Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
"අපිට ළමයි නෑනෙ. අපේ දරුවා විදියට හදාගන්න මෙයාව අපිට දෙන්නකො කියලා ඉල්ලුවා.." - මාලනී ෆොන්සේකා

- "අපිට ළමයි නෑනෙ. අපේ දරුවා විදියට හදාගන්න මෙයාව අපිට දෙන්නකො කියලා ඉල්ලුවා.." - මාලනී ෆොන්සේකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,615 Views
ජයමාන්නල කියන්නෙ අපේ රටේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් බෙහෙවින් දායක වුණු පරම්පරාවක්. ඔවුන් මේ රටේ සිනමා ක්ෂේත්‍රයේ පදනම් කණු කිව්වොත් මා නිවැරදියි. ඒ කාලෙ මේ වගේ පහසුකම් තිබුණේ නැහැ. හරිමදුෂ්කර අවධියක්.හිතල බලන්න චිත්‍රපටයක් හදන්න මොනතරම් කැපවීමක් කරන්න ඕන ද කියලා.

මගේ අම්මා තාත්තා වගේ තමයි ඩේසි අක්කයි එඩී අයියයි හිටියේ. දවසක් අපේ අම්ම එක්ක ෂූටින්වලට ඇවිත් ඉන්න වෙලාවක එඩී අයියා අපේ අම්මට කියනවා “අපිට ළමයි නෑනෙ. අපේ දරුවා විදියට හදාගන්න මෙයාව අපිට දෙන්නකො‘‘ කියල. පස්සේ මට කියනවා අපි ඔයාව අම්මගෙන් ඉල්ලුවා. කොහෙද ඔයා එයා අපිට දුන්නෙ නැහැනේ. ඒදෙන්නා හැමෝටම එහෙම ආදරය කළා. අපේ අම්මා වුණත් මාව භාරදීල යන්නෙ ඒදෙන්නට විතරයි. හරිම විහිළුවෙන් තහළුවෙන් ඉන්නව වගේම හරිම සීරියස් වෙන වෙලාවලුත් තියෙනවා. එඩී අයියට අපේ තාත්තා එහෙම හරිම ආසයි.

දොන් එඩ්වඩ් වික්‌ටර් වන්නිආරච්චි ජයමාන්න ‍හෙවත් එඩී ජයමාන්න යනු ශ්‍රී ලාංකේය සිනමාවේ පුරෝගාමියෙකි. මෙරට තිරගත වූ ප්‍රථම කථානාද චිත්‍රපටය වන “කඩවුණ පොරොන්දුව “ චිත්‍රපටයෙහි නළුවෙකු වූ හෙතෙම සිනමාවට පැමිණියේද සිනමාව අතහැර ගියේද කඩවුණු පොරොන්දුව (පසු නිෂ්පාදනය) චිත්‍රපටයෙන් වීම සුවිශේෂී කාරණයකි.

වසර 1915, පෙබරවාරි 15 වැනිදා උපත ලැබූ එඩී ජයමාන්න එම පවුලේ බාලයා විය. හෙතෙම මුල’කුරු කියවූයේ මීගමුව කෲස්‌ මඩමෙන්ය. දෙවනුව මීගමුව මාරිස්‌ටෙලා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය අවසන් කළේය. පාසල් ගමන අතරමග නවතා දැමූ ඔහු මාපියන්ට හොර රහසේ උත්සවවලට සහභාගි වී විවිධ විකට රංගනයන් ඉදිරිපත් කරමින් නරඹන්නන් සතුටට පත් කිරීමට පෙලඹී සිටියේය. ඔහු මුලින්ම වේදිකාවට පැමිණියේ සිය වැඩිමහල් සොයුරා වන බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ ‘භයානක පොරොන්දුව’ නාට්‍යයෙහි ‘මැණිකා’ නම් කාන්තාවකගේ චරිතයට පණ පෙවීමෙනි. ඊට හේතුව වූයේ කාන්තාවන් රංගනයේ නිරතවීම පහත් ක්‍රියාවක් ලෙස සිතන්නට එකල සමාජය පුරුදුව සිටි නිසාය. එඩී කාන්තා රංගනයෙන් මහත් ජන ප්‍රසාදයක් හිමිකරගෙන තිබුණි. ඔහු රංගනයේ දී දැක්වූ සමත්කම් නිසා සොයුරාගේ සෑම නාට්‍යයකටම ඔහු නැතිවම බැරි නළුවකු බවට පත්විය.

