Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
"යොවුන් වියේ පාසල් යුවතියකව සිටි මම එක් රැයකින් ගැහැනියක් බවට පත් වුණා.." - 60 දශකයෙදී ගීතයෙන් ලොවක් වසගයට ගත් එල්විස් ප්‍රෙස්ලිගේ බිරිඳ දැන් කියන කතාව - Photos

- "යොවුන් වියේ පාසල් යුවතියකව සිටි මම එක් රැයකින් ගැහැනියක් බවට පත් වුණා.." - 60 දශකයෙදී ගීතයෙන් ලොවක් වසගයට ගත් එල්විස් ප්‍රෙස්ලිගේ බිරිඳ දැන් කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,662 Views
"මම දුව ලැබෙන්න ඉද්දි ගබ්සා කරන්න හැදුවා, එයා ඒකට ඉඩ දුන්නේ නැහැ.."

"අන්තිමට අපේ දුව බැන්දේ මයිල් ජැක්සන්ව.."

පෞරුෂය වැඩි කරගැනීමට නම් බාහිර අලංකාරයට වඩා අභ්‍යන්තරය අලංකාරව තබා ගැනීමයි වැදගත් වෙන්නේ. හැමෝම දන්නේ එල්විස්ගේ කතාව විතරයි. මගේ කතාව කවුරුවත් දන්නෙ නෑ. යොවුන් වියේ පාසල් යුවතියකව සිටි මම එක් රැයකින් ගැහැනියක් බවට පත්වීමේ වෙනසට මුහුණදීම කොයිතරම් ලොකු අභියෝගයක්දැයි ඔබට සිතා ගත හැකිද..?

එසේ කියන්නේ බටහිර සංගීත ලෝකයේ රොක් ඇන්ඩ් රෝල් රජු ලෙස විරුදාවලිය ලත් එල්විස් ප්‍රෙස්ලිගේ හිටපු බිරිය ප්‍රසිලා. ඇත්ත... එල්විස් ප්‍රෙස්ලි ගැන අදටත් කවුරුත් ආදරයෙන් කතා කළත් ප්‍රසිලා ගැන කතාවෙන්නේ හරි අඩුවෙන්. මේ අපූරු ගැහැනියට දැන් අවුරුදු 74යි. ඒත් කවුරුත් කියන්නේ ඇයට තියෙන්නේ නියම වයසට වඩා අවුරුදු 30ක් වත් අඩු පෙනුමක් කියලයි.

මේ වනවිට අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ එල්විස් ජීවත්ව සිටි අතිවිශාල මන්දිරය පිහිටි ග්රේකස්ලන්ඩ් වතුයාය රැක බලා ගනිමින් එය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කරමින් ව්‍යාපාරිකාවක ලෙස කටයුතු කරන ප්‍රසිලා ඇගේ ජීවිතයේ හොඳම කාලය එල්විස් සමග ගත කිරීම ගැන තවමත් පසුවන්නේ පුදුමාකාර සතුටකින්.

මුලින්ම එල්විස් මුණ ගැහෙද්දි ඇය 14 හැවිරිදි පුංචි කෙල්ලෙක්. එවකට 24 හැවිරිදි වියෙහි පසුවූ ඔහු ජනප්‍රියත්වයෙන් ඉහළම තැනකයි සිටියේ. රසිකාවක හැටියට පිස්සුවෙන් වගේ ඔහුට ආදරය කළ මේ පුංචි කෙල්ල අන්තිමට නතර වුණේ ඔහුගේ ජීවිතයේ පංගුකාරිය බවට පත්වෙමිනුයි.

ඔහු ඇත්තටම මගේ ජීවිතයේ හොඳම කොටස්කාරයා වුණා. ඔහු මහා පුදුම මනුස්සයෙක්. වේදිකාවෙන් පිටතදි පවා ආකර්ෂණීය අතින් කාටත් දෙවැනි වුණේම නෑ. වාසනාවක්, ජනකාන්ත බවක් වගේම ඔහුටම ආවේණික ශෙලියක් තිබුණා. ඔහු බොහෝ පිරිමින් වගේ උරහිස් හෝ හිස පහතට එල්ලා වැටෙන විදියට ඇවිදින්නෙවත්, වාඩි වෙන්නෙවත් නෑ. නිතරම හරි ජේත්තුවට ඇඳලයි හිටියේ. තරුවක් හැටියට ඔහු අසමසමයි. ඒ වගේම ඔහු හරි නිහතමානියි. ශක්තිමත් වගේම ආචාර සම්පන්නයි.‘ ප්‍රසිලා ඊයේ පෙරේදා සිය මතකය අවදි කරමින් එසේ කීවා.

