හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 3 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළා.
නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සමඟ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර කිසිදු සම්බන්ධතාවක් පවත්වා ඇති බවට දුරකථන විශ්ලේෂණ වාර්තා වලින් අනාවරණ වී නොමැති බවයි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීම යන චෝදනා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වනවා.