Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
"ආබාධිත වුණා කියලා කාගෙන්වත් යැපෙන්න හොඳ නැහැ, මට ඕන ස්වාධීනව ජීවත් වෙන්න.." - රෝද පුටුවේ ඉඳන් ලෝකයම දිනපු වෛද්‍ය සමිතා සමන්මලී - Photos

- "ආබාධිත වුණා කියලා කාගෙන්වත් යැපෙන්න හොඳ නැහැ, මට ඕන ස්වාධීනව ජීවත් වෙන්න.." - රෝද පුටුවේ ඉඳන් ලෝකයම දිනපු වෛද්‍ය සමිතා සමන්මලී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,486 Views
ඒ විදිහ මම අධ්‍යයනය කළා. ලංකාවේ පරිසරය අපට හදන්න පුළුවන්...
ඒක ගැන ලොකුවට හිතන්නේ නැහැ. සහභාගිත්වය ගැන සතුටු වෙනවා..
ඉවසන්න බැරි පුදුමාකාර සීතලක්. ඒත් ඒක ඉවසගෙන තරඟයට සහභාගි වුණා..
 
නොහැකියාව හැකියාවක් ලෙසට හරවා ගනිමින් ජීවිතය ජයගත් ඇය වෛද්‍ය සමිතා සමන්මලීය.
 
ඇය තම හැකියාව පෙන්වූ ආසන්නතම අවස්ථාව ලෙස මතුකර පෙන්වන්නේ පසුගියදා නිමා වූ 2019 "ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය"යි.

දකුණු කොරියාවේ පැවැති මෙම පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ඇය නියෝජනය කළේ කාන්තා ඒකල අංශයයි. එහිදී ඇය කිලෝමීටර් 2කින් සමන්විත තරගය සාර්ථකව නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය. මෙහි පිරිමි අංශයේ රිදී පදක්කම යුද හමුදාවේ සැරයන්වරයකු වූ මහේෂ් ජයකොඩිට හිමිවිය.
 
සැරයන් ජයකොඩිව පසුව හමුවන අදිටනින් අප වෛද්‍ය සමිතා සමන්මලී හමුවන්නේ ඇය දිරිමත් ගැහැනියක් ලෙස ජීවිතය දිහා බලන පණිවුඩය මෙරට කාන්තා පරපුරට ආදර්ශයක් වනු ඇතැයි සිතූ නිසාය.
 
සමිතා වෛද්‍ය සිසුවියක් ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන කාලයේදී අනතුරට පත්වී මෙසේ එක්තැන් වූවාය. එය සැබවින්ම ඛේදවාචකයකි.
 
මේ සටහන කියවන ඔබගේ දැනගැනීම පිණිස ඒ අභාග්‍යසම්පන්න ප්‍රවෘත්තිය මෙසේ ඔබට කෙටියෙන් පවසන්නෙමු.
 
ඒ දවස 2008 පෙබරවාරි 15 වැනිදාය. එදා සමිතා ඇතුළු ඇගේ වෛද්‍ය පීඨ යහළු යෙහෙළියන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ගියේ නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත "මෙඩෙක්ස්" වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය තම ප්‍රදර්ශන කුටියට වෙන්වූ භූමි කොටස් හඳුනා ගන්නටය. ඒ අනුව එම භූමි කොටස පරීක්ෂා කරමින් සිටියදී ඇදහැලුණේ පොද වැස්සකි.
 
සමිතා ඇතුළු පිරිස වටපිටාවේ ඇති අට්ටාල වෙත දිව යන්නේ ඇසිල්ලකිනි. මේ මොහොතේ මඳ සුළං තද සුළං බවට පත්වන්නේ කිසිවකු නොසිතූ පරිදිය.
 
තවත් මොහොතකින් සමිතා ඇතුළු පිරිස හුන් අට්ටාල වහලයේ තිබූ යකඩ බටයක් කඩා වැටෙන්නේ සමිතාගේ හිස ඉලක්ක කරගෙනමය. ඇය සිහිසුන් නැතිව ඇද වැටෙන්නෙත් සුෂුම්නාවට හානිවන ලෙස ඉළ ඇට බිඳෙන්නෙත් ඒ කරුමය මුල්කරගෙනය.
 
