Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
ස්ථාන කිහිපයක අදත් මැතිවරණ නීති කඩ කිරීම් - 83ක් අත්අඩංගුවේ - සමාජ මාධ්‍ය නිරීක්ෂණයට CID මෙහෙයුමක් - Video

- ස්ථාන කිහිපයක අදත් මැතිවරණ නීති කඩ කිරීම් - 83ක් අත්අඩංගුවේ - සමාජ මාධ්‍ය නිරීක්ෂණයට CID මෙහෙයුමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,529 Views
සතියක් ගත වනතුරු නිහඬ කාලය බල පැවැත්වෙනවා..
ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යන්න තහනම්..
කාර්යාල සියල්ල මධ්‍යම රාත්‍රීය වෙද්දි ඉවත් කර ගත යුතුයි..

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමෙන් පසුව ආරම්භ වී ඇති නිහඬ කාලසීමාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
 
පොලිසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකයේ සහය ලබා ගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයට අදාල සියලු ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර මේ වනවිට පවතින්නේ නිහඬ කාල සීමාවයි.

කෙසේවෙතත්, අද දිනය තුලදී නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළ අවස්ථා දිවයිනේ ස්ථාන කිහිපයකින් වාර්තා වුණා.
 
දුම්මලසූරිය - වීරකොඩියාන ප්‍රදේශයේ අද පෙරවරුවේ නිවෙස් වලට ගොස් ප්‍රචාරක අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිසිය පැවසූවේ ඔහු සන්තකයේ තිබී අත්පත්‍රිකා 155ක්, ලියුම් කවර 30ක් සහ ඔහු පැමිණි යතුරු පැදිය පොලිස් භාරයට ගත් බවයි.
 
27 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු මාදම්පේ ප්‍රදේශයේ පාසලක මුරකරුවෙකු ලෙස සේවය කරන්නෙකු බවටද අනාවරණය වී තිබෙනවා.
 
මේ අතර, කොළඹ බාලිකා විද්‍යාලයක සේවය කරන ගුරුවරියක් විසින් ප්‍රචාරක අත්පත්‍රිකා තොගයක් අද එම පාසැල තුල බෙදාහැර ඇති අතර මරදාන පොලිසිය පැමිණ එම පත්‍රිකා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
මේ අතර, අපේක්ෂකයෙකුට එරෙහිව මුද්‍රණය කර තිබූ මඩ පෝස්ටර් තොගයක් මහනුවර - අස්ගිරිය ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිවසක තිබී පොලිසිය අද සොයාගත්තා.
 
පොලිසිය පැවසූවේ එම මඩ පොස්ටර් තොගය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි.
 
ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු වන බවට ලද තොරතුරක් මත මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයට පැමිණ පරීක්ෂාවක් සිදු කළා.
 
අද පෙරවරු 6 වනවිට මැතිවරණ පැමිණිලි 105ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 111ක් පොලිසියට වාර්තා වී ඇති අතර පොලිසිය සඳහන් කළේ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top