Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
28
"වෙනදා නම් අපි දෙන්නා හිතු මතේ වැඩ කළා, මම දැන් විශ්‍රාම ගන්නයි හිතාගෙන ඉන්නේ.." - ප්‍රියන්ත සෙනෙවිරත්න - Photos

- "වෙනදා නම් අපි දෙන්නා හිතු මතේ වැඩ කළා, මම දැන් විශ්‍රාම ගන්නයි හිතාගෙන ඉන්නේ.." - ප්‍රියන්ත සෙනෙවිරත්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,495 Views
"හිරු රූපවාහිනියේ 'හිරු සුපර් ඩාන්සර්' කියන වැඩසටහනේ ඉදිරිපත් කරන්නෙක් විදියට සහභාගි වුනා. එහිදි දවසින් දවස විවිධ චරිත මඟින් වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක් කරමිනුයි මා නරඹන්නන් අතරට ගියේ.

ඒ කියන්නේ ඔහු බෙහෙවින් කාර්යබහුල රංගන ශිල්පියකු වී හමාරයි. ඒ විතරක් ම නොවෙයි, මේ දවස්වල තිරගත වන 'ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයේත් ඔහුගේ රඟපෑම අප දකිනවා.

"උදයකාන්ත වර්ණසූරිය මහත්තයාගේ චිත්‍රපය තමයි 'ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්' කියන්නේ. එහි මට රඟපාන්න ලැබුණේ ප්‍රධාන චරිතයක්. මේ දවස්වල එය ප්‍රදර්ශනය වෙනවා. මේ චිත්‍රපටය කරන කාලයේ උදයකාන්ත මහත්තයා මට කතා කරලා කිව්වේ මම කරන්න යන්නේ කොමඩි චිත්‍රපටයක් නොවෙයි. ඒත් මිනිස්සුන්ට යමක් හිතන්න අවබෝධ කරලා දෙන්න දෙන චිත්‍රපටයක්. මේකේ ඔයාගේ චරිතය ඇවිල්ලා ඔයාමයි කියලා. මේ චිත්‍රපටයේ මගේ චරිතයේ නමත් ප්‍රියන්ත. මාව එහිදි හඳුන්වලා දෙන්නෙත් ඒ විදියටමයි. ඒක හරිම සීරියස් රෝල් එකක්. එහෙම වුණත් මට හිනා වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. එයට අමතරව මේ චිත්‍රපටයට කලින් මා රඟපෑවේ ගිරිරාජ් කෞශල්‍යගේ 'කතුරු මිතුරු' කියන චිත්‍රපටයේ. එහි සියලු කටයුතු අවසන් වෙලා අපි මේ ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වන තුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ කටයුතුවලට අමතරව මගේ ගුරු වෘත්තියේ කටයුතුත් කරගෙන යන අතර ම නාට්‍ය හා රංගකලාව පන්තිත් ආරම්භ කළා. අ.පො.ස.සාමාන්‍ය පෙළ ළමයින්ගේ ප්‍රායෝගික පරීක්ෂණ තිබුණා. ඒ කටයුතුත්, පාඩම් කටයුතුත් අවසන් කළා. ඒ වගේ ම උසස් පෙළටත් පන්ති ආරම්භ කළා."

"අවුරුද්ද අවසානයේ විවිධ ආයතනවල සුහද හමු ආදි විනෝදාස්වාදය ගෙනෙන විවිධ වැඩසටහන් තිබෙනවා. ඒ ලැබෙන ආරාධනා අනුවයි ඒ වැඩසටහන්වලට ගිහින් ගිරිරාජ්ත්, මමත් විනෝදාත්මක නාට්‍ය අංග ඉදිරිපත් කරන්නේ. ඒ වගේ වැඩසටහන් යූ-ටියුබ් එකේත් දැන් ඔබට නරඹන්න පුළුවන්. මේ ඉදිරිපත් කරන විනෝදාත්මක නාට්‍යවලට, අපේ කොමඩි රඟපෑමට හොඳ ඉල්ලුමක් තිබෙන බවයි අපට හැඟුණේ. මොකද බොහෝ අය අපෙන් විමසන්නේ ඔයාලගේ මේ වැඩසටහන් එක එක තැන්වල තිබෙන නිසා ඔයාලගේම යූ-ටියුබ් චැනල් එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි කියලයි. ඒ සඳහා පිළිතුරක් ලබා දෙන්නයි අපි දෙන්නා මේ දවස්වල වෙහෙසන්නේ. ඉදිරියේදි ගිරිරාජ් විත් ප්‍රියන්ත කියන යූ - ටියුබ් චැනල් එක ළඟදීම ලෝන්ච් කරන්නයි බලාපොරොත්තු වන්නේ.”