මෙලෙස රංගනයේ යෙදෙන අතරතුර යූ.ඒ.එස්‌. පෙරේරා, සිරිසේන විමලවීර, සිරිල් පී. අබේරත්න වැනි නිෂ්පාදකවරුන්ගේ ගුවන් විදුලි නාට්‍යවල ද දායක වූයේය. එඩී ජයමාන්න සිනමා රංගනයට පිවිසියේ 1947 දී තිරගත වූ මෙරට මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වන ‘කඩවුණ පොරොන්දුව’ වෙහි රංගනයෙන් දායක වෙමිනි. එතැන් සිට ‘පෙරළෙන ඉරණම’, ‘හදිසි විනිශ්චය,’ ‘සැඟවුණ පිළිතුර,’ ‘උමතු විශ්වාසය,’ ‘කැලෑහඳ’, ‘අයිරාංගනී’, ‘මතභේදය’, ‘පෙරකදෝරු බෑනා’, ‘දොස්‌තර’, ‘සිරියලතා’, ‘සූරසේන’ ඇතුළු චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කළේය. සිනමාවට තිබූ ඇල්ම නිසාම ඔහු සිය ‘ජයරුක්‌’ නිවෙස උකස්‌ කර ‘සිරියලතා’ චිත්‍රපටය නිපදවූවේය.

1943 පෙබරවාරි 18 දා රුක්මණී දේවිය හා විවාහ ගිවස ගත්තද ඒ වන විටත් ඔවුහු එකට ජීවත් වෙමින් සිටියහ. රුක්මණී දේවියගේ වියෝව සිදු වූයේ එම විවාහය සිදු වූ පල්ලිය අසලදීම වීම දෛවෝපගත සිදුවීමකි. සැබෑ ජීවිතයේ රුක්මණී දේවීයගේ සැමියා වූ හෙතෙම රුක්මණි දේවිය සමඟ කොතෙකුත් චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබුණ ද සැමියා හා බිරිඳ ලෙස රඟපා ඇත්තේ එක් අවස්ථාවක පමණි. ඒ ‘අන්දරේ’ චිත්‍රපටයේ දී පමණය. මෙරට සිනමාවේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ මෙම අපූර්වතම රංගන ශිල්පියා 1981 ජූලි 25 දා මෙලොවින් සමුගත්තේය.

එඩී ජයමාන්න නම් මේ අපූර්වතම රංගන ශිල්පියා පිළිබඳව අග්‍රගණ්‍ය නිළි මාලනී ෆොන්සේකා සිය මතකය අවදි කළේ මෙලෙසිනි.

‘ජයමාන්නලා කියන්නෙ අපේ රටේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් බෙහෙවින් දායක වුණු පරම්පරාවක්. ඔවුන් මේ රටේ සිනමා ක්ෂේත්‍රයේ පදනම් කණු කිව්වොත් මා නිවැරදියි. ඒ කාලෙ මේ වගේ පහසුකම් තිබුණේ නැහැ. හරිම දුෂ්කර අවධියක්. හිතල බලන්න චිත්‍රපටයක් හදන්න මොනතරම් කැපවීමක් කරන්න ඕන ද කියලා. සිනමාව පිළිබඳව විශාල දැනීමක් නොමැතිව, අඩු අත්දැකීම් ටිකක් එක්ක, කැමරා උපකරණ, පසුතල නිර්මාණය, ලයිටින්... කොටින්ම කිව්වොත් ඔවුන්ට තිබුණු තාක්ෂණික දැනුම ඉතාම අල්පයි. ඒ වන විට ඔවුන්ට තිබුණේ වේදිකා නාට්‍ය පිළිබඳව අත්දැකීම් පමණයි. ඒ බව ඔවුන් අතින් නිර්මාණය වූ චිත්‍රපටවල දෙබස් දිහා බැලුවම අපට හොඳින්ම වැටහෙනවා. ඒ වගේ තත්ත්වයක මේ වගේ වැඩක් කරනව කියන්නේ කොයි තරම් නම් අමාරු කාර්යයක්ද? නමුත් ඔවුන් ඒ අභියෝගයට එඩිතරව මුහුණ දුන්නා. ජයමාන්න පරම්පරාව කියන්නෙ එහෙම එඩිතර තීරණ ගත්ත පරම්පරාවක්.

