Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
21
සජිත් ප්‍රේමදාස සිය පාක්ෂිකයන් වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී හමුවෙයි - Video

- සජිත් ප්‍රේමදාස සිය පාක්ෂිකයන් වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී හමුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,368 Views
ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, අද කොළඹ - වොක්ෂෝල් වීදියේ පිහිටි ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් හමුවුණා.

කෙසේ වෙතත්, මෙම හමුව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණත් එය එහි පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කිරීම සඳහා මෙය සංවිධාන කර තිබූ අතර, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට තිබූ මෙම උත්සවය අද නොපැවැත්වෙන බවයි.

වෙනත් දිනයක එය පවත්වන බව ද එහි දක්වා තිබුණා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම හමුව අවලංගු කිරීමට තීරණය කර නොමැති බව ප්‍රකාශ කළා.

තමා ද අද දිනයේ පක්ෂ මූලස්ථානයට පැමිණෙන බව ඔහු සඳහන් කර තිබුණා.

එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද උදෑසන කියා සිටියේ මෙම හමුව වොක්ෂෝල් වීදියේ පිහිටි මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි.

පෙර කළ දැනුම්දීමට අනුව අද උදෑසන එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක්, සිරිකොත පක්ෂ මූලස්ථානය අසලට පැමිණ සිටියා.

ඒ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරාල, චන්ද්‍රානි බණ්ඩාර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ද, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ තිබූ අතර, රැස්ව සිටි පිරිස සහ මන්ත්‍රීවරුන් අතර සංවාදයක්ද ඇතිවුණා.

කෙසේ වෙතත්, වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම, ආසන සංවිධායකවරුන් අද දහවල් හමුවුණා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම, ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ද එක්ව සිටියා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් ප්‍රචාරය කරමින් සිටින බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බවට ඊයේ දිනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ හමුවේදී පොදු තීරණයකට පැමිණි බව එහි දැක්වුණා.

එමෙන්ම, ඊයේ රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමඟ පැවති දුරකතන සංවාදයේදී ද, ඇතැම් කණ්ඩායම් වෙත පණිවුඩය යැවීමට නොහැකිවීම හේතුවෙන් පැමිණෙන නියෝජිතයින් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයේදී හමුවීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top