Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
බෙලි කැපීම් ඇතුළු අමානුෂික ඝාතන රැසක් සිදුකළ ISIS ත්‍රස්තයා හංගේරියානු අධිකරණයට ඉදිරිපත් කරයි - Photos

- බෙලි කැපීම් ඇතුළු අමානුෂික ඝාතන රැසක් සිදුකළ ISIS ත්‍රස්තයා හංගේරියානු අධිකරණයට ඉදිරිපත් කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,843 Views
කාන්තාවන් 6 ක් සහ කුඩා දරුවෙකු ඇතුළු 25 දෙනෙක් ඝාතනය කරලා..
ISIS නායකත්වයෙන් ලැබුණු නාමාවලියක් අනුව ඝාතන සිදුකළ බව හෙළිවෙයි..
ඉමාම්වරයෙකුගේ හිස කඳින් වෙන්කර රැස්ව සිටි ජනතාවට පෙන්වලා..
 
ත්‍රස්තවාදය හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ලැබූ ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ සටන් නායකයෙකු බවට සැකකරන අයෙක් පසුගියදා හංගේරියානු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
27 හැවිරිදි සිරියානුවෙකු වූ මොහු නමින් එෆ්. හස්සන්.

පසුගිය වසර අගභාගයේදී ජාත්‍යන්තර බුඩාපෙස්ට් ප්‍රධාන ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබුණේ, ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනුයි.
 
ඒ අනුව, පසුගිය සප්තැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොනු වුණා.
 
2011 වසරේ සිරියානු හමුදාවෙන් පළාගොස් ඇති මොහු, 2014 ට ආසන්න කාලයේදී ISIS සංවිධානය සමග සම්බන්ධ වී, එහි සටන් කණ්ඩායමක නායකයෙකු බවට පත්ව, ඒ වෙත නව සාමාජිකයන් බඳවා ගැනීමටද කටයුතු කර තිබෙනවා.
 
2015 වසරේ හොම්ස් නගරය ආශ්‍රිතව ඝාතන රැසකට ඔහු සම්බන්ධ වී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
එම නගරයේ ධනවතුන් රැසක් පදිංචිව සිටි ප්‍රදේශයක් අත්පත් කරගෙන තිබූ ඔහු, ISIS නායකත්වයෙන් ලැබුණු නාමාවලියක් අනුව එම සාමාන්‍ය ජනතාව ඝාතනය තිබෙනවා.
 
බොහෝවිට බෙල්ල කපා හෝ වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති අතර, සෙසු පිරිස් නගරයේ ප්‍රධාන වීදියට එක්රැස් කරමින්, ඔවුන් සිදුකරන මනුෂ්‍ය ඝාතන දැකගැනීමට සලස්වා ඇති බව සඳහන්.
 
එහිදී, ඔහු නගරයේ ඉස්ලාමීය ඉමාම්වරයෙකුගේ හිස කඳින් වෙන්කර එය එහාමෙදා පද්දමින් රැසව සිටි ජනතාවට පෙන්වා ඇති බවද ආරක්ෂක අංශ අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
 
මෙම සිද්ධියේදී කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ඝාතනය කිරීමට ඔහු සෘජුවම සම්බන්ධ වී ඇති බවද වාර්තා වනවා.
 
හංගේරියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ජාත්‍යන්තර බුද්ධි තොරතුරු මත බුඩාපෙස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබූ ඔහුට එරෙහි නඩු විභාගය කාලයක් පුරා මෙසේ ඇසෙන අතර, විලංගු යෙදූ මෙම ISIS ත්‍රස්ත සැකකරු අධිකරණය හමුවට පමුණුවා තිබුණේ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ විශේෂ ප්‍රතිත්‍රස්ත බලකායක් විසින් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.
 
එහිදී, තමා නිවැරදිකරු බවත්, මෙම කාලයේදී තමා සිටියේ තුර්කියේ බවත් ඔහු කියා තිබුණත්, ඔහුගේ ඝාතන දැකිවෙන වීඩියෝ දර්ශනද ආරක්ෂක අංශ විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
 
ඒ අනුව, මෙම නඩු විභාගය තවදුරටත් කල්තැබී ඇති අතර, ඔහු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top