ප්‍රසිලාට එල්විස් හමුවීමත් අපූරු සිදුවීමක්. 1956දී ඇගේ පියාට ජර්මනියේ රාජකාරියට යාමට සිදුවෙනවා. ප්‍රසිලා මවත් ඔහු සමග එහි පදිංචියට යනවා. ඒ වෙද්දි එල්විස් එවකට අමෙරිකානු තරුණයන්ට අනිවාර්ය වූ යුද පුහුණුවට හමුදාවට බැඳිලයි හිටියේ. 1959දී එල්විස් රාජකාරි කළේත් ජර්මනියේ. එහි සාදයකදී 14 හැවිරිදි ප්‍රසිලා ඔහු දකිනවා.

එය ‘ආදරය ඇතිවෙන්නේ පළමු දැකීමේදිමයි‘ කියන ඉංග්‍රීසි වැකිය නැවත වතාවක් සැබෑවු අවස්ථාවක්. පළමු හමුවේදිම ඇය ඔහු සමග පිටතට ඇවිදින්නට ගියා. එදා සාදයෙන් පසුව ඇය නිවෙසට පැමිණියේ මැදියම් රැයේදියි.

මෙතරම් රෑ වෙනවා නම් ආයේ කවදාවත් එල්විස් මුණ ගැසීමට ඉඩ නොදෙන බවට ඇගේ මාපියන් තර්ජනය කරද්දි එල්විස්ටත් ප්‍රසිලා නැතිවම බැරි තත්ත්වයකට වැටිලයි තිබුණේ. අන්තිමේදි මේ දෙන්නට මුණ ගැසීමට අවසර ලැබුණේ රෑ වෙන්න කළින් ප්‍රසිලා ගෙදරට ඇරලවන බවට එල්විස් ඇගේ පියාට දුන් පොරොන්දුව පිටයි.

මේ දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවල වරු ගණන් රස්තියාදු වෙන්නට ඇති. එහෙමත් නැතිනම් වීදි පුරා, අවන්හල් පුරා රාත්‍රීයේ ආහාරය ගනිමින් තොරතෝංචියක් නැතිව කියවන්නට ඇති. ඔහු සමග එකතු වෙන්නට තරම් මේ පුංචි කෙල්ලගේ ආදරය උතුරා යන්නත් ඇති. ඒත් පසු කාලෙක ප්‍රසිලා ‘එල්විස් සහ මම ‘ නමින් ඇගේ ජීවිත කතාව ලියද්දි එහි සටහන් කරන්නේ විවාහ වනතුරු එකතුවෙන්නට එල්විස් කැමති නොවුණු බවයි.

1963දි එල්විස් සමග ග්‍රේස්ලන්ඩ් වතුයායේ පදිංචියට ගිය ප්‍රසිලා ඔහු සමග විවාහ වූයේ ඊටත් වසර හතරකට පසුවයි.

ප්‍රසිලා ගැබ් ගත්තේ විවාහ වූ අලුතම වගෙයි. සැබැවින්ම වේලාසනින්ම මවක වීමට ඇය තුළ කැමැත්තක් තිබුණේම නෑ. දරු ගැබ ගබ්සා කිරීමට ඇය කළ යෝජනාව ඔහු ඉවත දැමුවා. ලීසා මේරි දියණිය උපන්නේ එහෙමයි. මේ සුරතල් දියණිය ඔවුන්ගේ එකම දරුවා වූවා පමණක් නොව පසුකාලෙක බටහිර පොප් සංගීතයේ ඔටුනු පළන් කුමරු මයිකල් ජැක්සන්ගේ බිරිය බවට පත්වෙමින් බටහිර සංගීතයේ යුග දෙකක් එකට යාකළ පුරුකක් බවටත් පත්වුණා.