මේ අනතුරින් පසුව මාස ගණනාවක් ප්‍රතිකාර ලබන සමිතා අවසානයේදී රෝද පුටුවකට සීමා වන්නේ පවුලේ උදවිය පමණක් නොව යහළු යෙහෙළියන් පවා පුදුමයට හා දුකට පත් කරවමිනි.
 
කාලයාගේ ඇවෑමෙන් යළි පිබිදෙන සමිතා ස්ථිර අදිටනකින් යුතුව දිවා රෑ පාඩම් කරමින් දේශනවලට සහභාගි වෙමින් තම අරමුණ කරා පියාඹන්නට වෙහෙසුණාය.. ඇගේ මේ උත්සාහය තේරුම් ගත් යහළු යෙහෙළියන් ඇය අතැර නොයා උදවු කරන්නේ හදවතින්මය. ඒ අනුව සමිතා විභාගය සමත් වී වෛද්‍යවරියක් වන්නීය. ඒ ඇගේ පළමු ජයග්‍රහණයයි.
 
දෙවැන්න ඇයට මේ අපරාධය සිදුකළ ආයතනවලට එරෙහිවය. ඇය ඒ වෙනුවෙන් උසාවි ගියාය. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සහ නීතිඥ අරුල් ප්‍රගාසම් සමාගම ඇය වෙනුවෙන් නොමිලේ මේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. ඒ අනුව වසර අටකින් පසුව ඇය එම වන්දි නඩුව ජයගත්තාය. ඒ අනුව "2008 දැයට කිරුළ" ප්‍රදර්ශනය වෙනුවෙන් සකස් කළ පෙර කී අට්ටාලය අඩක් ගලවා අනාරක්ෂිතව තැබීම පිළිබඳව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා වගකිවයුත්තන් වැරැදිකරුවන් බවට පත්විය.
 
වෛද්‍ය සමිතාට මේ කාලසීමාවේදී මුහුණ දෙන්නට සිදුවූ අනිත් අභියෝගය ඇගේ සීමාවාසික පුහුණුවයි. ඇය ඒ අභියෝගයටද මුහුණ දුන්නාය. රෝද පුටුවෙන්ම කොළඹ මහ රෝහලේ උඩුමහලේ පිහිටි වාට්ටුවකට ගොස් ඒ පුහුණුව සාර්ථකව නිම කළාය. වෛද්‍ය සමිතා ඉලක්කවලින් පරාජය ලබන්නට සූදානම් නැති කාන්තාවකි. ඇයට අභියෝග හා ඉලක්ක ඇති මාර්ග හොඳින් පුරුදුය. රෝද පුටුව කරකැවෙන්නේ ඒ ගල් බොරලු හොඳින් හඳුනාගෙනය. කාටත් හොරා දෙනෙතේ උපදින කඳුළුවල උණුසුම ඇයට ලබාදෙන්නේ සිනාසෙමින් ජීවිතය දෙස බලන ධෛර්යය.
 
මුලදී අප සමිතාගේ ජයග්‍රහණ කිහිපයක් ගැන සඳහන් කළෙමු. එය එතැනින් නිමා වන්නේ නැත. ඊළඟට ඇය පිවිසෙන්නේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන්නටය.
 
"ඊට පස්සේ මම පිහිනුම් ආබාධිත ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ දැනුමක් ලබාගත යුතුයි කියලා. ඒ අනුව ඊට සුදුසු විශ්වවිද්‍යාලයක් සොයමින් සිටියා. ඒ කාලයේදී තමයි මම ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් සරසවියේ මේ පාඨමාලාව කරන්න පුළුවන් කියලා දැනගත්තේ. ඒත් ඒ සඳහා දරන්නවෙන ලොකු වියදම මට දරාගන්න පුළුවන්කමක් තිබුණේ නෑ."
 
