Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
19
"අභ්‍යන්තරව ලස්සන වෙන්නනම් ප්‍රධානම දේ තමයි මනස ලස්සනට තියාගන්න එක, ජීවිතේට ප්‍රශ්න එනවා යනවා, ගණන්ගන්න නරකයි.." - සෙනාලි ෆොන්සේකා - Photos

- "අභ්‍යන්තරව ලස්සන වෙන්නනම් ප්‍රධානම දේ තමයි මනස ලස්සනට තියාගන්න එක, ජීවිතේට ප්‍රශ්න එනවා යනවා, ගණන්ගන්න නරකයි.." - සෙනාලි ෆොන්සේකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,190 Views
මම මගේ සිතුවිලි සතුටින් තියාගන්න, "නැව ගිලුණත් බෑන් චූන්" වගේ ඉන්නේ..
මම හිතන්නේ මට ලස්සන රූපයක් ලැබුණේ මගේ දෙමාපියන්ගේ ජානවලින්...
බාහිරෙන් මොනතරම් ආලේපන ගැල්ලුවත්, හිත වෛරයෙන් පිරිලානම් ලස්සනත් නැති වී යනවා..
 
සෙනාලි ෆොන්සේකා කියන්නේ ඓතිහාසික සිනමා තිරයට කදිමට ගැලපුණු මුහුණක්. නිරන්තරයෙන්ම ටෙලිනාට්‍ය හා සිනමාවෙන් දැකගන්න නොලැබුණත් සෙනාලි මේ වෙද්දී ජනතාවගේ ආදරය දිනාගත් නිළියක්. නවක නිළියක් හැටියට රංගනයේ ස්ථාවරය හදා ගත් ඇය අගේ විලාසිතා ගැන මේ විදිහට කියනවා...

ඉතිං සෙනාලි මේ දිනවල මොකද කෙරෙන්නේ?
භාරගත් රංගන කටයුතු කිහිපයක නිරත වෙනවා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුලයි.
 
ඔබ හිතනවාද සෙනාලි කාන්තාවක් ලස්සනට සිටිය යුතුයි කියා?
ඔව් ඇත්තටම. නියැලෙන වෘත්තිය, කුමක් වුණත්, නිවසේ ඉන්න අම්මා පවා තමන්ට උපතින් ලැබුණ ලස්සන ආරක්‍ෂා කරගන්න, පවත්වාගෙන යන්න උත්සහ කරන එක ඉතාම වටිනවා. ඒ වගේම ඒක අවශ්‍යම දෙයක් විදිහටයි මම දකින්නෙ.
 
කාන්තාවකට ලස්සන වැදගත්ද?
වැදගත්. මේ ලෝකේ ඉන්න සෑම කාන්තාවකටම ආවේණික ලස්සනක් තියෙනවා. ඒක සාපේක්‍ෂයි. එය සමේ පාට වෙන්න පුළුවන්, ඇඟේ හැඩය වෙන්න පුළුවන්. කතා කරන විලාසය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇස් ලස්සන වෙන්න පුළුවන්. මුහුණ ලස්සන වෙන්න පුළුවන්. ඔය කොයි විදිහට ගත්තත් හැමෝම හැම කෙනෙකුගේම කුමන හෝ ලස්සනක් තියෙනවා. මම පෞද්ගලිකව හිතනවා කාන්තාවක් විදිහට තමා කැපවීමෙන් ආරක්‍ෂා කර ගත යුතු නිරෝගීකමත්, තමාට ආවේණික ලෙසට පෞර්ෂයක් ගොඩනඟා ගැනීමත් කාන්තාවකගේ සුන්දරත්වය වැඩි වීමට බලපාන තවත් ප්‍රධාන දෙයක් ලෙසට.
 
ලස්සන රැක ගන්න මොනවද කරන්න පුළුවන්?
බාහිර ලස්සන රැක ගන්න, සම පිරිසිදුව තබා ගැනීම, සමට අවශ්‍ය පෝෂණය ලබා දීම සුදුසු කෑමබීම ආලේපන කරන්න පුළුවන්. ඒවා නිවසේදී කර ගන්න වගේම සුළු මුදලක් වියපැහැදම් කරලා රූපලාවන්‍යාගාරයකදී කර ගන්නත් පුළුවන්.
 
