චීන ජනාධිපති ෂී - ජින්පින් විසින්, අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සුබ පැතුම් පණිවුඩයක් එක් කර තිබෙනවා.
එමගින් ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබදව චීන රජය, ජනතාව සහ තමා හද පත්ලෙන්ම සුබ ප්‍රාර්ථනා කරන බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික සහ මිතුරු සබඳතාවලින් එක්ව ඇති රටවල් දෙකක් වන අතර, වෙනස් වන ගෝලීය තලයේදී එම සබදතා නොසැලී ඉදිරියට යන බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව වෙනුවෙන් නව ජනාධිපතිවරයාගේ දායකත්වය ප්‍රසාදයට ලක් කළ ජනපති ෂී - ජින්පින් ද්වි පාර්ශවික සබදතා වර්ධනය කරලීමේ වැදගත්කම ද අවධාරණය කළා.
විශේෂයෙන් එක් තීරුවක් - එක් මාවතක් යාන්ත්‍රණය යටතේ චීන - ශ්‍රී ලංකා ක්‍රමෝපාය සහයෝගීතාව තවදුරටත් දැඩි වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාවේ නව නායකත්වය යටතේ එය නව අදියරකට පිවිසෙනු ඇති අතර, එමගින් දෙරටේම ජනතාවට ප්‍රතිලාභ හිමි වනු ඇති බවයි චීන ජනාධිපති ෂී - ජින්පින් සිය සුබ පැතුම් පණිවුඩයෙන් කියා සිටියේ.