Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
19
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාර ගනී - Video & Photos

- අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාර ගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,805 Views
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජය සක් බෙර හඩ මධ්‍යයේ පෙරවරු 10ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න විසින්.

අනතුරුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගනු ලැබුවා.

ඉන්පසු ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර උත්තමාචාරයක් පිරිනැමූ අතර, අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද, පැවැත්වුණා. එම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ව සිටියා.

ඉන් අනතුරුව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සෙත් පිරිත් සජ්ඣයනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් සිදුකළා.

ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ ඉන් පසුවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඊයේ රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදී දිවුරුම් දුන්නා.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේදී මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතයි.

මේ අතර, සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස මෙන්ම එහි ආර්ථික විද්‍යාඥයෙකු ලෙස ද සේවය කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධිධාරියෙක්.

මීට පෙර ඔහු මුදල් අමාත්‍යාංශයේ මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

එසේම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මීළඟට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත් කරනු ලැබුවා.

ඔහු මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ අවසන් සටනේ පුරෝගාමී සෙන්පතියෙක්. 53 වන බල සේනාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කළා.

මීට අමතරව අද සිය රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්.ආර්. ආටිගල පත් කරනු ලැබුවා. ඔහු මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු මෙන්ම මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වනවා.

මේ අතර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස  ඕෂධ සෙනානායක පත් කිරිම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සිදුකළා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top