අභ්‍යන්තරව ලස්සන වෙන්නනම් ප්‍රධානම දේ තමයි මනස ලස්සනට තියාගන්න එක. සිතුවිලිවලින් ලස්සන වෙන එක. හිත සතුටින් ඉන්නවා කියන්නේ අපේ බාහිර පෙනුමත් ඉබේම ලස්සන වෙනවා. අපි බාහිරෙන් මොනතරම් ආලේපන ගැල්ලුවත්, හිත කනස්සල්ලෙන්නම්, තරහහෙන්, වෛරයෙන් පිරිලානම් අපි දන්නේම නැතුව අපේ තියෙන ලස්සනත් නැති වී යනවා.
 
සිතුවිලිවලින් ලස්සන වෙන්න මොනවාද කරන්නේ?
මම පෞද්ගලිකව මගේ සිතුවිලි සතුටින් තියාගන්න උත්සහා කරන්නේ “නැව ගිලුණත් බෑන් චූන්” වගේ තමයි ඉන්නේ. ජීවිතවලට ප්‍රශ්න එනවා. යනවා. ඒක ස්වභාවිකයි. දුකකදී ඒ දේවල් දරා ගන්න ශක්තිය ගොඩනගා ගැනීමට හුරු වීම ඉතාම අත්‍යවශ්‍යයි. පෞද්ගලිකව මේ ශක්තිය ලබාගැනීම ආධ්‍යාත්මිකව ආගම, දහමට නැඹුරු වීම තමයි මම කරන්නේ.
 
කෑම බීම ගැනීමේදී ඔබ සැලකිලිමත්ද?
ඔව් ඇත්තටම වස විස නැති ස්වභාවික දේවල් හැකි සෑම වේලාවකදීම ආහාරයට එක් කර ගැනීමට උත්සහා කරනවා. ඒ වගේම මම කන්න කොච්චර ආස වුණත්, සමහර කෑම වර්ග ගැනීමෙන් ඇඟ මහත් වෙනවා නම්, නිරෝගීකමට හානියක් වෙනවා නම් ඒවගේ දේවල් කනකොට මම ඒ දෙවල් ගැන දෙවරක් හිතනවා. චොක්ලට් කන්න කොච්චර ආස වුණත්, කැමතිම චොක්ලට් එකක් පවා මම ගන්නේ අවශ්‍ය ප්‍රමාණයට. මොකද මම දන්නවා වැඩිපුර ගත්තාම හානිය වෙන්නේ මටම කියලා. පළතුරුවලටනම් මම ගොඩක් කැමතියි. කොමඩු, කෙසෙල්, ගස්ලබු, ස්ට්‍රොබෙරි වගේ පළතුරු වර්ග ජූස් විදිහට පිළියෙල කරලා ලබා ගන්නවා. ඊට අමතරව දෛනිකව වතුර ලීටර් එකහමාරක්වත් අඩුම තරමේ බොන්න උත්සාහ කරනවා. එළවළුවලට නම් එච්චර ලොකු කැමැත්තක් නැහැ. දෛනිකව අවශ්‍ය සියලු පෝෂණ සංඝටකයන් ඒ විදිහටම නොලැබෙන නිසා, මම පෝෂණ අතිරේකයකුත් ගන්න පුරුදු වෙලා ඉන්නවා.
 
පුංචි කාලයේ ඔබව ලස්සන කරන්න අම්මා ගත්ත උත්සහය මතකද?
අම්මෝ ඔව්, මාව ලස්සනට කියන්න ඕනේ කියලා මට වඩා හිතුවේ මගේ අම්මි. ඉස්සර වතුර ගොඩක් බොන්න කියන කොට ඒක මට හිතුණේ වදයක් විදිහට. ඒත් ටික ටික ලොකු වෙනකොට තේරුම් ගියා වතුර කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. ඉස්සර මට මතකයි අම්මා කහයි, කිරියි මිශ්‍ර කරලා මුළු ඇගේම ගාලා, ටික වේලාවක් තියලා නාවනවා. මේ ප්‍රතිකාරයෙන් සම රන්වන් පාට වෙනවා.
 
කිරිවලින් මුහුණ සේදීමත්, සමේ තෙතමනයට ඉතාම සුදුසු දෙයක් නිසා, ඒ ප්‍රතිකාරයන් අම්මා නිතර කරන්න දෙනවා. කඩල පිටි ටිකකට, යෝගට් මේස හැඳි කිහිපයක් දමා, මී පැණි දාලා මිශ්‍ර කරලා මුහුණෙයි, ඇඟෙයි ගාලා, ටික වේලාවක් තියලා හෝදනවා. එම ප්‍රතිකාරයෙන් හොඳට ස්ක්‍රබ් වෙලා මැරිච්ච හම ඉවත් වෙනවා. ඒ වගේම දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. මෙම ස්වභාවික ප්‍රතිකාරයනම් මම දැනුත් කරනවා.
 