මීගමුව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ ‘මිනර්වා’ නාට්‍ය කණ්ඩායමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ බාල සොහොයුරා තමයි එඩී ජයමාන්න. ඔවුන්ගේ වේදිකා නාට්‍ය කලාව ලංකාව පුරාම බෙහෙවින් ජනප්‍රිය වෙලා තිබුණා. මුල්කාලීනව වේදිකාවේ රඟපෑමට නිළියන් සිටියේ නැහැ.

මේ සම්ප්‍රදායට අභියෝග කරමින් පසුකාලීනව විප්ලවීය තීරණයක් ගනිමින් මිනර්වා නාට්‍ය කණ්ඩායම නිළියන් යොදා ගනිමින් නාට්‍ය නිර්මාණයට පෙලඹෙනවා. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන නිළිය බවට පත්වුණේ ඉතාම සුන්දර ලලනාවක් වූ රුක්මණී දේවියයි. ඒ නිසා ලංකාවේ කොතැනකට හරි ‘මිනර්වා’ නාට්‍ය කණ්ඩායම එනව කිව්වම පොරකකා නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂක ප්‍රජාවක් නිර්මාණය වුණා.

පස්සෙ කාලේ ඒ ආකාරයට රඟදැක් වූ නාට්‍යය පිටපතක් ‘කඩවුණු පොරොන්දුව’ නමින් සිනමාවට ගෙනඑමින් මේ රටේ සිංහල සිනමාවට අත්පොත් තබන්නේ මේ ජයමාන්න පරපුරයි.

ඒ අනුව එතෙක් ඔවුන් නාට්‍ය කණ්ඩායමක් ලෙස ලබමින් තිබූ ජනප්‍රියත්වය ඔවුන් සිනමා කර්මාන්තය වෙත රැගෙන එනවා. ‘මිනර්වා’ නාට්‍යය කණ්ඩායම හරහා ආරම්භ වූ මෙම ජයමාන්න සමාගම නිසා ලංකාවේ සිනමාවට බොහෝ නිර්මාණ තිළිණ කෙරුණා. අද ලංකාවේ සිනමාව කියලා යමක් ඉතිරි වී ඇත්නම් ඒ ඔවුන් එදා ගත් එඩිතර පියවර නිසයි. ඒ නිසා අපි ඔවුන්ට කෘතඥ වෙන්න ඕන.

එඩී ජයමාන්න කියන්නෙ මේ සියලු කාර්යන් පිටිපස්සෙ හිටපු ප්‍රධාන චරිතයක්.

මට එතුමව මුලින්ම මුණ ගැසෙන්නේ මගේ දෙවැනි චිත්‍රපටය වන 1968 දී නිර්මාණය වුණු 'අබුද්දස්ස කාලේ' චිත්‍රපටයෙදී යි.

එඩි ජයමාන්න මහත්තයයි ඩේසි අක්කයි (රුක්මණී දේවි) දෙන්නම මම දැක්කේ එදා. ඒ වෙලාවෙ මම ‘අබුද්දස්ස කාලේ’ චිත්‍රපටයෙ ගැමි ගෙදරක ජීවත් වන රෙද්දයි හැට්ටයයි ඇඳපු ගැමි ලියක් විදියට රංගනයේ නිරතවෙමින් සිටියේ. එහි ප්‍රධාන නළුවා හා නිළිය දැක්කම පුදුම සතුටක් ඇති වුණේ. එහි කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ සුමිත්ත අමරසිංහ මහත්මා. ඔහු රූගත කරමින් සිටින අවස්ථාවේ තමයි මේ දෙන්නා එතෙන්ට ආවේ. මගේ ඇස් අදහා ගන්න බැරි වුණා.

