නම හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙකු බියට පත්කර මුදල් දී බරපතල ලිංගික අපයෝජනයක් සිදු කරන ලද දහනම හැවිරිදි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
සිසුවාගේ ළඟ පමණට වඩා මුදල් තිබෙනු දුටු පන්ති භාර ගුරුතුමිය ඒ බව විදුහල්පතිවරයාට දැන්වීමෙන් පසු විදුහල්පතිවරයා විසින් කරන ලද ප්‍රශ්න කිරිමේදී සිද්ධිය අනාවරණය වී ඇති අතර පසුව විදුහල්පතිවරයා විසින් පොලිසියට මේ පිළිබඳව දැනුම්දී ඇති බවත් සදහන්.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට වින්දිත සිසුවාගේ පියා මිය ගොස් ඇති අතර මවද විදේශ ගතව සිටින නිසා මිත්තණියගේ නිවසේ නතරව සිටි බව පැවසෙනවා. එසේ සිටියදී සැකකරු අවස්ථා කිහිපයකදී සිසුවාට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර එක් වාරයකට රුපියල් එකසිය පනහක් දී ඇති බවත් සදහන්.
සිසුවා ළඟ පමණට වඩා මුදල් තිබෙනු දුටු ගුරුවරිය ඒ බව විදුහල්පතිවරයාට පැවසීමෙන් පසු නිවසටද ගොස් පරික්ෂා කර ඇති අතර එහිදී සැකකරු විසින් දී තිබූ රුපියල් පන් දහසේ නෝට්ටුවද සිසුවා විසින් ලබා දී ඇති අතර එම පන් දහසේ නෝට්ටුව නඩු භාණ්ඩයක් වශයෙන් පොලිස් බාරයට ගෙන තිබෙනවා.