වෛද්‍ය සමිතා ආපසු හැරුණේ නැත. ඇය එම විශ්වවිද්‍යාලයේ හිතවතුන් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන ශිෂ්‍යත්වයක් ලබාගැනීමට ඉල්ලුම් කරන්නේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය. මේ අනුව 2017 වසරේදී ඇයට ඕස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්වයක් ලැබෙන්නේය.
 
ඕස්ට්‍රේලියාවට යන වෛද්‍ය සමිතා අනතුරුව පිවිසෙන්නේ විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකටය. නුපුරුදු රටක නුපුරුදු පරිසර වෙනස්කම් මැද හුදකලා වන වෛද්‍ය සමිතා තම සිතේ කාන්සිය හා පාළුව මකා ගන්නට යොදා ගත්තේ මේ ක්‍රියාකාරකම්ය.
 
ඇය එහිදී පිහිනුම් ක්‍රීඩාව, දියයට කිමිදීම, ස්කයිඩයිව් සහ රිය පැදවීම ඉගෙන ගන්නේ ආබාධිතව හුදකලා වී සිටින, හැකියාව නොහඳුනන සියලු ප්‍රජාවට යහපත් පණිවුඩයක් ලබා දෙමිනි.
 
"මට ඕන ස්වාධීනව ජීවත් වෙන්න. නිදහසේ ජීවත් වෙන්න. ඒකට තමයි මම මේ හැම දෙයක්ම කරන්නේ. ආබාධිත වුණා කියලා කාගෙන්වත් යැපෙන්න හොඳ නැහැ" වෛද්‍ය සමිතා සිනාසෙමින් කියන්නීය.
 
ඇය ඕස්ට්‍රේලියාවේ ගත කළ වසර දෙක පුදුමාකාරය. සාමාන්‍ය කාන්තාවක මෙන් ඇය නොගිය, නොකළ දෙයක් නැත. විටෙක ඇය විශ්වවිද්‍යාලයේ සිංහ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. එමෙන්ම එහි ඇය ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේද ක්‍රියාකාරිනියකි. මීට අමතරව තමා ජීවත්වන ඇඩිලේඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් සමඟද සුහදව ගනුදෙනු කළාය. ඊට අමතරව එම විශ්වවිද්‍යාලයේම සිටින වෙනත් රටවල ආබාධිත සිසුන් හා උපදේශකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටද ඇය තම කාලය ප්‍රවේශම් කර ගත්තාය.
 
"මම මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම තුළින් ආබාධිත පුද්ගලයාගේ මනෝභාවය හා සාර්ථක මිනිසකු ලෙස ජීවිතය හැඩගස්වා ගන්නා අන්දම ගැන හොඳින් වටහා ගත්තා. ඉගෙන ගත්තා. ඇත්තටම ඒ වගේ රටවල ආබාධිත පුද්ගලයන්ට නිදහසේ ජීවත් වෙන්න, ගමන් බිමන් යන්න පහසුකම් තිබෙනවා. ඒ විදිහ මම හොඳින් අධ්‍යයනය කළා. ලංකාවෙත් පරිසරය අපට හදන්න පුළුවන්..."
 
2018 වසරේදී ලංකාවට පැමිණි වෛද්‍ය සමිතා සමන්මලී යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධිත සත්කාර ඒකකයේ වැඩ රාජකාරි භාර ගන්නේ තමා උගත් දැනුම බෙදා දෙනු රිසියෙනි. ඇය අදහන්නේ ආබාධිතයන්ට ශක්තිය හා විශ්වාසය ඇති කිරීම තුළින් මෙන්ම වැඩිදුර අධ්‍යයන කටයුතු විවර වීම තුළින් ඔවුන්ට නව ලොවක් තැනිය හැකි බවයි. ඇය මේ බව පවසන්නේ දැඩි අදිටනින් යුතුවය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඇය වර්තමානයේදී ආබාධිතයන් පුනරුත්ථාපනය කිරීමේ ශ්‍රී ලංකා පදනමේද විධායක කමිටුව නියෝජනය කරන්නීය.
 
මේ ආකාරයට අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන වෛද්‍ය සමිතා සමන්මලී දකුණු කොරියාවේ පැරා ඔරු පැදීමේ තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේද තම මිතුරියක වූ කාංචනාගේ බලකිරීමටය.
 