සුරංගනා ලෝකෙක ඉඳන් බැහැල ආපු දෙන්නෙක් වගේ එදා මම මේ දෙන්නව දැක්කේ. එඩී අයියා හැමෝ එක්කම කතා කරල හිනාවෙලා ඉන්න හරිම නිහතමානි මනුෂ්‍යයෙක්. ඒ කාලෙ එයා රඟපාපු චරිත ප්‍රේක්ෂකයන් අතර හරිම ජනප්‍රියයි. මාව වුණත් අලුත් කෙනෙක් විදියට හඳුන්වල දුන්නම හරිම ළෙන්ගතුව පිළිගෙන හුඟක් වෙලා කතා කළා. ඒ කාලෙ වෙද්දි මම චිත්‍රපටි හුඟක් නොලැබුවට පොඩි කාලෙ ඉඳන් අපි ඔහු පිළිබඳව දැනගෙන හිටියා. ඒකට හේතුව ඒ කාලෙ චිත්‍රපට නළු නිළියන්ව ඔවුන් රඟපාන සුවිශේෂ චරිතයක් තියෙනව නම් ඒ නමින් ජනප්‍රිය වෙලා තිබුණා. ඒවගේ එඩී අයියත් ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටිය හරහා ‘මනප්පුවා’ ලෙස ජනප්‍රිය වී සිටියා. විශේෂයෙන්ම ඔහු ගායනා කරන ‘ළපටි රූපෙ ඈගේ’ ගීතය හරහා දශක ගණනාවක් යනකම් ඔහු ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගී සිටියා. ඒ කාලෙ එතරම් ජනප්‍රිය කෙනෙක් නැති තරම්.

ඉස්සර විකට නළුවෙක් කිව්වම ඒ පුද්ගලයා දැක්කහමත් හිනා යනවා. ඔහු කතා කරන විලාසය, හිනා වෙන ආකාරය ස්මරණය කරමින් ඔහුගේ චිත්‍රපට බලා ඇති අයකුට අදටත් සතුටු විය හැකියි. කොටින්ම ඔහු අභිබවා යන්න විකට නළුවෙක් ඒ කාලයේ සිටිය නැති තරම්. පස්සෙ කාලේ තමයි හියුගෝ මාස්ටර්, ඩී.ආර්. නානයක්කාර, ජෝ අයියා, දොන්සිරිසේන, ඇන්තනි සී පෙරේරා, බී.ඇස් පෙරේරා, ප්‍රෙඩී සිල්වා...වගේ අය විකට නළුවන් ලෙස ජනප්‍රිය වුණේ. එඩී අයියා දිහා ටීටර්කාරයො කියලා අවඥාවෙන් බලපු පිරිසකුත් පසුකාලිනව මේ රටේ බිහිවුණා. ඒ අයට මම කියන්නේ මේ අය කිසිම අද්දැකීමක් නැතිව මේ කරපු විප්ලවය දිහා නැවත කියවීමක් කරන්න කියලයි. මොකද ඔවුන් එදා ඒ එඩිතර පියවර නොගන්න අද මම වුණත් මේ තැන නොසිටින්න ඉඩ තිබුණා.

සමහරු එඩි අයියා විදියට රඟපාන්න පෙලඹී සිටියා. සමහර ගායකයො නැමිපනාව ගහගෙන ඒ විදියට රැවුල කපල සිය නිර්මාණ කරනවා අදත් අපි දකිනවා. ‘කොළොම් පුරේ ශ්‍රීයා‘ කියන ගීතය මොනතරම් ජනප්‍රිය වුණාද? නාගරීක කරණය, වානිජ වෙළෙඳ සමාජය, සංස්කෘතිය මොන තරම් අපූරුවට ඔහු ඒ ගීතය හරහා උපහාසයට ලක්කරනවද. කාලෙන් කාලෙට ඒවගේ රැළි එනවා. එදා ඩේසි අක්කා රඟපාපු විදිය අදට නොගැළපෙන්න පුළුවන්. නමුත් ඒ, එදා සමාජය ඒ දේවල් පිළිඅරං තිබුණ විදිය. ඒ දේවල් ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඇත්තටම කෙනෙක් ඒ විදියට ඒ අයට දේවල් කියන කොට හරිම වේදනාවක් දැනෙනවා. අපේ අම්මා තාත්තා නේද මේ විදියට අපි අවඥාවට ලක්කරන්නෙ. අපේ අම්මා තාත්තා අද තියෙන ස්ටයිල් එකට නුහුරු නුපුරුදු අය වෙන්න පුළුවන්, අපි අද තියෙන හොඳම ස්ටයිල් එකට අඳින පළඳින අය වෙන්න පුළුවන්.

