Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
අනියම් පෙමක පැටලුණු පස්දරු මවක් වූ සුප්‍රකට රූපලාවන්‍ය ශිල්පිණිය, අභිරහස් ලෙස අවසන් ගමන් ගිය හැටි හෙළි වෙයි - Photos

- අනියම් පෙමක පැටලුණු පස්දරු මවක් වූ සුප්‍රකට රූපලාවන්‍ය ශිල්පිණිය, අභිරහස් ලෙස අවසන් ගමන් ගිය හැටි හෙළි වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,017 Views
"මළසිරුරක් සොයා නොගෙන විභාග වූ නඩු තීන්දුවක්.."
"මේ ඝාතනය ලකොම්බා සිදුකළ බවට සාක්ෂි වලින් පැහැදිලි වෙනවා..."
අධිකරණය හමුවේ ඝාතනයේ සියලු තොරතුරු එළියට එයි..
 
එංගලන්තයේ වුල්විව් අධිකරණය පසුගියදා අපූරු නඩු තීන්දුවක් දුන්නා. එය මිනීමැරුමක් පිළිබඳ පැවති නඩු විභාගයක්.

මෙහි විශේෂත්වය වූයේ මෙය මිනිමැරුමක් වූයේ මෙය මිනීමැරුමක් වුවද ඝාතනය කැරුණු පුද්ගලයාගේ සිරුර සොයා ගෙන නොතිබීමයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කරමින් ඔහු අධිකරණයට ද ඉදිරිපත් කර තිබුණා. ඝාතනය කැරුණු පුද්ගලයාගේ මළසිරුරක් සොයා ගත නොහැකිව තිබියදීත් නඩුව විභාග කළ ජූරි සභාවේ ඒකමතික තීන්දුව අනුව ඔහු වැරදිකරු බවට තීරණය කරනු ලැබුවා.
 
පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව මේ චූදිත අතින් ඝාතනයට ලක්ව ඇත්තේ සුප්‍රකට රූපලාවන්‍ය ශිල්පිණියක් වූ 46 හැවිරිදි සේරා වෙල්ග්‍රීන් නම් පස් දරු මවක්.
 
2019 වසරේ ඔක්තෝම්බර් නව වනදා සේවය අවසන් කළ සිය නිවසට යන විට වේලාව රාත්‍රී 7.57 පමණ වන්නට ඇති. ඒ බව ඒ අසළ සවිකර තිබූ සිසිටීවි කැමරාවේ සටහන් වී තිබුණා. ඉන් පසුව ඇය අබිරහස් ලෙස අතුරුදහන් වී තිබුණා.
 
පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේ යි.
 
සේරා වෙල්ග්‍රීන්ට බෙන් ලකොම්බා දැන හඳුනාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේයි. ලකොම්බා කුලී රථ රියදුරෙක්. එලෙස ඇති වුණු දැන අඳුනාගැනීම ප්‍රේම සබඳතාවයකට පෙරළිමෙන් පසුව විවාහ දිවියට එළඹී ඔවුන් දරුවන් පස් දෙනෙකුගේ මාපියන් වුණා. එහෙත් ඔවුන්ගේ පවුල් ජිවිතය එතරම් සාර්ථක වුණේ නැහැ. දරුවන් පස් දෙනෙකු ලැබුණත් මේ අඹුසැමියන් අතර නිතර ගැටුම් ඇති වුණා.
 
පසුව දෙදෙනා වෙන්වීමට තීරණය කළද එකම නිවසේ ජිවත්වීමට ඔවුන් එකඟ වුණා. ඉන්පසු දෙදනාම තමන්ට හිතුමතේ සිය ජිවිත ගත කළ කල්යාමේදී සේරා වෙල්ග්‍රීන්ගේ ජිවිතයට තවකෙකු ඇතුළු වුණා. ඔහු නීල් ජෙම්ස්.
 
අලුත් පෙම්වතා සමඟ පෙමින් වෙළුණු ඇයට ඉන්පසු අවශ්‍ය වූයේ සිය නිවෙස සඳහටම ඇය සතු කර ගැනීමයි. ඒ සඳහා ඇය නොගත් උත්සහයක් නැහැ.
 
මේ බව දැනගත් ලකොම්බාර බියක් ඇතිවුණා. සේරා හා නීල් විවාහ දිවියට එළඹිමට තීරණය කර ඇති බව දැනගත් ඔහුට සිය බිරිය ගැන ඇතිවූයේ වෛරයක්. මීට දිය යුතු එකම පිළිතුර සේරා ඝාතනය කිරීම බව ලකොම්බා සිතුවා විය හැකියි. ඇය ඉන් පසු ආ ගිය අතක් නැතිවුණා.
 
