් තිබුණා. ඒකෙ සද්දෙට ඉස්කෝලේ ළමයි පිට්ටනියට පිරිලා. පුතත් ඒ එක්ක ගිහින්. ඒ වෙලාවේ මෙයා මේක උනන්දුවෙන් බලලා. ඉහළට යන හැටි පහළට එන හැටි විමසිල්ලෙන් හිටලා ගෙදර ආපු ගමන් තමා කිව්වේ තාත්තේ මටත් හිතුණා හෙලිකොප්ටරයක් හදන්න කියලා.

පුතා එහෙම කිව්වට මට නම් ඒක හදන එකේ බරපතළකම දැනුණා. මොකද පළමු කාරණේ තමා ඒවාගේ ලොකු වැඩකට අතගහන්න තරම් අපි සල්ලිකාරයෝ නෙවෙයි. ඒ වගේම අපිට ඒ වගේ දෙයකට උදවු කරන්න තරම් අයත් එච්චරටම නැති නිසා. නැත්නම් පුතාගේ කාරෙක හදන වැඩෙත් ඔහොම මඟ නවතින්නෙ නැහැ.” තාත්තා ගාමිණී කිව්වේ හැඟුම්බරව.

“ඒත් පුතාගේ අදහස වෙනස් වුණේ නැහැ. එයා අන්තර්ජාලය හාරහා හුඟක් තොරතුරු හොයලා. ලොකු උනන්දුවකින් විතරක් නෙවෙයි ලොකු බලාපොරොත්තුවකින් පොත්පත් හොයලා බලනවා, ගුරුවරුන්ගෙන් අහනවා. මේක දැන් මටත් ලොකු බරක්. දරුවාගේ ආශාව කොහොමද පිරිමහන්නේ කියලා. බැරිම තැන මමත් හා කිව්වා. ඒ අතරෙ තමා අපි වැඩේට බැස්සා. මුලින්ම එයා කළේ වැඩේට අදාළ තාක්ෂණ දැනුම ලබපු එක. එයා අන්තර්ජාලය හරහා ඒ ගැන දැනුම ලැබුවා. නොතේරෙන දේවල් ගුරුවරුන්ගෙන් ඇහුවා. යානාවේ සැකිල්ල එයා කියන විධියට මම නිර්මාණය කළා. හැඩය ගත්තේ අන්තර්ජාලයේ තියෙන පින්තුර විස්තර බලලා පුතා මට කිව්වා. අපි රෑ දවල් නැතිව පුතාට ඕන ඕන විධියට හදලා දුන්නා.

මොකද මෙයාගේ ඉස්කෝලේ තාක්ෂණ දිනය තිබුණෙ පසුගිය 21. එදාට පෙන්නන්න ඕන කියලයි පුතා කිව්වේ. සමහර දවස්වල නිදිවරාගෙන රෑ එළිවෙනකන් කළා. රෑ නිදිවරාගෙන විතරක් නෙවෙයි ගැරේජ් එකේ වැඩ නවත්තලා තමයි පුතාගේ වැඩේ කළේ” අම්මා, ඉනෝකා ආයෙමත් කතාවට එකතු වුණා.

“භාරගන්න වැඩ වෙලාවට දුන්නෙ නැතිව සමහරු ‍ෙදාස් කියලා ගිය වෙලාවලුත් තිබුණා.

එතකොට තාක්ෂණ තත්ත්වය කොහොමද? මම දිලංකව ආයෙම කතාවට එකතු කරගත්තා.

මම මුලින්ම බැලුවෙ සැකිල්ලෙ බර...........ඊළඟට ඒ බර උස්සන්න කොච්චර අශ්වබල ගණනක් ඕනද කියලා.

අපි ඒකට ගැළපෙන විධියට එක එක විධියෙ එක එක බලයේ මෝටර් යොදාගෙන පරීක්ෂණ කළා. අන්තිමට තමා මේ ඇන්ජිම හයි කළේ. මේ ඔක්කොමගෙ බර කිලෝග්‍රෑම් 65ක් විතර. මේ බර උස්සන්න අශ්වබල 50ක ඇන්ජිමක් ඇති කියලා මට දැනුණා. ඒකට අපි යොදාගත්තෙ රේස් පදින මෝටර් සයිකල් ඇන්ජිමක්. ඒකෙත් පොඩි පොඩි වෙනස්කම් කළා. මෝටර් බයිසිකල් ඇන්ජිම එන්නේ එයා කූල් එකක් විධියට. අපි මේකට රේඩියේටරයක් දමලා “වෝටර් කූල්” එකක් කළා. ඒ නිසා එන්ජිමට අපහසුවක් නැතිව රේස් කරන්න පුළුවනි. ඒ නිසා අවශ්‍ය විධියට යානය ඉහළ නංවන්න බලය ලැබෙනවා.

