Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
"හරි උඹ ඕන දෙයක් කර ගනින්, හැබැයි නම කැත කරගෙන ආයේ ගෙදර පැත්ත පළාතේ එන්න එපා කිව්වා.." - මල්කාන්ති ජයසිංහ

- "හරි උඹ ඕන දෙයක් කර ගනින්, හැබැයි නම කැත කරගෙන ආයේ ගෙදර පැත්ත පළාතේ එන්න එපා කිව්වා.." - මල්කාන්ති ජයසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,775 Views
"මම හිටියේ මගේ මතයේමයි, එතකොට මට වයස අවුරුදු 21යි.."
"මගේ තරුණ කාලේ මම කිසිම නළු නිළියෙකුට ආස කළෙත් නැහැ.."
 
වේදිකාව, පුංචි තිරය, සිනමාව මෙන්ම ගුවන් විදුලිය තුළින් ප්‍රේක්ෂකයනට සමීප වු ඇය දශක තුනකට වැඩි කාලයක් සිය රංගන දක්ෂතා මැනවින් නිරූපනය කළ අපූර්ව වූ රංගන වේදිනියකි. විකෘති, මූදු පුත්තු, ධවල භීෂණ, මකරාක්ෂ, මාරක ළිඳේ සවාරියක්, කළුම කළු මහත්තුරු, ඒකාධිපති, මඟුල් කපුවා වැනි වේදිකා නාට්‍ය ගණනාවකින්ද, දොරකඩ මාරාව වැනි චිත්‍රපටි තුලින් ද ටෙලි නාට්‍ය රැසක චරිතයන්ට ජීවය දුන් ඇය ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහයි.

‘‘මම දැන් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 36ක්. ඒක හරි අපූරු ගමනක් පුතේ.’’
 
යැයි ඇය පැවසූ විට මොකක්දෝ හුරු පුරුදු බවක් මසිතටද දැනුණි. සැබවින්ම ඇය දරුවන් දෙදෙනකුට පමණක් නොව තවත් දරුවන් දහස් ගණනකට ආදරණීය මවකි.
 
අපි ඔබ මතකය අතීතයට අරගෙන ගියොත්?
පුංචි කාලේ ඉඳලා නාට්‍ය බලන්න ලොකු ඇල්මක් තිබුණා. ඔය අතරවාරයේදී දවසක් සරසවිය පත්තරේ දාලා තිබුණා සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය වැඩමුළුවකට ළමයි තෝර ගන්නවා කියලා දැන්වීමක්. එදා ළමයි 400ක් විතර ඇවිල්ලා හිටියා. ඒත් වැඩමුළුවට තෝරා ගත්තේ 25 දෙනයි. මොකක්දෝ වාසනාවකට ඒ 25 දෙනා අතරට එදා මාවත් තේරුණා. ඒ 1982 අවුරුද්ද. ඇත්තටම ඒ වැඩමුළුවට මම දායක වුණේ රඟපාන්න තිබුණු ආසාවකට නෙමෙයි. නාට්‍යයක් රසවිඳින හැටි ඉගෙන ගන්න ගිය ශිෂ්‍යාවක් විදිහටයි.
 
ඔය අතරේ දවසක් ධර්මසේන පතිරාජ මහත්තයා ආවා අපේ වැඩමුළුවට. ඒ ආවේ වාර්තා චිත්‍රපටයකට අලූත් ළමයෙක් තෝරා ගන්නත් එදා ඒ වාසනාව මට හිමි වුණා. ඒක රඟපාලා ආවට පස්සේ සෝමලතා සුබසිංහ මහත්මියගේ රන්මලී, කතන්දර දෙකක්. ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි වගේ ගොඩක් නාට්‍යවල රඟපාන්න ලැබුණා. ඒ විදිහට මට ප්‍රසිද්ධ වේදිකාවේ රඟපාන්න ලැබුණේ එවකට හිටපු කලාවේ අති දැවැන්තයෝ එක්ක.
 
මුදු පුත්තු නාට්‍යය සෝමලතා සුබසිංහ මහත්මිය නිෂ්පාදනය කරද්දී මගේ දරුවෝ දෙන්නාට හිටියේ සිරිල් වික්‍රමගේ සහ නිහාල් ප්‍රනාන්දු. ඒ වගේම මගේ ලේලි වුණේ සෝමලතා සුබසිංහ මහත්මිය. මේ අවස්ථාවන් මම දකින්නේ මොකක්දෝ පෙර පිනකට ලැබුණු දේවල් විදිහට.
 
