Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
29
මාවනැල්ල නගරය අවට පවතින කුඹුරු ඉඩම් ගොඩ ඉඩම්බවට පත් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හිරු සී.අයි.ඒ. අනාවරණය කරයි - Video

- මාවනැල්ල නගරය අවට පවතින කුඹුරු ඉඩම් ගොඩ ඉඩම්බවට පත් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හිරු සී.අයි.ඒ. අනාවරණය කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,242 Views
මාවනැල්ල නගරය අවට පවතින කුඹුරු ඉඩම් ගොඩ ඉඩම්බවට පත් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හිරු සී.අයි.ඒ.අනාවරණ කර ගත්තා.

පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ව්‍යාපාරික හිතවතුන් පිරිසක් සිදුකරන මෙම නීති විරෝධී ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් ද සෘජු දායකත්වය ලබාදී තිබෙනවා.

අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබදවයි.

පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත් කර විකුණන මෙම ජාවාරම හරහා මේ වනවිටත් මාවනැල්ල නගරය අවට ඉඩම් රැසක් වෙන්දේසි කර අවසන්.

මෙම ජාවාරම සදහා බැමිණියවත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හිටපු උසස් නිලධාරියෙකු ඇතුළු සේවකයන් කිහිපදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇති බවයිට හිරු සී.අයි.ඒ.කරුණු අනාවරණ කර ගත්තේ.

මේ ඔබ දකින්නේ විශාල ප්‍රමාණයේ කුඹුරු ඉඩමක් නීති විරෝධීව ගොඩකර මේ වන විට එය කැබලි කර වෙන්දේසි කර අති අයුරුයි. 

මාවනැල්ල කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ජාවාරම සොයා ගිය හිරු සී.අයි.ඒ.කණ්ඩායම දැක ගත හැකිවුයේ මේ වනවිට මාවනැල්ල සුසාන භූමිය ඉදිරිපිට විශාල කුඹුරක්ද ජාවාරම්කරුවන් විසින් මේ වන විට ගොඩකරමින් පවතින බවයි.

ටිපර් රථවලින් දිනකට පස් කියුබ් දහස් ගණනින් ගෙනවිත් මෙලෙස කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ජාවාරම සිදුකරනවා.

මෙම ගොඩකිරීම පිළිබද පොලිසියට පැමිණිලි ද ඉදිරිපත් වී ඇති බවයි අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ.

එහෙත්, ජාවාරම්කරුවන්ගේ මෙම ක්‍රියාවලිය නවතා දැමීමට මේ වන තෙක් කිසිදු බලධාරියෙක් ක්‍රියාත්මක වී නොතිබීම විමතියට කරුණක්. 

කෙසේ වෙතත් හිරු සී.අයි.ඒ.කණ්ඩායම මෙම ජාවාරම සිදුවන ආකාරය රූගත කරන අයුරු දැකීමත් සමග ජාවාරම්කරුන් කලබලයට පත් වුණා.

ක්ෂණිකව ක්‍රියාත්මක වු ඔවුන් වහා ලොරියක් මෙම ස්ථානයට ගෙන්වා ගෙන බැකෝ යන්ත්‍රය රැගෙන යාටමයි කටයුතු කළේ.

පසුගිය රජය සමයේ සිට කූට ලියකියවිලි සකස් කරමින් සිදුකරගෙන ගිය මෙම ජාවාරම හරහා ප්‍රදේශයේ ගොවීන් අසරණවද්දී කූට ව්‍යාපාරික පැළැන්තිය කෝටිපතියන් බවට පත්ව තිබෙනවා. 

දැන්වත් මෙම නීති විරෝධී ජාවාරමට තිත තැබිය යුතු නොවේද?



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top