එළඹෙන දෙසැම්බර් මස 2 වන දා පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර විශේෂ විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 7 දෙනෙකු නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම හේතුවෙන්.
එළඹෙන දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987 කදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා විභාග අපේක්ෂකයින් හත් ලක්ෂ 17,008 ක් පෙනී සිටීමට සුදුසුකම් ලබා සිටිනවා.