එතැනින් පස්සේ 1995 වසරේදී මට කේ.බී. හේරත් ශූරීන්ගේ ‘දෝන කතිරිනා’ නාට්‍යය වෙනුවෙන් මුලින්ම විශිෂ්ටතම සහය නිළියට හිමි සම්මානය ලැබුණා.
 
87දී සුර අසුර ටෙලි නාට්‍යය දායක වූණා. එතැනින් පස්සේ මට සිනමාවට අවස්ථාව ලැබුණා. වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ මගේ පළමු චිත්‍රපටයෙන්ම මට සම්මාන දෙකක් හිමිවුණා. ජනාධිපති සම්මානය සහ ඕසීඅයිසී සම්මානය 1987 පස්සේ වේදිකාව, සිනමාවට වඩා මට වැඩිපුරම වැඩ කරන්න ලැබුණේ ටෙලිනාට්‍ය එක්ක.
 
එතැනින් පස්සේ මොකද වුණේ ?
ඊට පස්සේ දරුවෝ ලැබුණාම මම කාලයක්ම කලාවෙන් ඈත් වෙලා හිටියා. ටෙලි නාට්‍යය වලින් ඈත් වුණාට මම කවදාවත් වේදිකාව අතෑරලා ගියේ නැහැ. දැනුත් මම පුළුවන් සෑම අවස්ථාවකම වේදිකාව වෙනුවෙන් වැඩ කරනවා. මේ දිනවලත් මගේ වේදිකා නාට්‍යය තුනක් වේදිකාගත වෙනවා. මාරක ළිඳේ සවාරියක්, කුමුදු නිශාන්තගේ කළුම කළු මහත්තුරු, අකිල සපුමල්ගේ මඟුල් කපුවා කියන නාට්‍යය.
 
මට දැනෙන දෙයක් තමයි අද වේදිකාවේ පුංචි තිරයේ, රීදි තිරයේ යමක් කළ හැකියි කියලා සලකුණක් තියපු අය ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම සෝමලතා සුබසිංහ කියන රංගනවේදිනියගේ ගෝලයෝ. වේදිකාවේ විතරක් නෙමෙයි මේ මහ පොළවෙත් හිට ගන්න හැකි කෙනෙක් බවට පත් කළේ ඇය.
 
වේදිකාව තමයි හරි මාවත කියලා එදා හිතෙන්න විශේෂ හේතුවක් තිබුණ ද?
විශේෂ හේතුවක් තිබුණේ නැහැ. කලාවට මාව වැටුණේ අහම්බෙන්. ඇත්තම කියනව නම් මේක දෛවෝපගත සිදුවීමක්. මට ඒ කාලේ එහෙම නිළි පිස්සුවක් තිබුණෙත් නැහැ. කවදාවත් නිළියන්ගේ පින්තූර එකතු කරලත් නැහැ. මගේ තරුණ කාලේ මම කිසිම නළු නිළියෙකුට ආස කළෙත් නැහැ. ඒ අය ගැන හොයන්න ගත්තෙත් කලාවට ආවට පස්සේ. මම කලාවට එනකොට මට අවුරුදු 21යි. තරුණ කාලෙදීම කලාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ගෙදරින් කිසිසේත්ම කැමති වුණේ නැහැ. අදටත් මගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා. එයා අදටත් කවදාවත් නාට්‍යයක් බලන්නේ නැහැ. අම්මයි තාත්තයි එදා තදින්ම විරුද්ධ වුණේ මේ ක්ෂේත්‍රය ගෑනු ළමයකුට සුදුසු තැනක් නෙමෙයි කියලා. ගෙදරින් විරුද්ධ වුණත් මම මගේ තනි මතේම හිටියා. ගෙදරට හිතුවක්කාර වෙලා තමයි මම කලාවට ආවේ. තාත්තා එක දෙයයි කිව්වේ.
 
