Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
21
අගමැතිධූරයෙන් ඉවත් වූ රනිල් වික්‍රමසිංහ අරලියගහ මැදුරෙන් පිටව යයි - Video

- අගමැතිධූරයෙන් ඉවත් වූ රනිල් වික්‍රමසිංහ අරලියගහ මැදුරෙන් පිටව යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,080 Views
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අද අරලියගහ මන්දිරයෙන් පිටව ගියා.
 
මේ අතර, විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ලද ජනවරමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබාදෙමින් තමන් අද දිනයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.

ඒ අනුව තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ මහතා සිය කාර්ය මණ්ඩලයට සමුදීමෙන් අනතුරුව අද පෙරවරුවේ අරලියග මන්දිරයෙන් පිටව ගියේ මෙලෙසින්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රිවරු පිරිසක් සිය අත්සනින් යුත් ලිපියක් මගින් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසයි. 

45 දෙනෙකු අත්සන් තබා ඇති එම ලේඛනයට එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති කබීර් හෂීම් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අත්සන් තබා ඇති අතර, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාඨලී චම්පික රණවක සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ද ඊට අත්සන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා මෙම ලිපියට අත්සන් තබා නොමැති අතර, අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තම තීරණය දැනුම් දෙන බවයි. 

මේ අතර 2015 අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් අනතුරුවද විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවූ අතර, ඒකාබද්ධ විපක්ෂය වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරය පිරිනමන ලෙස ඉල්ලා සිටියද, කථානායකවරයා ඊට අනුමැතිය ලබා දුන්නේ නැහැ.

ඒ අනුව විපක්ෂ නායක ධුරය හිමිවූයේ පාර්ලිමේන්තුවේ ආසන 16 ක් පමණක් හිමිව තිබූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාටයි.

එමෙන්ම 2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිදුවු ආණ්ඩු වෙනසින් අනතුරුවද විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවූ අතර, අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා.

පසුව කථානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක ධුරයට පත්කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගේ නිර්දේශය ලැබීමෙන් පසුවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top