ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සනාථ කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක නිරත වන්නේ මුදලට යටවී බවට උන්වහන්සේගේ විහාරයේ දායකයන් පවසනවා.
මේ අතර සුමංගල හිමියන්ගේ නිකායේ මහ නා හිමියන් අද එම ස්ථානයට වැඩම කර සුමංගල හිමියන්ගේ ක්‍රියාව දැඩිලෙස විවේචනයට ලක්කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට වන ලියවිලි ඔහුගේ නීතිඥයින් විසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර තිබෙන පසුබිමක එම ලියවිලි ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් අද දෙවන දිනටත් උපවාසයේ නිරත වුණා.
අද පස්වරුවේ එම ස්ථානයට පැමිණි සෙයිජින් නිකායේ මහනායක පූජ්‍ය ඉගුරුවත්තේ පියනන්ද හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ පිරිසක් මෙම උපවාසය අවසන් කරන්නැයි ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් උන්වහන්සේ විහාරාධිපතීත්වය දරණ වැලිවේරිය - මණ්ඩාවල - ශ්‍රී නන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දායක සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව අද සාමකාමී විරෝධතාවයක නිරත වුණා.