දුම්රියේ ගැටුණාද නැතිනම් විසිවුණාද, පොලිසියෙන් පරීක්ෂණ..
දුම්රිය ගේට්ටුව වසා පැමිණෙනවත් සමඟ සිදු වූ දේ..
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙක් ඊයේ (20 දා) ජීවිතක්ෂයට පත් වූ බව හැටන් පොලිසිය සඳහන් කළා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටු මුරකරු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එස්.මොගන් නමැති 47 හැවිරිදි තිදරු පියෙක්.
දුම්රිය හරස් ගේට්ටු මුරකරු දුම්රිය පැමිණෙන විට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් ගේට්ටුව වසා පැමිණෙවාත් සමග දුම්රියේ ගැටීමෙන් අනතුරු ඔහුගේ හිස අඩි කිහිපයක් ඉදිරියට විසිවී තිබූ බවත්, කඳ දුම්රියේ රැඳී තිබූ බවත් පොලිසිය සඳහන් කළා.
දුම්රියේ ගැටුණු ගේට්ටු මුරකරුගේ සිරුර ‘පොඩි මැණිකේ’ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දී තිබෙනවා.
දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ ගේට්ටු මුරකරුගේ නිල නිවස ද ඒ ආසන්නයේම පිහිටා ඇති අතර ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණා ද නැත්නම් දුම්රියට පැන සිය දිවි නසා ගත්තා ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.