ගලේවෙල කාන්තාවකගෙන් ඡන්ද අයිතිය අහිමි වී ඇති බවට චෝදනා.. පුත්තලම නගරයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රියේ ලංගම බස් රථ රැසක් නවතා තිබිලා.. හපුතලේ - ඔහිය ප්‍රදේශයේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක්.. ජනාධිපතිවරණ ජන්ද විමසීම සාමකාමීව පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.
ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කළ 8 දෙනෙකු සහ ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්දදායකයින්ට බාධා වන ලෙස හැසිරුණු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
දඹුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ගලේවෙල - මැදබැද්ද ඡුන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණි කාන්තාවක් වෙනත් අයෙකු තමාගේ ඡන්දය ප්‍රකාශ කර ඇති බවට පවසමින් ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට හඩා වැටෙන අයුරු අද දක්නට ලැබුණා.
ගලේවෙල - මැදබැද්ද - උතුර ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව චෝදනා කළේ මේ හේතුවෙන් තමාගේ ඡන්ද අයිතිය අහිමි වී ඇති බවයි.
එමෙන්ම මැතිවරණ රාජකාරී සඳහා යැයි පවසමින් පුත්තලම නගරයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රියේ ලංගම බස් රථ රැසක් නවතා තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත චෝදනා කළේ පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම බස් රථ ගාල් කර ඇති බවටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සඳහන් කළා.
මේ අතර, ගාල්ල -දොඩංදූව - රෝහණ බාලිකා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කිරීමට පැමිණි පුද්ගලයෙකු තමන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා.
නාවික හමුදා සෙබලෙකු වන ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා 25ක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ද පොලීසිය වැල්ලව ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් ජංගම මුර සංචාරවල යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
හපුතලේ - ඔහිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ඉන් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියා සිටියේ.
බණ්ඩාරගම - රයිගම රජමහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙකු වලංගු ඡන්ද පත්‍රිකාව තමා ළග තබාගෙන වෙනත් පත්‍රයක් ඡන්ද පෙට්ටියට යොමු කිරීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අම්පාර - මාණික්කමඩු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට යන අතරතුර පහරදීමක් සිදුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වාහන දෙකක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකර ඇතැයිද පොලිසිය කියා සිටියා.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වී දින 7ක් ගත වන තුරු පෙළපාලි තහනම් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
මේ අතර මැතිවරණය පැවති අද දිනයේ උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යෙදූ බවට නැගෙන චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරනවා. VIDEO