එහෙමයි කියලා ඒ අය අපි වෙනුවෙන් දිය කරපු ශ්‍රමයට කැපකිරීම්වලට හිනාවෙන්න අපිට පුළුවන්ද? මොකක්ද එතන තියෙන මනුස්සකම. අපි අද මෙතන ඉන්නෙ ඒ අය නිසා. ඒ නිසා අපි හැකි සෑම අවස්ථාවකම ඒ අය සිහිපත් කරන්න ඕන. ඉතිං ඒ විදියට අපි සිහිපත් කරන්න ඕන අය අතර ඉහළින්ම තියන්න ඕන නමක් ජයමාන්න කියන්නෙ. ඒ වගේම සිරිසේන විමලවීර කියන නමත් අපිට කොයිවෙලේකවත් පැත්තකට දාල කටයුතු කරන්න බැහැ. එහෙම කරනව නම් අපි කිසිම කෙළෙහි ගුණයක් දන්නෙ නැති මිනිස්සු කොට්ඨාසයක්.

මට එඩී අයියවත්, ඩේසි අක්කවත් ඉතාම සමීපව ඇසුරු කරන්න ලැබුණා. වැඩිමල් අයෙක් විදියට පියෙක් විදියට ඔවුන් ජීවිතේ ලබපු අත්දැකීම් උපයෝගී කරගෙන මට බොහෝ ගුරුහරුකම් දී තිබෙනවා. ඔවුන් බොහෝ උදවිය බයිස්කෝප්කාරයෝ කියල හැඳින්වුවට ඔවුන් හොඳින් පතපොත කියවූ ලෝකය ගැන දැනුමක් තිබුණ හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කළ සමාජයේ වැදගත් විදියට ජීවත්වෙච්ච උගත් අය. ඒ නිසා එඩී අයියට තිර රචනය ගැන දෙබස් හැසිරවීම ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා කේ. ගුණරත්නම් මහත්තයගෙ විජය ස්ටූඩියෝ එකේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කළා.

එහි පසුතල නිර්මාණයන්, ආලෝක තත්ත්වයන්, කාර්මික ශිල්පීන්, නළු - නිළියන් අධ්‍යක්ෂ්‍යවරුන්, නිෂ්පාදකයින් පිළිබඳව සොයා බලමින් ඔවුන් අතර සමීප සබඳතාවයන් වර්ධනය කරමින් සෑහෙන කාලයක් ඔහු එහි සේවය කළා. ඒ කාලේ විජය ස්ටුඩියෝව කියන්නෙ සිනමාකරුවන්ගෙ වෙනම ලෝකයක්. දෙබස් කවන්න තියෙනවා, පසුතල තියෙනවා, ලැබ් එකක් තියෙනවා, ඉතිං හැමෝම එතෙන්ට එකතු වෙනවා. මමත් මුලින්ම ස්ටූඩියෝ එකකට කියලා හාපුරා ගියේ එතෙන්ට. දෙබස් කැව්වෙ එතන. සෙට් එකක් ගහල මුලින්ම රූගත කිරීම් කළේ එතන. කේ. ගුණරත්නම් ද්‍රවිඩ ජාතිකයෙක් කියලා අපි අතර වෙනස් කමක් තිබුණේ නැහැ. එතෙන්ට ඒ කාලේ ආව ගිය අය අතර ජෝ අයියා, ඩොමි අයියා, ගාමිණි අයියා, විජය, ටෝනි අයියා, ඩේසි අක්කා, ආචාර්ය පීරිස්,... වගේම උසස් ආයතන නිලධාරීන් වගේම ව්‍යාපාර හිමිකරුවනුත් හිටියා. ඒ අය එකට එකතුවෙලා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් සිනමාවේ අලුත් ප්‍රවණතා, අලුතින් ආපු හොලිවුඩ් චිත්‍රපට ගැන, දේශපාලනය ගැන, පොත පත ගැන සාකච්ඡා කරනවා. කාඩ් සෙල්ලම් කරනවා. ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර්ද සිල්වා... වගේ අය එක්ක හරි හරියට සම්බන්ධකම් තිබුණා එඩී අයියට.

බොහෝම සුඛෝපභෝගී විදියට, තත්ත්වයක් තියාගෙන විජය ස්ටුඩියෝව පවත්වාගෙන යන්න ඔහු සමත් වුණා. එඩී අයියත් බොහෝම උසස් තලයක ජිවත් වුණ හරියට සුඛෝපභෝගී වාහනවල ආව ගිය කෙනෙක්. ඔහු ඒ තත්ත්වය රැකගෙන දිගටම හිටියා. නමුත් කාලයත් එක්ක සමාජය වෙනස් වෙලා දේවල් වෙනස් වෙනකොට ඒ අයගෙ ජීවිතත් වෙනස් වුණා.

