Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
"රෑ 12.30 ට වැසිකිළි ගිය දරුවා එළියට ඇවිත් සෙම දාන්න ගත්තා.." - පල්ලේවෙල මිය ගිය දරුවා ගැන පියා සාක්ෂි දෙමින් කියයි

- "රෑ 12.30 ට වැසිකිළි ගිය දරුවා එළියට ඇවිත් සෙම දාන්න ගත්තා.." - පල්ලේවෙල මිය ගිය දරුවා ගැන පියා සාක්ෂි දෙමින් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,593 Views
ලෑලි නිවසක බිම නිදාසිටි 6 හැවිරිදි සිඟිති දරුවකු "තෙල් කරවලා" නමැති සර්පයකු විසින් සපා කෑමෙන් මරණයට පත්වීමේ ශෝකජනක පුවතක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති සාක්‌ෂි විභාගයකදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ උඩුබද්දාව පල්ලේවෙල පදිංචිව සිටි වර්ණකුලසූරියගේ නෙතුක සදෙව් නමැති සිඟිත්තෙක් බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධව මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‌ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර එහිදී සාක්‌ෂි දුන් මියගිය සිඟිත්තාගේ පියා වන වර්ණකුලසූරියගේ නුවන් සංජීව (29) යන අය පවසා සිටියේ,

"මියගොස්‌ සිටින්නේ මගේ දෙවැනි දරුවා. පසුගිය16 වැනිදා රාත්‍රි 8.30 ට පමණ අපි හතර දෙනාම නිදාගත්තා. මියගිය පුතා රාත්‍රි 12.30 ට විතර නැඟිටිලා වැසිකිළියට ගිහින් ඇවිත් කටින් සෙම දාන්න ගත්තා. අපි දරුවාව ඉක්‌මනට රෝහලට අරන් ගියා. ඒ වනවිට දරුවාට කල්පනාව තිබුණේ නැහැ. දරුවා කුලියාපිටිය රෝහලටයි අරන් ගියේ. එහිදී ඔහුගේ හෘදය නැවතී තිබූ බව කියා හාට්‌ මසාඡ් එකක්‌ දුන්නා. පසුව දරුවාව 23 වැනිදා කොළඹ ළමා රෝහලට මාරුකළා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා පසුගිය 24 වැනිදා උදේ 8.05 ට විතර මියගියා. මට මරණය ගැන සැකයක්‌ නැහැ. මුල සිටම මාව වෛද්‍යවරුන් දැනුවත් කළා. ඔහු ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව මට කිව්වා. හෘදය නැවතී විනාඩි 5 ක්‌ පමණ තිබූ නිසා මොළයේ සෛල ඒ වනවිටත් මියගොස්‌ ඇති බව වෛද්‍යවරුන් මට පැහැදිලි කර දුන්නා. අපේ නිවස ලෑලි ගැසූ කාමර දෙකක නිවසක්‌. උඩින් තහඩු ගසා තිබෙනවා. අපි නිදාගන්නේ බිම. දරුවාව තෙල් කරවලා නමැති සර්පයකු සපා කා ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දී තිබුණා. නමුත් අපිට සතාව සොයා ගැනීමට හැකි වුණේ නැහැ..."
 
කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. එන්. රාහුල් හක්‌ මහතා විසින් මියගිය සිඟිත්තාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‌ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‌ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මෙම මරණය සර්පයකු කෑමෙන් එම විෂ ශරීරගතවීම හේතුවෙන් සිදුවූ මරණයක්‌ බවට නිගමනය කර තිබෙනවා.
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top