“එතකොට මේ යානය ඉහළට නග්ගලා තියෙනවද?” මම දිලංකගෙන් ඇහුවෙ තාත්තාගෙ කතාවට විරාමයක් දෙමින්මයි.

ඒත් අම්මා ඉනෝකා තමයි ඒකට උත්තර බැන්දෙ.

“මහත්තයො අපි එදා කුරුවිට පිට්ටනියේදී මේක අත්හදා බලන්න හැදුවා. ඒත් කුරුවිට පොලිසිය ඇවිත් කිව්වා අඩියක්වත් ඉහළට ගන්න එපා කියලා අවසර ගන්නේ නැතිව. දැන් අපිට තියෙන ගැටලුව ඒකට අවශ්‍ය අවසරය ලබාගන්න එක. සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව එක්ක මේ ගැන කතා කරගන්න ඕන. ඒත් තවම ඒකට පිළිවෙළක් නැතිවයි ඉන්නේ.

මොකක්ද තියෙන ගැටලුව? ඉනෝකාගේ මූණෙ තිබුණු ගැටලුකාරී බව දැක්කම මම එයාගෙන් ඇහුවෙ කියාගන්න බැරි දෙයක් තිබෙන බව දැනුණ නිසයි.

ඇත්තම කියනවා නම් මහත්තයෝ දැන් අපට තියෙන ලොකුම ගැටලුව මේකට අවශ්‍ය වියපැහැදම් නැතිකම. මොකද මේ වැඩේ මෙච්චර දුරට කරගෙන ආවේ බොහොම අමාරුවෙන්. සල්ලි හොයාගන්නේ ණයට තුරහට. සමහර වැඩ කරගන්න බඩු ගන්නේ  ණයට. දැන් ඒ අය ඒ සල්ලි ඉල්ලනවා. මේ වැඩේට හිරවුණු නිසා තාත්තාට වැඩක් කරගන්නත් බැරි වුණා.

සමහර වැඩ කළේ ගැරේජ් එකේ ඔක්කොම එකතු වෙලා. ඒ අයට පඩි නඩි බේරන්න එපෑ. ඒ හින්දා තවදුරටත් මේක කරගෙන යනඑක තමයි ගැටලුව. අම්මා එහෙම කියද්දී ආයෙම මම දිලංකව කතාවට එක්කර ගත්තේ. අම්මා හුඟක් හැඟුම්බරව කතා කරන්න ගත්ත නිසා.

පුතාට විශ්වාසද දැන් මේ යානය ඉහළට නංවන්න පුළුවන් කියලා.

පුතා හිනාවුණා. මට දැනුණේ හරි කියලා. උත්තරේ ලැබුණෙ තාත්තාගෙන්. අපි බැලුවෙ ටික ටික උඩට ගන්න. ඒත් අපි ළඟ ආරක්ෂක මෙවලම් නැති නිසා ඉහළට ගත්තේ නැහැ. මොකද පිළිපදින්න ඕන තවත් කොන්දේසි තියෙනවා.

ඒත් අපිට දැන් හොඳටෝම විශ්වාසයි අපේ වැඩේ සාර්ථකයි කියලා. මහත්තයා අපි ඉල්ලන්නේ අපේ මේ උත්සාහයෙ මල්පල ගන්වලා මේක අහසෙ පියාසර කරවන්න විතරක් නෙවෙයි. පුංචි දරුවගේ මේ නිර්මාණයත් එක්ක එයාව දිරිමත් වෙන විධියේ යමක් කරන්න කියලා. මොකද පුතා හැම දෙයකටම දක්ෂයි, උනන්දුයි. දැන් උසස් පෙළ විභාගෙට සූදානම් වෙනවා තාක්ෂණවේදය. ඒත් අමතර පන්ති යන්න විධියක් නැහැ. ඒකට මුදල් නැහැ. අතරින් පතර හරි පන්තියකට යන්නේ එයාම මහන්සිවෙලා හොයාගන්න සල්ලිවලින්.
පුංචි කාලේ ඉඳලම එයා ඒ ගැන උනන්දුයි. ගමේ ඉන්න කාලේ වත්තේ වවනවා. එළවළු, පලා විකුණලා හොයපු සල්ලිවලින් තමා පොතපත ගන්නේ. ලොකු වුණාම දූරියන් වාරෙට ගම වටේ ගිහින් දූරියන් එකතු කරගෙන ඇවිත් පාරේ තියාගෙන විකුණනවා. එයා බොහොම දුක් විඳලා තමයි මේවා කරන්නේ. නංගිටයි මල්ලිටයිත් වියදම් කරන්න එපැයි.

