රාජ්‍ය ආයතන සඳහා දක්ෂ සහ සුදුසුකම් සහිත වෘත්තියවේදීන් පත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාල වෘත්තිකයන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.
එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහයි.
එමෙන්ම එම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයස් ගෝමස්, ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විතයි.
රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වානිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයින් පිළිබඳ නිර්දේශ ලබන මස 18 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලය කමිටුව වෙත දැනුම්දී තිබෙනවා.
එමෙන්ම නොර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අලි අල් මුආලා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දහවල් දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි. ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතව තිබෙනවා. මෙම සංචාරයට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවීනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද එක්වනවා.