Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
17
හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ගැන, ඔබ නොදත් වතගොත - Video

- හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ගැන, ඔබ නොදත් වතගොත - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන සාමාජිකයා..
කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබදව පශ්චාත් උපාධිධාරියෙක්..
ස්ට්‍රයික් හාර්ඩ් හා ත්‍රිවිධ බලය යන මෙහෙයුම්හී ආඥාපති වශයෙන් කටයුතු කළා...
 
පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව තැබෙන සටහනක් මේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩී.ඒ. රාජපක්ෂ මහතාට සහ දන්දිනා රාජපක්ෂ මැතිණියට දාව 1949 ජූනි මස 20 වන දින මෙලොව එළිය දුටු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් රාජපක්ෂ පවුලේ තුන්වන සාමාජිකයායි.

හිටපු කතානායකවරයෙක් වන චමල් රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනා වන අතර හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වනවා.
 
හම්බන්තොට - වීරකැටිය ප්‍රදේශයේ හැදීවැඩුණු ගෝඨාභය රාජපක්ෂ කුඩා කල පටන්ම දිවිගෙවුණේ දේශපාලන පසුබිමකයි.
 
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තරුණ ගෝඨාභය රාජපක්ෂ 1971 අප්‍රේල් 26 වැනි දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී 1972 දී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
 
පාකිස්ථානයේ රාවල්පින්ඩිහීදී සංඥා තරුණ නිලධාරී පාඨමාලාව හා පාබල හමුදාවේ අණදෙන නිලධාරී පාඨමාලාවද, ඉන්දියාවේ ඇසෑම්හීදී කැරලි මර්දන හා කැලෑ යුද්ධ පාඨමාලාවද, නවසීලන්තයේ වොලින්ටන් ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාවද, ඇමරිකාවේදී උසස් පාබල හමුදා නිලධාරීන්ගේ පාඨමාලාවද ගෝඨාභය රාජපක්ෂ මහතා හදාරා තිබෙනවා.
 
පළවනි ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ඔහු 1983 සිට 1990 දක්වා කාලය තුළ එම පළමු වන ගජබා රෙජිමේන්තුවේ බලසේනාධිපති ලෙසද සේවය කළා.
 
ස්ට්‍රයික් හාර්ඩ් හා ත්‍රිවිධ බලය යන මෙහෙයුම්හී ආඥාපති වශයෙන් කටයුතු කළේද ගෝඨාභය රාජපක්ෂ මහතාය.
 
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා රෙජිමේන්තුව යන රෙජිමේන්තුවල සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය 20 වසරක් වූ හමුදා ජීවිතය තුළ ජනාධිපතිවරු තිදෙනක් අතින් නිර්භීතභාවය වෙනුවෙන් පිරිනමන රණ වික්‍රම පදක්කම, රණශූර පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලැබුවා.
 
කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබදව පශ්චාත් උපාධිය හැදෑරු ගෝඨාභය රාජපක්ෂ මහතා 1992 දී යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා කොතලාවල ආරක්ෂක ඇකඩමියේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළා.
 
2005 වසරේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වුණා.
 
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 2006 දෙසැම්බර් මස 01 වන දින කොල්ලුපිටියේදී පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිපිරවීමක් සිදු කලද ඉන් දිවි ගලවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වුණ් මනා හැකියාවත්, යුද්ධය පිළිබදව තිබූ අත්දැකීමත් පාදක කර ගනිමින් වසර 30 ක් පුරාවට මෙරට පැවති යුද්ධය 2009 මැයි මාසයේ අවසන් කිරීමට දායකවූ පුරෝගාමියෙකු ලෙසයි.
 
යුද්ධයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුරටද ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ මහතා තම පරිපාලන දැනුම උපයෝගී කරගනිමින් කොළඹ නගරය මෙන්ම ජරාජීර්ණව තිබූ නාගරික පරිසරයන් රැසක්ම අලංකාර ප්‍රියමනාප ස්ථාන බවට පත් කළා.
 
මේ දක්ෂ පරිපාලකයාගේ හැකියාව නිසා බහුතරයකගේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ අතර ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඔහු මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top