එවැනි එක් සුපිරි තරුවක් තමයි, ශාරුක් ඛාන්. තම බිරිඳ ගෞරී සහ බාල පුතු අබ්රාම් සහ තමන් පෙනී සිටින කළු සුදු ඡායාරූපයක් ට්විටර් පිටුවට ඇතුළත් කළ ශාරුක්, ඉන්දියාවේ මෙන්ම ලොව පුරා විසිරී සිට තම රසික රසිකාවියන්ට දීපවාලී උත්සවය නිමිත්තෙන් සුබ පැතුමක් එක් කළා.
ඡායාරූපය කළු සුදු වුණත් ශාරුක්, ගෞරී සහ පුතු ආබ්රම්ගේ නළල් මත තැඹිලි සහ රතු පැහැයෙන් යුතු තිලක දකින්න ලැබුණා. මෙවැනි තිලක තබන්නේ දීපවාලී උත්සවයේදී පැවැත්වෙන පූජාවකට සහභාගිවීමෙන් පසුවයි.
මේ ඡායාරූපය ඉන්දියාවේ වෙසෙන එක්තරා අන්තවාදී පිරිසකගේ විවේචනයට ලක්වෙලා. මේ අය පවසන්නේ ශාරුක් මුස්ලිම් ජාතිකයෙකු නිසා ඔහුට හෝ පවුලේ සෙසු අයට තිලක තබා දීපවාලී උත්සවයට දායක වීමට අයිතියක් නැති බවයි.
මේ විවේචන, දොස් නැගීම් එන්න එන්නම වැඩි වුණා. කිසිවකු ශාරුක් වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වුණේ නැහැ. නමුත්, මේ අසාධාරණය වෙනුවෙන් නැගී සිටියේ ප්‍රවීණ නිළි ශබානා අස්මියි. ඇයත් උපතින් මුස්ලිම් ජාතික කාන්තාවක්.
ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ශබානා මෙලෙස ප්‍රකාශයක් කළා....
“ශාරුක්ට එරෙහිව නැගුණු විරෝධතා සමාජ ජාලා ඔස්සේ දකින්න ලැබුණා. ඒවා මම කියෙව්වේ හරිම පිළිකුලෙන්. මේ අන්තවාදීන් කියා තිබුණේ නළලේ තිලකයක් තැබුව ශාරුක්, ව්‍යාජ මුස්ලිම් ජාතිකයෙක් කියලයි. අපි හැම ජාතියක්ම එකතු වුණාම තමයි ඉන්දියාව ලස්සන වෙන්නෙ. ගංගා ජමුනා ගංගාවල් වගේ.”