Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
ඇමති තනතුරුවලට අලුත් මුහුණු 16 ක් - නිදහස් පක්ෂයේ 5 කුත් දිවුරුම් දෙයි - Video

- ඇමති තනතුරුවලට අලුත් මුහුණු 16 ක් - නිදහස් පක්ෂයේ 5 කුත් දිවුරුම් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,338 Views
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී අද දිවුරුම් දුන්නා. ඒ අතර, මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පළමුවරට අමාත්‍ය ධුරයක දිවුරුම්දීම ද විශේෂත්වයක්.

ඒ අනුව, චමල් රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ඔහු මේ වනවිට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිසරික සුබ සාධන කැබිනට් අමාත්‍ය ධුරය ද හොබවනවා.

වාසුදේව නානායක්කාර දිවුරුම් දුන්නේ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයේයි. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ දිවුරුම් දුන්නා. නව රජයේ වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ මහින්ද යාපා අබේවර්ධනයි. එස්.බී. දිසානායක ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, මහින්ද සමරසිංහ දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සී.බී. රත්නායක දිවුරුම් දෙනු ලැබුවා.
 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන දිවුරුම් දුන්නේ තොරතුරු හා සන්නිවේදන, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයේයි. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසන්ත පුංචිනිලමේ දිවුරුම් දුන් අතර, අභ්‍යන්තර වෙළද සහ පාරිභෝගික සුබසාධක රාජ්‍ය අමාත්‍ය ධුරයේ අනුර ප්‍රියදර්ශන යාපා දිවුරුම් දුන්නා. සුසිල් ප්‍රේමජයන්තට හිමිවූයේ ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය ධුරයයි. පියංකර ජයරත්න දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

නව රජයේ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූයේ රංජිත් සියඹලාපිටියටයි. මහින්දානන්ද අලූත්ගමගේ විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායකයි.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ද අද කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. රෝහිත අබේගුණවර්ධනට හිමිවූයේ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයයි. ලසන්ත අලගියවන්න, රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ අරුන්දික ප්‍රනාන්දුයි. තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තිලංග සුමතිපාල දිවුරුම් දුන්නා. මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වායි. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජිත බේරුගොඩ දිවුරුම් දුන්නා. රොෂාන් රණසිංහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ජානක වක්කුඹුරට හිමිවූයේ අපනයන, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක, සංවර්ධන, බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ෂෙහාන් සේමසිංහ, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලූම් අමුණුගම මෙහිදී දිවුරුම් දෙනු ලැබුවා. මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ලොහාන් රත්වත්තට හිමිවුණා. විමලවීර දිසානායක දිවුරුම් දුන්නේ වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය ජයන්ත සමරවීර දිවුරුම් දුන් අතර, ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සනත් නිශාන්ත පෙරේරායි. සමාජ, ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තාරක බාලසූරිය දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙකු ද ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන් අතර, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූයේ නිමල් ලන්සාටයි.

මීට අමතරව, ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකරත්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දික අනුරුද්ධත්, අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා. අද දිනයේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍ය ධුර 3 හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. මීට අමතරව, රාජ්‍ය අමාත්‍ය ධුර 27 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය අමාත්‍ය ධුර 5 ක් හිමිව තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණට ද රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවුණා.

පසුගිය රජය සමයේ ස්ථාපිත කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40 කට සීමා වනවා. ඒ අනුව, වත්මන් රජයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමේ හැකියාව පවතිනවා.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තනතුරු, වරප්‍රසාදයක් ලෙස නොව, වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළ අතර තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අද දිනයේ රාජකාරි ආරම්භ කළා. බත්තරමුල්ල - ඉසුරුපායේ 17 වන මහලේ පිහිටි සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කළ ද විශාල වැඩකොටසක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, නව රජයේ මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ ලොහාන් රත්වත්තේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භ කළා.

එම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග ද එක්ව සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top