Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
29
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි - Video & Photos

- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,062 Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙන් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරුණා.
 
එහිදී ද මෙරට දෙමළ ප්‍රජාවේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
 
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් අතර හමුව අද පෙරවරුවේ පැවැත්වුණා.

එහිදී ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 
ශ්‍රී ලංකා නව රජය අනුගමනය කරන වැඩපිලිවෙලට ඉන්දීය රජයේ පූර්ණ සහය හිමිවන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.
 
ආර්ථික සංවර්ධනය අරමුණු කර ගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා නව යුගයකට රැගෙන යාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අපේක්ෂාව බවයි එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.
 
දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් පළ කළ ඔහු කියා සිටියේ ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම ඊට අවශ්‍ය මූලික කොන්දේසිය බවයි.
 
මේ අතර, ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවට සහතික කළේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් ප්‍රකාශ කළා.
 
ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය පිළිබදව ඊයේ පැහැදිලි කිරීමක් සිදුකරමින්. නරේන්ද්‍ර මෝදි රජය අසල්වැසියන්ට ප්‍රමුඛත්වය යන පදනම මත කටයුතු කරන බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වීමෙන් පසු එළඹුණු පළමු දිනයේදීම තමා ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවත් ඔහු සිහිපත් කළා.
 
විදේශ කටයුතු ඇමති එස්. ජායිශංකර් වැඩිදුරටත් අවධාරණය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියළු ශ්‍රී ලාංකිකයන්ට තම නායකත්වය ලබාදෙන බව පැවසීම පැහැදිලි සහතිකයක් ලෙස සැලකිය යුතු බවයි.
 
ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විදේශ ප්‍රතිපත්තිය මෙරට ඉන්දීය සම්භවයක් සහිත ජනතාව ප්‍රමුඛ දෙමළ ජන කොටස හා බැදී පවතිනවා.
 
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුන් වෙත සාධාරණ සැලකිල්ලක් දක්වන බවට සහතික වී ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා සිය ප්‍රකාශය මගින් පෙන්වා දී ඇත්තේ.
 
මේ අතර, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් ද ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top