"ඇය තමයි මට දියවන්නාව ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලංකා යුද හමුදා ඔරු පැදීමේ කණ්ඩායම පිළිබඳ මූලික තොරතුරු පවසන්නේ. ඒ මම ඕස්ට්‍රේලියාවට යෑමට පෙර."
 
"ඉන්පස්සේ මම ලංකාවට ඇවිත් මේ ස්ථානයට ගියා. එහිදී මට කපිතාන් මංගල අලගියවත්ත, යුද හමුදා සහකාර පුහුණුකරු ලසන්ත වැලිකල යන මහත්වරුන්ට ස්තුති කළ යුතුයි. ඔවුන් තමයි මාව මේ වෙනුවෙන් දිරිමත් කළේ. ඒ වගේම මගේ සොයුරිය විවාහ වී සිටින ජයන්ත අයියා. ඔහු මාව හැම මොහොතකම මේ සඳහා කැඳවාගෙන ගියා. ඊළඟට ශ්‍රී ලංකා යුද හමුදා ඔරු පැදීමේ කණ්ඩායමට, ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවටත් මම ස්තුති කරනවා..."
 
මේ තරගය පැවැති දවසේ තම අත්දැකීම ගැනද වෛද්‍ය සමිතා මෙහිදී මතක් කළාය.
 
"එදා උදේ 10.00ට විතර තමයි තරගය ඇරඹුණේ. ඉවසන්න බැරි පුදුමාකාර සීතලක් ඒ වෙලාවේ තිබුණා. ඒත් ඒක ඉවසගෙන තරගයට සහභාගි වුණා. ඒ වගේම තමයි ඒ අත්දැකීම. ඒක පුදුමාකාර අත්දැකීමක්."
 
වෛද්‍ය සමිතා මේ තරගයට සූදානම් වන කාලයේදීම මේ අයුරින්ම දුෂ්කරතා රැසකට මුහුණ දුන්නාය. ඇය පුහුණු වීම් සඳහා පැමිණෙන්නේ පාන්දර 6.00ට පමණය. ලංකාවේ ආබාධිතයන්ට ඇති පහසුකම් ඇති නිසා ඇය ඔරුවට ගොඩවන්නේ කිහිපදෙනකුගේ ආධාරය ඇතිවය. ඔවුන් ඇයව ඔසවාගෙන ගොස් ඔරුවට ගොඩ කරන්නේය.
 
"මේ හැම දෙයක්ම මම ඉවසාගෙන කටයුතු කළා. ඒවා ගැන හිත හිතා හිටියා නම් මට ඉදිරියට යන්න බැහැ. මම හැමෝටම දෙන පණිවිඩයත් ඒකමයි. අපි "නැහැ", "බැහැ" කියලා පැත්තකට වෙන්න නරකයි. තිබෙන දේ ප්‍රයෝජනයට අරන් අපේ අරමුණු සාර්ථක කරගන්න ඕන."
 
"මම මේ ලබාගත්ත ලෝකඩ පදක්කම එකක් විතරයි. ඒක ගැන ලොකුවට හිතන්න මම කටයුතු කරන්නේ නැහැ. නමුත් සහභාගිත්වය ගැන මම සතුටු වෙනවා" වෛද්‍ය සමිතා අවසන් වශයෙන් කීවාය.
 
වෛද්‍ය සමිතා සමන්මලී ලබාගත් ජයග්‍රහණ කිහිපයක් ගැන සඳහන් කරමින් අප ඔබට මතක් කළේ ඇය මෑතකදී ලබා ගත් ජයග්‍රහණය ගැනය. මේ ඇගේ අවසන් ජයග්‍රහණය නොවන බවද අපි හොඳින් දන්නෙමු. ඇයට තව බොහෝ අපේක්ෂා හා අරමුණු ඇත. ඒවා සාර්ථක කරගැනීම ඇය සතු අදිටනකි. එය නවත්වන්නට කිසිවකුට නොහැකිය. ඇගේ අධිෂ්ඨානය එතරම්ම බලවත්ය.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top