‘‘හරි උඹ ඕන දෙයක් කර ගනින්, හැබැයි නම කැත කරගෙන ආයේ ගෙදර පැත්ත පළාතේ එන්න එපා’’ කිව්වා. කාලයක් ගියාට පස්සේ එදා මම හිතුවක්කාර වෙලා ගත්ත තීරණ ගැන අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුණා. තරුණ පරපුරටත් මම කියන්නේ හරි විදිහට ගියොත් කලාවේ ඉන්න පුළුවන්. මම කවදාවත් සල්ලි ජනප්‍රියත්වය සැප සම්පත් සොයාගෙන ගිය කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ සාර්ථකත්වය වුණේ ඒක. හැමදාමත් ලැබෙන පුංචි දෙයින් උපරිමයෙන් තෘප්තිමත් වුණ කෙනෙක් මම.
 
1992 ඔබ විවාහ වෙනවා?
ඔහුව මට මුණ ගැහෙන්නේ සෝමලතා සුබසිංහ මහත්මියගේ වැඩමුළුවේදීමයි. නාට්‍ය අංශයේ තාක්ෂණ ශිල්පියෙක් විදිහට වැඩ කරපු නිසා ඔහුට කලාව ගැන මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තිබුණා. විවාහ වෙනකොට මම කලාවට දායක වෙලා හිටියේ නැහැ. මේ හැමදේම ලැබුණේ විවාහ වුණාට පස්සේ. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මම යන ගමනට කවදාවත් බාධා කළේ නැහැ. මම රඟපෑවා කියලා අද වෙනකම් ගෙදර වැඩ දරුවන්ගේ වැඩ කවදාවත් අතපසු කරලා නැහැ.
 
මට දැන් උස්මහත් වූ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා රැකියාවක් කරනවා. දුව උසස් පෙළ හදාරනවා. පුතා පුංචි කාලේ දී නම් රඟපෑවා. දුවත් හඬකැවීම්වලට දායක වුණා. ඒත් ඒ දෙන්නට කලාවට එන්න ලොකු කැමැත්තක් නැහැ. මම බලකරන්නෙත් නැහැ. අම්මා රඟපෑවා කියලා දරුවොත් ඒකම කරන්න ඕනේ නෑනේ. එයාලා යන ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න මම සහයෝගය දෙනවා.
 
පාසල් කාලයේදිත් රංගන කලාව ගැන ලොකු ඇල්මක් තිබුණ ද?
පාසල් කාලේ මම හරිම නිශ්ශබ්ද චරිතයක්. බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුණාට පස්සේ තමයි මල්කාන්ති කියන චරිතය උඩට ආවේ. ඒ වගේම පාසල් කාලේ මම හොඳ ක්‍රීඩිකාවක්. ශාන්ත මරියා විද්‍යාලයේ ඉගෙන ගනිද්දි කලා අංශයේ අවසන් වසරේ පන්තියේ ළමයි එකතු වෙලා නාට්‍යයක් කළා. ඒ කාලේ ඉතින් අපට මේකප් කරන්න දේවල් තිබුණේ නැහැ. මට මතකයි කොණ්ඬේ සුදු කර ගත්තේ පවුඩර් තවරලා. එදා ඒ නාට්‍යයේ පාසල් වේදිකාවේ මට හොඳම නළුවට හිමි සම්මානය ලැබුණා. මම කලේ පිරිමි චරිතයක්. අද ඒවා මතක් කරනකොට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.
 
වසර 37 රංගන ඉතිහාසය ගැන ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
එදා ඉඳලා අද වෙනකම් වසර 37ක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා. මට රඟපාන්න විවිධ චරිත ලැබුණා. එක චරිතයකට විතරක් මම කොටු වූයේ නෑ. මට වැඩිපුරම නපුරු චරිත. වයසක චරිත තමයි කරන්න ලැබුණේ. එක චරිතයකට කොටු වෙන්න ගිය අවස්ථාවනුත් තිබුණා. ඒත් මම තෝරා බේරාගෙන චරිත භාර ගත්තා. අද වෙනකොට මට පුංචි තිරයේ චරිත විශාල සංඛ්‍යාවක් කරන්න ලැබිල තියෙනවා. හැබැයි සිනමාවෙන් නම් මට ලොකුවට අවස්ථා ලැබිලා නැහැ. හේතුවක් කියන්න මම දන්නේ නැහැ.
 
නදීශා අතුකෝරළ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top