ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී ජය ගන්නා බවත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් ජය ලබා ගන්නා බවත්, එසේ නොවි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පරාජය වුවහොත් සිය රැවුල ජිවිත කාලය පුරාම නොකපන බව පවසා ගමේ ජනතාවට පොරොන්දුවක් ද ලබා දෙමිනුයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමත් සමගම මන්ත්‍රි කපිල පුෂ්පකුමාර මහතා අද (18) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිව්රුම් දීමත් සමඟම සිය ගම්වාසින් ඉදිරිපිටදීම රැවුල කපා දැමුවා.
මේ පිළිබඳව හබරාදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි බි.ඒ කපිල පුෂ්පකුමාර මහතා මෙසේ සඳහන් කළා,
"ජනාධිපතිවරණයට අපේ පක්ෂයෙන් අපේක්ෂකවරයෙකු නම් කරන්නට පෙර දී මා ගමේ ජනතාවට, හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි මන්ඩලයට කිව්වා මේ ජනාධිපතිවරණයට තරග කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි, ගෝඨාභය මහතා මේ ජනාධිපතිවරණය දිනනවා කියලා මම කිව්වා. පැරදුනොත් මම නැවත ජිවිතය ඇති තුරා රැවුල කපන්නේ නැහැ. වාවනවා කියලා. ඒක මේ හබරාදුවේ ජනතාව දන්නවා. අපි ජයග්‍රහනය කළා. ඒ නිසා මම අද ගමේ ජනතාවට එන්න කියලා ඒ ජනතාව ඉදිරියේදීම මේ රැවුල කපා දමන්න තිරණය කළා..."
ඒ පිළිබද අදහස් දැක්වු හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ,
"කපිල පුෂ්පකුමාර මන්ත්‍රිවරයා මේ ඔට්ටු අපි සමඟ කිව්වා. මාස ගණනාවක් පුරා රැවුල වවාගෙන තමයි හිටියේ. පසුගිය මස කිහිපය පුරාම ප්‍රධාන රෑස්විමකට, කාර්යාලයට ගියත් රැවුල කැපුවේ නැහැ. (පොදුජන පෙරමුණ) ගෝඨාභය මහත්තායා පැරදුනොත් කපන්නෙම නැහැ කිවුවා. කපිල මන්ත්‍රිවරයා දෙයක් කිව්වොත් කිව්වා තමා.."
මෙම අවස්ථාවට හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා ඇතුළු හප්පාවන ප්‍රදේශවාසිහු රෑසක් සහභාගි වී සිටියා.