ප්‍රියන්ත ඇතුළු පවුලේ සියලු දෙනාම නියැළෙන්නේ එක එක වැඩවල. ලබන අවුරුද්දේ ඕලෙවල් කරන්න ඉන්න පූජානි මාණික්‍යා දුව ඉගෙන ගන්නේ 9 පන්තියේ. චිරාත් ගගන් පුතා 7 පන්තියේ. දෙන්නම යන්නේ පානදුර ජාත්‍යන්තර පාසලට. ඒ නිසා ඔවුන් සිව්දෙනා ම නිවෙසේ රැඳෙන්නේ එහෙමත් දවසක. අදත් ඒ වගේ දවසක්.

පුතත්, දුවත් ඔබ වගේම රංගනයට දක්ෂ දරුවන් ද?
මේ දෙන්නා රඟපෑමට නම් ඒ තරම් කැමැත්තක් පෙන්නන්නේ නැහැ. අපේ නෝනා සංගීතයට ළැදි නිසා මේ දෙන්නා හොඳට ගායනා කරනවා. විවිධ තරගවලින් ජයග්‍රහණය කරනවා. මේ වන විට සංගීත විශාරද විභාගයි කරන්නේ. නිතරම සංගීත පන්ති ගෙදර පැවැත්වෙන නිසා ඒ කටයුතුවල නිරත වෙනවා. දෙන්නම දැනුම් තේරුම් ඇති දරුවන් නිසා අපට පහසුයි. ඒත් ඒ අයගේ වැඩ අපට වඩා වැඩියි. මේ නිසා ඒ දෙන්නාගේ වැඩ අනුවත් අපට හැඩ ගැහෙන්න වෙලා. වෙනදා නම් අපි දෙන්නා හිතු මතේ වැඩ කළාට දැන් ඒකට ටිකක් අපහසුයි. ගෙදර පරිසරය වෙනස් වෙලා.

ඔබ පුංචි තිරයේ දකින්න නොලැබෙන්නේ ඒ වෘත්තියට පළමු තැන දෙන නිසා ද?
මගේ පළමු වෘත්තිය ගුරු වෘත්තියයි. විනෝදාංශයක් විදියටයි නාට්‍ය කළේ. ඒත් නාට්‍ය එන්න එන්නම මූලික වෘත්තිය බවට පත් වුණා. රජයේ වෘත්තියත් කරන අතර තුර ම රංගනයත් වෘත්තියක් විදියට කරගෙන යනවා. මේ දෙකම කරන නිසා කාලය කළමනාකරණය කරගන්න අපහසුයි. ඒ නිසා මේ දවස්වල ටෙලි නාට්‍යයෙන් ඈත්වෙලා ඉන්නවා. ටෙලි නාට්‍යවලින් විශාල කාලයක් අවශ්‍යයයි. ඒ නිසා ඒවත් සමඟ හැලහැප්පීම අපහසුයි. ඒ වගේ ම හොඳ ටෙලි නාට්‍යයක් රඟපාන්න ලැබුණෙත් නැහැ. හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත් භාර ගන්න අදහසක් තිබෙනවා. මේ හැමදෙයක් වගේම කියන්න ඕන ලබන වසරේ මුල වන විට මා සම්පූර්ණයෙන්ම රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නයි හිතාගෙන ඉන්නේ. රාජ්‍ය සේවයට වසර තිහක්. ඉන් පස්සේ නම් මට තරමක විවේකයක් ලැබේවි. මේ විවේක කාලය වෙනස්ම දෙයකට යොදවන්නයි හිතාගෙන ඉන්නේ. මා වසර තිස්පහක් පමණ ලබා ගත්ත අත්දැකීම් අලුත් පරම්පරාවත් එක්ක බෙදාහදා ගන්නයි මට වුවමනා වී ඇත්තේ. ඒ බෙදා හදා ගැනීම කොළඹට සීමා නොකර මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමේ අදහසක් මගේ සිතේ තිබෙනවා. සේවයක් විදියට. එතැනදි ජීවත්වෙන්න මුදලුත් අවශ්‍යයයි. ඒත් මුදලටම සීමා නොවී ඈත පිරිසර අයටත් මගේ අත්දැකීම් බෙදා දෙන්නයි සිතාගෙන ඉන්නේ.

