තාක්ෂණය භාවිත කොට මෙරට කසළ ගැටලුවට එම ප්‍රදේශවලදීම විසදුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පුත්තලම නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් “ සාර්ථක දැක්මක් - වැඩකරන රටක් “ තේමාවෙන් ජනරැලියක් කැකිරාව නගරයේදී පැවැත්වුණා.
රැලියට එක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්.
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ තවත් ජනරැලියක් පැවැත්වුණේ පුත්තලම නගරයේදී.
ජනරැලියට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේයි.
පුත්තලම නගරයේ රැලිය අවසන් වීමෙන් අනතුරුව කුරුණෑගල - වැහැර ක්‍රීඩාංගණයට ගුවනින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එහි රැස්ව සිටි ජනතාව සමග පිළිසදරක නිරත වුණා.
මෙම රැලිය අවසානයේ කුරුණෑගලට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් කුරුණෑගල වැව රවුමේදී රුක් රෝපණ වැඩසටහනකට එක්වුණා.
පරිසර හිතකාමී, කාබන් නිශ්ක්‍රීය ජනාධිපතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලිවලට සමගාමීව “ රටේ පැළවෙන නිදහසේ හුස්ම “ නමින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
අදාළ ව්‍යාපෘතිය හරහා සමස්ත දිවයින ආවරණයවන පරිදි පැළ 30,000ක් සිටුවීමට සැලසුම් කර තිබෙනවා.
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජනරැලිය පැවැත්වුණේ සත්‍යවාදී පිටියේදී.
දේශපාලන නියෝජිතයින්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැලියට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ පස්වරු 4.30ට පමණ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද රැලියට එක්වුණා.
VIDEO