ඉන්දියාවේ ජනප්‍රිය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. දියණියක් හා පුතුන් දෙදෙනෙක් සිටින අම්බානිගේ නිවසේ ඉරිදා උත්සවයක් පැවැත්වුණා. කාගේත් කතාබහට ලක් වූ උත්කර්ශවත් අන්දමින් පැවති ඒ උත්සවය පවත්වා තිබුණේ ඔහුගේ සහෝදරියගේ දියණිය වෙනුවෙන් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ලේලිය වූ නයනතාරාගේ විවාහයට පෙර පැවති ඒ උත්සවය සඳහා බොලිවුඩ් තරු රැසක් සහභාගී වී තිබෙනවා .
ෂාරුක් ඛාන්, අයිශ්වර්යා රායි බච්චන්, අභිෂේක් බච්චන් සහ ෂාහිඩ් කපූර් ඇතුළු තරු රැසක් මෙම උත්සවයට සහභාගී වී තිබෙන අතර ඉතාමත්ම උත්කර්ෂනිය අන්දමින් මෙම සුපිරි උත්සවය පවත්වා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.