Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
"ඡන්දේ ඕනි නම් බස් දෙන්න අපිට යන්න, උදේ ඉඳන් දුක් විඳිනවා.." - මැතිවරණය සඳහා නිවෙස් බලා යාමට නොහැකි වූ මඟින් තවමත් මහමඟ - Video

- "ඡන්දේ ඕනි නම් බස් දෙන්න අපිට යන්න, උදේ ඉඳන් දුක් විඳිනවා.." - මැතිවරණය සඳහා නිවෙස් බලා යාමට නොහැකි වූ මඟින් තවමත් මහමඟ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,874 Views
ඡන්දේ දාන්න ඇවිත් අමාරුවේ වැටෙනවා, කතා කරලා දාන්න එපැයි..
උදේ පාන්දරම ආවේ, තාම බස් එක නෑ, ඡන්දේ විතරයි ඉල්ලන්නේ..
පැය තුනකට වැඩියි, කන්න නැතුව බොන්න නැතුව දුක් විඳිනවා..
 
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත්ව යාමට පැමිණි මගීන් හේතුවෙන් කොළඹ ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පොළේ දැඩි තදබදයක් හටගෙන තිබුණා.
 
අද පෙරවරුවේ සිට මගීන් විශාල පිරිසක් දුම්රිය හා බස් නැවතුම්පොළවලට ද පැමිණෙමින් සිටියා.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල හා මාතර බලා පිටත්වන මගීන් හේතුවෙන් කොට්ටාව - මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ දිගු පෝලිම් දක්නට ලැබුණා.
 
මේ අතර, කොළඹ ගුණසිංහපුර හා බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළවලද මගීන් ගම්බිම් බලා පිටත්වීමට එක්රැස්ව සිටියා.
 
ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේදී පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් සිදුවිය හැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ.
 
කෙසේ වෙතත්, අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය සඳහන් කළේ දුරගමන් බස් සේවා සඳහා කාලසටහන්වලට අමතරව බස් රථ යොදා ඇති බවයි.
 
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් හිදැල්ලආරච්චි මහතා සඳහන් කළේ අද සහ හෙට දිනවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ 150 ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.
 
මේ අතර, ජනාධිපතිවරණය වෙනුවෙන් මගී පහසුව සඳහා දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්තගේ මහතා සඳහන් කරනවා.
 
ඔහු පැවසුවේ අද පස්වරු 7.35 ට කොළඹ - කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර ඇති බවයි.
 
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ හෙට දිනයේදී දුම්රිය ධාවනයේ අඩුවක් සිදුවිය හැකි බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top