ප්‍රසිලා - එල්විස් විවාහයට ආයුෂ තිබුණේ අවුරුදු 6ක් පමණයි. ලොව පුරා සුරූපි තරුණියන්ගේ ආදරයට මැදිවුණු එල්විස්ගේ ජීවිතයට වරින් වර තරුණියන් එක්වෙද්දි ප්‍රසිලාට විවාහ ජීවිතය තිත්ත වුණා. ඇය දියණිය මේරි සමග ග්‍රේස්ලන්ඩ් වතුයායේ තනිවෙද්දි ඔහු ඇයට ඉදිරිපත් කළේ අපූරු යෝජනාවක්.

හොඳ කරාතේ සටන් ශිල්පියකු වූ එල්විස් ඇයටත් කරාතේ සටන් කලාවට යොමු වන්නැයි කළ යෝජනාවෙන් අවසානයේ ඇගේ හුදෙකලාව පමණක් නොව මුළු ජීවිතයම වෙනස් වුණා.

ඇගේ කරාතේ සටන් පුහුණුකරු වූයේ මයික් ස්ටෝන්. පාළුව, හුදෙකලාව ඇගේ ජීවිතයෙන් පලා යද්දි මේ තරුණ ගැහැනිය ඔහු සමග පෙමින් බැඳුණේ එල්විස් පවා විමතියට පත් කරමිනුයි.

පිරිමින්ට මෙන්ම ගැහැනුන්ට ද එකවර දෙදෙනකුට පෙම් කළ හැකි බවට එය කදිම නිදසුනක් වුණත් එවැනි තත්ත්වයකට පත්වන ගැහැනුන්ට අසන්නට වන්නේ ගැහැනුන් දුසිම් ගණනින් ඇසුරු කරන පිරිමින්ට පවා නොනැගෙන අවලාදවලට බව ප්‍රසිලාට අවබෝධ වෙද්දි ඔවුන්ගේ දික්කසාදයටත් දින තීන්දු වී හමාරයි.

1973 ඔක්තෝබරයේ එල්විස් - ප්‍රසිලා නීතියෙන් වෙන්වුණා. නමුත් පුදුමය වන්නේ දික්කසාදයෙන් පසුවත් ඔවුන් සමීපව ඇසුරු කිරීමයි. දික්කසාද නඩුවේ නිමාවෙන් පසුව ඔවුන් උසාවි භුමියෙන් පිටතට පැමිණියේ ද අත්වැල් බැඳගෙනයි.

දෙදෙනාගේ වෙන්වීමෙන් පසුව සැබැවින්ම හුදෙකලා වුණේ ප්‍රසිලා නොව එල්විස් ප්‍රේනස්ලියි. ඔහු ජීවත් වුණේ තවත් වසර 4ක් පමණයි. ෙග්‍ර්ලස්ලන්ඩ් වතුයායේ උරුමක්කාරිය වූ ඔවුන්ගේ දියණිය මේරිට ඒ වෙද්දි වසර 9ක් වූ නිසා එහි භාරකාරත්වය පැවරුණේ ප්‍රසිලාටයි. ඇය එය සංචාරක පුරවරයක් බවට පත් කරමින් අතිවිශාල මුදලක් උපයා ගැනීමට සමත්වුණා.

පසුකාලෙක ඉතාලි ජාතික චිත්‍රපට නිෂ්පාදකයකු වන මාර්කෝ ගැරිබැල්ඩ් සමග විවාහ වූ ප්‍රසිලා වසර 22ක විවාහ ජීවිතයට 2006දී නැවතීමේ තිත තැබුවා.

ප්‍රසිලා අදටත් කවුරුත් ආදරය කරන්නට තරම් ආසා හිතෙන ආකර්ෂණයක් ඇති ගැහැනියක්. මිත්තණියක වුණත් ඇගේ රූමත් භාවයේ නම් අදටත් අඩුවක් නෑ. කොහොමත් ඇය රුව ගැන හරියට හිතනවා. එකල ඇය සුවඳ විලවුන් හා රූ ආලේපන නොමැතිව එල්විස් ඉදිරියට ගියේ කලාතුරකිනුයි.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top