අපහසු කාර්යයන් අතර එකක් වන්නේ හාස්‍ය මඟින් මිනිසුන් සිනා නැංවීමයි. ඒ අපහසු කාර්යයේ නියැළෙන ප්‍රියන්ත සෙනෙවිරත්නට සාමාන්‍ය ආකාරයේ රංගන ශිල්පියකු වූවා නම් මීට වඩා වාසි සහගත නොවනු ඇති ද?
ඒ කාර්යයේ වාසි අවාසි ගැන සිතනවාට වඩා අපේ හැකියාව මොකක් ද කියලා දන්නවනේ. කතාවට කියනවා නේ විකට චරිතයත් රඟපෑම පහසු නැහැ කියන එක. ඒක හැම නළුවකුම, නිෂ්පාදකවරයකුම, අධ්‍යක්ෂවරයකුම දන්න කාරණයක්. හැබැයි මට ඒ සඳහා සම්මාන පවා ලැබිලා තිබෙනවා. 2017 ජනාධිපති සම්මානය. 2009 රයිගම් සම්මානය. මේකෙන් කියන්නේ හාස්‍යය රංගනය යම් කිසි ඇගයීමකට ලක් කර ඇති බවයි. හැමෝම කියනවා නම් මේක අපහසු චරිතයක් කියලා අනෙක් චරිත ඒතරම් අපහසු නොවන බවයි නේ ඒකෙන් කියන්නේ. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්."

මීට පෙර අප යන විට අඩක් නිමව තිබූ නිවෙස මේ වන විට සුන්දර නිවහනක් ලෙස සම්පූර් ණ වෙලා. සුන්දර නිවෙසක සිහිනය ඔහුත් බිරිය කාංචනාත් සැබෑ කරගෙන. ඇගේත් මහන්සිය නිසා මුළු නිවෙසෙම හැඩ වෙනවා වගේ ම ප්‍රියන්තගේ ජීවිතයටත් ඈ ආලෝකයක්.

"අපි දෙන්නාම වැඩවල නියැළෙන විට මේ කටයුතුවලට සහය වන්නේ මගේ අම්මා, තාත්තාට අමතරව තවත් අපේ අක්කා කෙනෙක් ඉන්නවා."

කාංචනා ඔවුන්ගේ කාර්යබහුල ජීවිතය අතර සුන්දරව දිවි ගෙවනවා. ඇගේ සුන්දර බවත් සමඟ ප්‍රියන්තගේ ජීවිතය තව තවත් සුන්දරයි. නිතර ම කිචි බිචි ගගා ඉන්න පූජානි හා චිරාත් කුරුලු පැටව් දෙන්නා ඔවුන්ගේ සුන්දර ජීවිතයට අර්ථයක් ගෙනැවිත්. ඔවුන්ගේ එකමුතු බව දැක්ක මගේ සිතට නැඟුණේ එවැන් සුන්දර සිතිවිල්ලක්.

තිලානි ශානිකා විතානාච්චි




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top