පියාගේ නැඟණියගේ දියණියගේ සැමියා කියන තැනැත්තා අවස්ථා ගණනාවක දී මෙම කුඩා දැරිය දිගින් දිගටම ලිංගික අතවර කිරීම හේතුවෙන් ඇය මේ පිළිබඳව දරාගැනීමට නොහැකිව අසල් වැසියන්ට දැනුම් දීමෙන් පසුව ගලේවෙල පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් 42 හැවිරිදි දෙදරු පියාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා අවස්ථා ගණනාවකදීම මෙම දැරියබලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ඇති බවයි.
දැරිය දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරි වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට 12 දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා මහතා සඳහන් කළා.
මවගෙන් පියාගෙන් වෙන්ව වෙනත් ස්ථානවල රඳවා තබන ගැහැණු දරුවන් පිළිබඳව දෙමවුපියන්ගේ වැඩිහිටියන්ගේ සමාජයේ මීට වඩා වැඩි අවධානයකින් යොමුවිය යුතු බවත් එසේ නොවන කල්හි දී මෙවැනි අපරාධ සිදුවන බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.
මෙම දැරියට සිදු කර ඇති බරපතල ලිංගික අපරාධය පිළිබඳව තවදුරටත් කරුණු සොයා බලා දැරිය අනාරක්ෂිතව තැබූ මවට සහ පියාට ද නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.