අනිත් දේ තමයි, මට තිබ්බ ලස්සන කොණ්ඩය ආරක්‍ෂා කර ගන්න. පොල් තෙල් දාලා හොඳට මසාජ් කරලා රෑට කොණ්ඩය ගොතලා තමයි මාව නින්දට යවන්නේ. උදේට ෂැම්පු දාලා කොණ්ඩය පිරිසිදු කරන දේවල් වුණෙත් අම්මා අතින්. ඇත්තමට පුංචි කාලේ එංගලන්තයේ ඉද්දී මේ හැම දේම වුණත්, ලංකාවට ආවට පස්සේ මගේ අතින්, මේ හැම දේම සිදු නොවුණ නිසා, මම අද ඒවායෙන් පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ. කොණ්ඩයට සාත්තු නොකරන නිසාම කොණ්ඩය යන්න පවා පටන් ගත්තා. හිරු නොවැටෙන එංගලන්තයේ වගේ නොවේ ඝර්ම කලාපීය රටක ඉද්දී අපි අපේ හැම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මට මෙහාට ආවාම හිතුණා. දැන්නම් මම උදෑසන කාලයටයි, රාත්‍රී කාලයටයි වෙන් වෙන් වශයෙන් සම ආරක්‍ෂා කර ගන්න උත්සාහ කිරීම් කරනවා.
 
ඔබට ලස්සන රූපයක් ලැබුණේ කුමක් නිසා කියලාද හිතන්නේ?
මම හිතන්නේ මට ලස්සන රූපයක් ලැබුණේ මගේ දෙමාපියන්ගේ ජානවලින්. ඔවුන්ගේ ලැබුණ දෙයක් සහ ඔවුන් ලබා දුන්න පෝෂණයෙන් ආරක්‍ෂා වුණ දෙයක් ලෙසට.
 
ඇඟේ හැඩය තබා ගැනීමට මොකද කරන්නේ?
සතියේ දින හතෙන් දින පහක්ම මම ජිම් එකකට ගිහින් ව්‍යායාම කරන්න පුරුදු වී සිටිනවා. එසේ කිරීමට බැරි වුණදාට මම කැමති සිංදුවක් දාලා නටනවා. මම නර්තනය විෂයක් ලෙසට හදාරා නැතත් මම නර්තනයට හරිම ආසයි. නර්තනයෙන් ගතට වගේම හිතටත් අමුතුම හැඟීමක් දැනෙනවා.
 
විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?
ඔව්. බාහිර පාර්ශ්වයක් ක්‍ෂණිකව අපව ග්‍රහණය කර ගනු ලබන්නේ ඇඳුමෙන්. ඒ නිසා ඇඳුම ලස්සනට, පිළිවෙළට, තිබීම අවශ්‍යයයි. විලාසිතාවක් තෝරා ගැනීමේදී මට මගේ ඇඟේ හැඩය, ඇඟේ පැහැය වගේම, සහභාගි වෙන තැන, වේලාව ගැනත් සැලකිලිමත් වෙනවා. මේ හැම දේම එක්ක පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් කියන දේටත් මුල්තැන දෙනවා.
 
ගැළපෙනම ඇඳුම?
දිග ගවුම මට ගොඩක් ගැළපෙනවා.
 
ශරීරයට සුදුසුම පාට?
සුදු සහ රෝස පාට ඇඳුම් ඇන්දම මට ගොඩක් ලස්සනයි.
 
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
මම මේ වෙනකම්ම දැකපු ලස්සනම කාන්තාව තමයි මගේ ආච්චි අම්මා. (අම්මාගේ අම්මා) ආච්චි නැති වෙනකොට වයස අවුරුදු 98යි. නමුත් දකින කෙනෙක් කවදාවත් ඇයට එතරම් වයසයි කියලා හිතුවේම නැහැ. හරිම ලස්සන, ගතිගුණවලින් හරිම හොඳ, ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා දැක්ක ආච්චිව තමයි සුන්දර කාන්තාවක් ලෙසට අදත් මගේ හිතේ රැඳී තියෙන්නේ.
 
රූපය නිසාද අද ඔබට මේ සියලු දේ ලැබී තිබෙන්නේ?
රූපය පුංචි කොටසක් පමණයි. දක්‍ෂතාවය, හැදෑරීම, වගේම බාහිර පාර්ශ්වය සමඟ කටයුතු කරන ආකාරය යන සියල්ලෙහිම එකතුවකින් තමයි කෙනෙකු ක්ෂේත්‍රයක දිගුකාලීනව රඳවා තබා ගැනෙන්නේ.
 
අසුන්තා එදිරිසූරිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top