මට මතක් වෙනවා “සුසී“ චිත්‍රපටයෙ එඩී අයියත් එක්ක රඟපාපු අවස්ථාව. හරියට මතක හිටින චරිතයක් ඔහු නිරූපණය කළේ. ඒකෙ මාත් එක්ක විජයත් රඟපෑවා. මේ චිත්‍රපටයෙ හරිම ලස්සන දර්ශන තියෙනවා. එඩී අයියා ඒකෙ මුදලාලි කෙනෙකුටයි රඟපෑවේ. ඔහු මට ආදරය කරනවා. ඉතිං එයා මට එක එක තෑගි ගෙනත් දෙනවා. ඒ තෑගී ගෙනත් දෙනගමන් කියනවා “බබා ඔයා කොටට අඳින්න.“ එතකොට මම අහනවා “මෙච්චර කොට වුණොත් ඇද්ද“ ‘‘නෑ මදි“ ‘‘එහෙනම් මෙච්චර කොට වුණොත් ඇද්ද“ කිය කිය අහ අහා මම ගවුම ටිකෙන් ටික උඩට උස්සනවා. එයා වයසට ගිහින් පොඩි කෙල්ලෙකුට ආදරය කරන කෙනෙක්. හරිම මනමාල රංගනයක යෙදුණා. ඒ චිත්‍රපටය හරියට මිනිස්සු අතර ජනප්‍රිය වුණා.

මගේ අම්මා තාත්තා වගේ තමයි ඩේසි අක්කයි එඩී අයියයි හිටියේ. දවසක් අපේ අම්ම එක්ක ෂූටින්වලට ඇවිත් ඉන්න වෙලාවක එඩී අයියා අපේ අම්මට කියනවා “අපිට ළමයි නෑනෙ. අපේ දරුවා විදියට හදාගන්න මෙයාව අපිට දෙන්නකො‘‘ කියල. පස්සේ මට කියනවා අපි ඔයාව අම්මගෙන් ඉල්ලුවා. කොහෙද එයා ඔයාව අපිට දුන්නෙ නැහැනේ. ඒදෙන්නා හැමෝටම එහෙම ආදරය කළා. අපේ අම්මා වුණත් මාව භාරදීල යන්නෙ ඒ දෙන්නට විතරයි. හරිම විහිළුවෙන් තහළුවෙන් ඉන්නව වගේම හරිම සීරියස් වෙන වෙලාවලුත් තියෙනවා. එඩී අයියට අපේ තාත්තා එහෙම හරිම ආසයි.

තවත් විදියකින් සම්ප්‍රදායික දේවල් කිසියම් ආකාරයකට විවේචනය කිරීමක් ඔහුගේ ඇතැම් චරිත තුළින් නිරූපණය කළා. ඊට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයගේ පිටපතත් හේතු වුණා.

නැමිපනාව ගහලා, කෝට් එකදාලා, පිත්තල බොත්තම් ඇඳලා, කුඩයක් අරන් විකට රංගනයක යෙදෙන එක ඒ කාලේ රදළ පන්තියට ඒතරම් රුස්සන්නේ නැතිව ඇති. බයිස්කෝප් කාරයො කියන ලේබලය බොහෝ වෙලාවට ඒ පන්තියෙන් ලැබුණු නාමකරණයක්. කොහොම නමුත් එඩී ජයමාන්න කියන්නෙ මේ රටේ සිනමාව ගැන කතා කරන විට කිසි විටෙකවත් අමතක කළ නොහැකි චරිතයක්. ඔහුගේ විකට රංගනයේ තිබුණු සුවිශේෂත්වය හා එකිකෙනට වෙනස් භූමිකා නිරූපණයේදී ඔහු දැක්වූ රංග ප්‍රතිභාව කෙනෙකු අධ්‍යයනය කරනවා නම් ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය ඉතාම ඉහළයි. ඇත්තෙන්ම ඔහු වැනි කෙනකු පිළිබඳව මේ විදියට කතා කරන්න ලැබීමත් මා ලද භාග්‍යයක්.

රසික කොටුදුරගේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top