සේරා ආගිය අතක් නැති බවට ලැබුණූ පැමිණිල්ලකට පොලසිය පරීක්ෂණ ආරම්භ කළා. එහිදි ලකොම්බා ගැන එල්ල වූ සැකයක් නිසා පොලිසිය සේරාගේ නිවස අවට පිහිටි අක්කර 1275ක පමණ ඉඩම් ප්‍රමාණයක් දැඩි සෝදියකට ලක් කළා. ඒ ඇය මරා සිරුර භූමියේ වළ දමා ඇතැයි සැකය මතයි.
 
මේ අතර බෙන් ලකොම්බාගේ හැසිරීම් විලාසයද පොලිසිය නිරික්ෂණය කළා. සේරා අතුරුදහන් වීමෙන් පසු ඔහුගේ හැසිරීම් රටාවේ කිසියම් වෙනසක් ඇති බව නිලධාරින්ට පෙනි ගියා.
 
මේ අතර නිවසේ තිබූ සිසිටීවි කැමරා පද්ධතිය ක්‍රියාවිරහිත වීම, ඔහුගේ කුලිරථය අසල්වැසි නිවෙස්වල සවිකර ඇති කැමරාවලට හසුනොවන ස්ථානවල නතර කිරීම මෙන්ම ඔහුගේ ගරාජය තුළ තිබී සවලක් සොයා ගැනීමත් ඔහුට අයත් දුරකථනය පරීක්ෂා කිරීමට උත්සහ දැරීමෙදි ඔහු එය තේම්ස් නදියට විසි කිරීම යන කරුණූ හේතුකොට ගෙන ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළා.
 
අධිකරණය ඉදිරියේ කරුණූ පැහැදිලි කළ රජයේ නීතිඥවරයා විනිසුරුවරයා අමතමින් කියා සිටියේ සේරාගේ ඝාතකයා ලකොම්බා බව ඔප්පු කිරීමට තරම් කාරණා තමන් සතු බවයි.
 
ඒ අනුව ලකොම්බා විසින් සිසිටීවි කැමරා අක්‍රිය කොට සේරා ඝාතනය කර ඇති බවත් පසුව ඇගේ සිරුර ඔහුගේම කුලී රථයෙන් ගෙන ගොස් ගරාජයේ තිබූ සවලෙන් වළක් හාරා ඇයව වළ දමා ඇති බවත් නීතිඥවරයා කරුණු හෙළි කරන්නට වුණා.
 
එමෙන්ම, මෙම ඝාතනය සිදුවූ දා රාත්‍රීයේ 2.13ත්, 4.27ත් අතර කාලය තුළ ඔහු වෙනදා සිය කුලී රථය නතර කර තබන ස්ථානයේ රම රථය නොතිබූ බවට නිවාස සංකීර්ණය අවට ඇති සිසිටීවි කැමරා දර්ශණවලින් හෙළි වී ඇති බවත් ඔහු අවධාරණය කළා.
 
එම කාලය ලකොම්බා උපයෝගී කරගෙන ඇත්තේ සේරාගේ මළසිරුර රැගෙන ගොස් වළ දැමීමට බව නීතිඥවරයා පෙන්වා දුන්නා.
 
පොලිස් නිලධාරින් ඔහුගේ දුරකථනය ඉල්ලා සිටි අවස්ථාවේ කලබලයට පත් වූ ලකොම්බා තේම්ස් නදියට එය විසිකිරීමෙන් හැඟී යන්නේ යමක් සැඟවීමට තැත් කිරීම බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
 
"මළසිරුරක් සොයාගෙන නොමැති අවස්ථාවක කිසිවකුට ඝාතන චෝදනාවක් එල්ල කර එය ඔප්පු කිරීමට නොහැකියි. ඒත් මේ ඝාතනය ලකොම්බා සිදුකළ බවට සාක්කි වලින් පැහැදිලි වෙනවා. ඒ අනුව මෙය ඉතා සැලසුම් සහගතව කර තිබෙනවා.." යැයි මෙම නීතිඥවරයා සඳහන් කර සිටියා.
 
සියලු කරුණු සලකා බැලූ ජූරිය පැය තුනහමාරක කාලයක් ගත කොට සේරාගේ ඝාතනයට ලකොම්බා වැරදිකරු බවට ඒකමතිකව තීරණය කළා. ඔහුට සිරදඬුවම් නියම කිරීම පසුවට සිදු කෙරුණා.
 
රෝහණ ආර්යරත්න
 

46 හැවිරිදි සේරා වෙල්ග්‍රීන් (පහත ඡායාරූප බලන්න.)


 
ඇගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුම් සිදු කළ හැටි පහතින් බලන්න.



ලකොම්බා අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබූ අයුරු...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top