ගාල්ල - කරාපිටිය ප්‍රදේශයේදී පළා යාමට උත්සාහ කළ හෙරොයින් ජාවාරම්කරුවෙකුට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වෙඩි තැබීමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෝද්දල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු ඊයේ හෙරොයින් ග්‍රෑම් 30ක් සමඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී පළා යාමට උත්සාහ කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
...