මේ ඉන්නෙ නංගි. මෙයා නැටුමට බොහොම දක්ෂයි. පසුගිය දවසක ටීවී වැඩසටහනකටත්  ගිහින් තේරුණා ඒත් ඒක දිගටම යන්න බැරිවුණා. මොකද ඒවාට වියදම් එපායෑ. අම්මා ඉනෝකා බොහොම බැරෑරුම් විධියට කිව්වා.

අපේ කතාව යද්දිම ගාමිණී යානාව නග්ගන්න සූදානම් වුණා. යානාවේ තැනින් තැන සවිකරලා තිබුණු විදුලි බුබුළු එකින් එක පත්තු වෙන්න ගත්තා. ඇන්ජිම පණගන්වන ගමන් ඒකේ වේගය ටික ටික වැඩි කළා. හිමින් හිමින් ලීවරයක් සීරු මාරු කළා. සැකිල්ල පිටුපස තිබුණ හුළං පෙත්ත එහෙට මෙහෙට හැරුණා. ඉහළ තිබුණ පෙත්ත තවම නිසොල්මනේ. ඒත් ඇන්ජිම ටික ටික වේගය වැඩිවෙනවා.

දිලංක යානයේ ආසනයට ගොඩ වුණේ ඊළඟට. ඉනෝකා පුංචි දුවත් අතින් අල්ලන් යානය ළඟින් අෑත් වුණේ මටත් ඒ අය යන දිහාට එන්න කියන ගමන්. තවත් ලීවරයක් සීරුමාරු වෙද්දී යානයේ ඉහළ අවර පෙති දෙක හිමින් හිමින් පණ ගැන්වුණා.

පුතා යානයේ නැඟලා තාත්තා ගාමිණී යානය පහළ ඉඳන් ඉහළට ඇදෙන එක පාලනය කරනවා. ටික ටික උඩට යන්න යානය තනන හැටි බලා ඉන්දි මටත් දැනුණේ ලොකු සතුටක්. ඉනෝකා තමයි දුර ඉඳලා අණ දෙන්නේ. දැන් ඇති, දැන් ඇති,  ඊයෙත් පොලිසිය ආවනෙ, මතකයිනේ එපා කිවුවා. ඉනෝකාගේ අණට තාත්තයි පුතයි යානයේ වේගය ටික ටික අඩු කළා. හුළං පෙත්ත නැවතුණේ තවත් විනාඩි කිහිපයක් ගිහින්.

මට මතක් වුණා එදා ඇමෙරිකාව, එංගලන්තෙ කට්ටිය බැලුන්වල නැඟලා ඉහළ ගිය හැටි. තටු හයිකරගෙන ඉගිල්ලෙන්න ගිය හැටි. ඒ වගේම රයිට් සහෝදරයෝ දෙන්නා ගුවන් යානය නිර්මාණය කරපු හැටි.

ඒ වගේම නේද මේ තාත්තයි, පුතයි. ගාමිණී පුෂ්පකුමාර තාත්තා, තරුෂති දිලංක පුතා. වැඩි දවසක් යද්දීම මේ යානය ගුවන් ගත කරාවි කියලා මට හිතුණා.

ඒත් මම ඉල්ලන්නෙ මේ තාත්තාගෙයි පුතාගෙයි යානය ගුවන් ගත කරවන්න කියලා නෙවෙයි. මේ වගේ නිර්මාණයක් කරන්න දැනුම උනන්දුව වගේම ඕනෑකම තියෙන කාර්මික පවුලකට තමන්ගේ නිර්මාණ හැකියාව නංවන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති කරන්න. ඒකට අත දෙන්න කියන එකයි.

ඒ දැනුම කේන්ද්‍ර කරගත් රටක් කරා යන අලුත් ගමනට මේ වගේ දරුවෝ ලොකු සම්පතක්. ඒ සම්පත් නිසි ලෙස යොදා ගැනීමයි අදට අවශ්‍ය.

ධර්මප්‍රිය ලියනආරච්චි




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top